ශ‍්‍රී ලංකා ජාතික ක‍්‍රිකට් කණ්ඩායම යනු ශ‍්‍රී ලංකාව නියෝජනය කරන ජාතික ක‍්‍රිකට් කණ්ඩායමයි. කණ්ඩායම පළමුව ජාත්‍යන්තර කි‍්‍රකට් තරගයකට ...
ශ‍්‍රී ලංකා ජාතික ක‍්‍රිකට් කණ්ඩායම යනු ශ‍්‍රී ලංකාව නියෝජනය කරන ජාතික ක‍්‍රිකට් කණ්ඩායමයි. කණ්ඩායම පළමුව ජාත්‍යන්තර කි‍්‍රකට් තරගයකට සහභාගි වී ඇත්තේ 1926 - 27 වර්ෂයන්වලදීය. එතැන් පටන් ජාත්‍යන්තර තරග රැසකට සහභාගි වූ ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් කණ්ඩායමට වර්ෂ 1981 දී ටෙස්ට් තත්ත්වය හිමි විය. ඒ ටෙස්ට් ක‍්‍රීඩාවෙහි නියැළෙන අට වැනි රට බවට පත්වෙමින්ය. ටෙස්ට් තත්ත්වය හිමි වුවත් එකල ජාත්‍යන්තරය ඉදිරියේ ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් කණ්ඩායම හැඳින්වූයේ තරග ජයග‍්‍රහණය කිරීමට නොහැකි කණ්ඩායමක් වශයෙනි. බොහෝ ජනප‍්‍රිය ක‍්‍රිකට් ක‍්‍රීඩකයෝ සහ විස්තර විචාරකයෝ ප‍්‍රසිද්ධියේ ඒ බව පවසා මෙරට ක‍්‍රිකට් කණ්ඩායමට උසුළු විසුළු පවා කළහ. වසර ගණනක් මෙලෙස පීඩිත තත්ත්වයෙන් සිටියත් 1990 වසරේ සිට ජාත්‍යන්තරය ඉදිරියේ ප‍්‍රබල කණ්ඩායමක් වීමට ශ‍්‍රී ලංකා ජාතික ක‍්‍රිකට් කණ්ඩායමට හැකිවිය. 1996 ක‍්‍රිකට් ලෝක කුසලානය දිනා ගැනීමත් සමග මෙරට ක‍්‍රිකට් කණ්ඩායම ජාත්‍යන්තරයේ ප‍්‍රබලම ක‍්‍රිකට් කණ්ඩායම බවට පත්විය. ලෝක ශූරයන් වීමත් සමග මෙරට බොහෝ අය ක‍්‍රිකට් වලට ආදරය කිරීමට පටන් ගත්හ. සමහරු එය ආගමක් ලෙස වැළඳ ගත්හ. නායකයෝ වෙනස් වූහ. ක‍්‍රීඩකයෝ වෙනස් වූහ. එහෙත් දක්‍ෂතා අඩු වූයේ නැත. සැවොම එකසේ ජාතික හැගීමෙන් රට ගැන සිතා ක‍්‍රීඩා කළහ. ඒ අතර කාලය තුළ ක‍්‍රිකට් ලෝක කුසලාන තුනක අනුශූරයන් වූ අතර 2014 වර්ෂයේදී 20-20 ක‍්‍රිකට් ලෝක කුසලානය ජයග‍්‍රහණය කිරීමට ද හැකිවිය. කලක් එලෙස දක්‍ෂතා අතර සිටි ශ‍්‍රී ලංකා ජාතික කි‍්‍රකට් කණ්ඩායම 2016 වර්ෂයේ සිට පීඩිත තත්ත්වයට පත්වෙමින් සිටී. දැන් එහි උච්ඡුතම අවස්ථාවට පැමිණ ඇත. පෙර මෙන් ක‍්‍රීඩකයන්ගේ එකමුතුකමින් කැපවීමක් දක්නට නොමැත. අද තරගයක් සෙල්ලම් කරන ක‍්‍රීඩකයා හෙට දිනයේ එළියේය. තරගයෙන් තරගයට නවක ක‍්‍රීඩකයෝ කළඑළි බසිිති. එලෙස එක්වන බොහෝ ක‍්‍රීඩකයෝ දක්‍ෂතා දක්වන්නේ ද නැත. ඔහේ සෙල්ලම් කරන්නන් වාලේ සෙල්ලම් කරති. පසුගිය වර්ෂ දෙක තුනක කාලය තුළ මෙරට ක‍්‍රිකට් කණ්ඩායමේ නායකත්වයට ද එලෙසය. තරගයෙන් තරගයට නායකයෝ වෙනස් වෙති. වර්තමානය ජාතික ක‍්‍රිකට් කණ්ඩායමේ සංචිතයේ සිටින ක‍්‍රීඩකයන්ගෙන් භාගයක් පමණ නායක උප නායක තනතුරු දරා තිබේ. මෙම අත්හදාබැලීම් සියල්ලේ අවසානය ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් තවත් වළපල්ලට යෑමම පමණි. ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් මෙලෙස කඩාවැටීමට ප‍්‍රධාන හේතුව හිටපු සභාපතිගේ වරදින් බව සමහරු කියති. තවත් සමහරු පුහුණුකරුට, තේරීම් කමිටුවට, හිටපු ජ්‍යෙෂ්ඨ, නවක ක‍්‍රීඩකයන් පවා දෝෂාරෝපණය එල්ල කරති. එහෙත් එලෙස එක් එක්කෙනාට ඇගිල්ල දිගුකර මෙම ගැටුමෙන් මිදීමට නොහැක. සියලූ දෙනා අතින් වැරදි සිදුවී ඇත. එනම් ක‍්‍රිකට් පරිපාලකයන් සහ ක‍්‍රීඩකයන් අතින්ය. නැවත මෙරට ක‍්‍රිකට් ගොඩගැනීමට නම් සියලූ දෙනාම එකමුතු වී රට ගැන සිතමින් ක‍්‍රීඩා කළ යුතුවේ. ක‍්‍රිකට් පේ‍්‍රක්‍ෂකයෝ ද සිටින්නේ ඉතා කනස්සල්ලෙනි. ඔවුන්ට දැන් ක‍්‍රිකට් එපා වී ඇත. එහෙත් ශ‍්‍රී ලංකා ක‍්‍රිකට්වලට ඇති ආශාව නිසා පරදින බව දැන දැනත් තරග නරඹති. ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් මෙතරම් පීඩිත තත්ත්වයට පත්වී තිබුණත් සමහර ක‍්‍රීඩකයන්ට ඒ ගැන වගේ වගක් නොමැත. ඔවුහු ක‍්‍රිකට් සහ රට ගැන නොසිතමින් තම පෞද්ගලික අරමුණු ඉටුකර ගැනීම සඳහා සෙල්ලම් කරති. ජාතික ක‍්‍රිකට් ක‍්‍රීඩකයකු යනු අන් අයට ආදර්ශයක් වන අයුරින් හැසිරිය යුතු අයෙකි. එහෙත් වර්තමානයේ ජාතික ක‍්‍රිකට් කී‍්‍රඩකයන්ගෙන් එය දක්නට නොමැත. ඔවුහු තරගාවලි සඳහා ඉදිරිපත් වන්නේ සවාරි ගැසීමට සහ විනෝද වීම පිණිසයි. පසුගිය වසර දෙක තුන ඇතුළත දී අපට ඒවා අනන්තවත් දැකගන්නට ලැබුණි. වර්තමානයේ මෙරට සිටින්නේ සුපිරි වෙළෙඳ සංකීර්ණවලින් ඇඳුම් සොරකම් කරන, පුහුණුවීම් වලට සහභාගි නොවී තරුණියන්ගේ පහස සොයා යන, රාත‍්‍රි කාලයේ නිදි වරමින් මත්පැන් පානය කරමින් රාත‍්‍රි සමාජ ශාලාවල හැසිරෙන ක‍්‍රිකට් ක‍්‍රීඩකයන්ය. ජාතික ක‍්‍රිකට් සංචිතයේ සිටින බොහෝ ක‍්‍රීඩකයන් එලෙසය. මෙවැනි ක‍්‍රීඩකයන් සමග ජාත්‍යන්තර තලයේ ක‍්‍රිකට් තරග ජයග‍්‍රහණය කිරීම සිහිනයක්ම පමණි. එක දිගට තරග පරාජය වුවත් මෙම ක‍්‍රීඩකයන්ට කිසිදු දුකක් නොමැත. ඔවුහු සිටින්නේ සතුටින්ය. එයට ප‍්‍රධානම හේතුව වන්නේ තරග පරාජය වුවත් ඔවුන්ට ලැබෙන වරප‍්‍රසාදවල කිසි අඩුවක් නොමැති වීමයි. දැනට වසර දෙකකට පමණ ඉහතදී මෙරටදී ඉන්දියාව සමග ක‍්‍රිකට් තරගාවලියක් පැවැත්වුණි. එහිදී ඉන්දියාව එම තරගාවලියේ කිසිදු තරගයක් පරාජය නොවී ඉතා විශිෂ්ට ලෙස ජය ගත්තේය. ජයග‍්‍රාහී තරගාවලියක් නිමකර තම මවු රටට ගිය ඉන්දියන් ක‍්‍රීඩකයෝ යළි පසුදිනම ක‍්‍රිකට් පුහුණුවීම්වල නිරත වූහ. විශේෂයෙන් විරාත් කෝලි, ඔහු තම ට්විටර් ගිණුමේ ද පුහුණුවීම්වල නියැළෙන පිංතූර පවා දමා තිබුණි. ඒ ඔවුන්ගේ කැපවීමයි. ඉතාමත් දරුණු ලෙස තරගාවලියක් පැරදුන මෙරට ක‍්‍රිකට් ක‍්‍රීඩකයෝ සිදුකළේ කුමක්ද? ඔවුහු දින ගණනක් රාත‍්‍රි සමාජ ශාල වලට ගොස් මත්පැන් පානය කරමින් සාද දමා තිබුණි. එම පිංතූර සමාජ ජාලවල පවා පළවී තිබුණි. මෙවැනි ක‍්‍රීඩකයෝ සිටිනතාක්කල් මෙරට ක‍්‍රිකට් යළි නැංවිය හැකිද? මත්පැන් පමණක් නොව කොකේන් නමැති මත්ද්‍රව්‍ය ද ශ‍්‍රී ලංකා ජාතික ක‍්‍රිකට් කණ්ඩායමේ සමහර ක‍්‍රීඩකයෝ පානය කරන බවට චෝදනා එල්ලවී තිබේ. කොකේන් නමැති අති භයානක මත්ද්‍රව්‍ය දැන් මෙරට ද සුලභව දක්නට ලැබේ. පසුගිය දිනවල මෙරට මැති ඇමැතිවරු ප‍්‍රබල පෙළේ ව්‍යාපාරිකයෝ, නළු නිළියෝ සහ මාධ්‍යවේදියෝ ද මේවා පානය කරන බවට චෝදනා එල්ල වූහ. ප‍්‍රසිද්ධියේ ඒ පිළිබඳව බොහෝ අය කතා කළහ. එලෙස වසංගතයක් ලෙස බෝවී ඇති කොකේන් මත්ද්‍රව්‍ය මෙරට ජාතික ක‍්‍රිකට් කණ්ඩායමේ ප‍්‍රසිද්ධ ක‍්‍රීඩකයන් කිහිප දෙනෙක් පානය කිරීමට ඇබ්බැහි වී ඇති බව දැනගන්නට ලැබේ. එලෙස කොකේන් භාවිතයට ඇබ්බැහි වූ එක් කී‍්‍රඩකයෙක් පසුගිය දකුණු අප‍්‍රිකා සංචාරයට ද එකතු වී තිබුණි. මෙම ක‍්‍රීඩකයා ගැන සමාජ වෙබ් අඩවි ජාලවලද විශාල ලෙස කතා බස් කෙරුණි. ඒ ඔහුගේ දක්‍ෂතා ගැන නම් නොවේ. අදක්‍ෂතා ගැනයි. එකල තරග දිනවන්නෙකු ලෙස හැඳින්වූ ඔහු වර්තමානයේ තරග පරදවන්නෙකු ලෙස නම් දරා තිබේ. ශ‍්‍රී ලංකා ජාතික ක‍්‍රිකට් කණ්ඩායමේ සමහර ක‍්‍රීඩකයන් මෙලෙස කොකේන් භාවිතයට ඇබ්බැහි වී සිටී නම් ඉදිරියේදී මෙරටින් ක‍්‍රිකට් ක‍්‍රීඩාව නැත්තටම නැතිවී යනු ඇත. අදාළ බලධරයනි මේ ගැන සොයා බලා ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් රැක දෙන්න.
ගයාන් සමරසිංහ දිවයින
COMMENTS