දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
"වෙසක් පෝයට පෙර කසිප්පු මෙරටින් තුරන් කරන්න" - ජනපතිගෙන් රතු එළියක්
Homeප්‍රවෘත්ති

"වෙසක් පෝයට පෙර කසිප්පු මෙරටින් තුරන් කරන්න" - ජනපතිගෙන් රතු එළියක්

PropellerAds

වෙසක් පෝයට පෙර එනම් ඉදිරි මාස තුන ඇතුළත කසිප්පු මත්ද්‍රව්‍යය රටින් තුරන් කිරීමට කටයුතු නොකළොත් පොලීසිය වැඩබැරි ආයතනයක් ලෙස සළකන බව ජනාධිපත...

මහින්දලා රනිල්ලා එක්ක අවුරුදු 76ක් හිටි ජනතාවට මාස හයක් රිලවු එක්ක ඉන්න බැරිකමක් නෑ…! – ඇමති බිමල්
අධිකරණ ඇමති පක්‍ෂයෙන් අවසර නැතිව බෑ කියා කිෂානි අලංකිට කියලා..
අනුරට විකල්පය සජිත් කියලා රට පිළිගන්නේ නෑ… අලුත් පරම්පරාවට සජිත් විහිළුකාරයෙක්…! – පාඨලී…

වෙසක් පෝයට පෙර එනම් ඉදිරි මාස තුන ඇතුළත කසිප්පු මත්ද්‍රව්‍යය රටින් තුරන් කිරීමට කටයුතු නොකළොත් පොලීසිය වැඩබැරි ආයතනයක් ලෙස සළකන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පැවසීය.

ත්‍රස්තවාදීන් පරාජය කළ ත්‍රිවිධ හමුදාවට හා පොලීසියට කසිප්පු පාලනය කිරීම පහසු කටයුත්තක් බවද ජනාධිපතිවරයා කීවේය.

ජනාධිපතිවරයා මේ බව පැවසුවේ බත්තරමුල්ල වෝටර්ස් ඒජ් හිදී ඊයේ (5) ඇරඹී මත්ද්‍රව්‍ය පාලනය සදහා නව ජාතික සැලැස්මක් සැකසීමේ සමුළුව අමතමිනි.

මත්ද්‍රව්‍ය මර්දනය, නිවාරණය සහ පාලනය සදහා ජාතික වශයෙන් කි්‍රයාත්මක කිරීමට නියමිත නව වැඩපිළිවෙළ හෙට රටට හදුන්වා දෙන බව ජනාධිපතිවරයා පවසයි.

හෙට පෙරවරුවේ මාධ්‍ය ආයතන ප්‍රධානීන් සමග පැවැත්වෙන සාකච්ඡාවේ දී එම වැඩපිළිවෙළ පිළිබද හදුන්වාදීමක් සිදුකරන බව ජනාධිපතිවරයා සදහන් කළේ ය.

මෙහි දී අදහස් දැක්වූ ජනාධිපතිවරයා වැඩිදුරටත් කියා සිටියේ ති්‍රවිධ හමුදාවේ, පොලිසියේ සහ රේගු, සුරාබදු, වෙරළාරක්ෂක යන සියලූ ආයතනවල මනා සම්බන්ධීකරණයෙන් යුතු ව කි්‍රයාත්මක කරන එම නව වැඩපිළිවෙළ මගින් මත්ද්‍රව්‍ය මර්දනය වෙනුවෙන් රජය ගෙන යන වැඩපිළිවෙළේ වඩා අලූත් පියවර රටටත්, ජනතාවටත් දැක ගැනීමට හැකිවනු ඇති බවයි.

නීතිවිරෝධි මත්ද්‍රව්‍ය ජාවාරම මැඩලීමට අදාළ නීති රීති කි්‍රයාත්මක කිරීමේ දී මානව හිමිකම් පිළිබද කතාකරන ඇතැම් පිරිස් විසින් සිදුකරන බාධාවන් පිළිබදව ද මෙහිදී අදහස් දැක්වූ ජනාධිපතිවරයා කියා සිටියේ රටක් යහපත් රටක් ලෙස ගොඩනැගීමට නම් ප්‍රතිපත්ති, දර්ශනයන් මෙන්ම දණ්ඩනය ද කි්‍රයාත්මක විය යුතු බවයි.

විනයගරුක සමාජයක් හා යහපත් සංස්කෘතියක් පිළිබද අපගේ පෞඩ ඉතිහාස කතාව ලියැවී ඇත්තේ අතීතයේ ද අධ්‍යාත්මික වටිනාකම් සමග දණ්ඩනය ද කි්‍රයාත්මක වූ නිසා බව ජනාධිපතිවරයා සිහිපත් කළේය.

ග්‍රාමීය වශයෙන් ව්‍යාප්ත ව ඇති නීති විරෝධි මත්පැන් මර්දනය වෙනුවෙන් කි්‍රයාත්මක වැඩපිළිවෙළ පිළිබදව ද අදහස් දැක්වූ ජනාධිපතිවරයා ලබන වෙසක් පොහොය දිනය වන විට ග්‍රාමීය වශයෙන් පවතින නීති විරෝධි මත් පැන් මුලිනුපුටා දැමීමේ වැඩපිළිවෙළ අවසන් කළයුතු බවට පොලිස්පතිවරයා වෙත උපදෙස් දුන්නේ ය.

මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවූවන් පුනරුත්ථාපනය සදහා තම මගපෙන්වීමෙන් ස්ථාපනය කෙරුණු විශේෂ අධිකාරියෙහි කටයුතු ද ඉදිරි මාස 03 තුළ කි්‍රයාවට නංවන බව ජනාධිපතිවරයා ප්‍රකාශ කළේය.

නීති විරෝධි මත්ද්‍රව්‍ය ජාවාරම පිටුදැකීම හා නිවාරණය උදෙසා විද්‍යාත්මක ක්‍රමෝපායන් පුථල්ව සමබරව සහ මනා සම්බන්ධීකරණයකින් යුතුව යොදාගැනීම පිළිබදව මෙම විද්වත් සමුථවේ දී පුථල් වශයෙන් අවධානය යොමු කෙරේ.

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29297,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: "වෙසක් පෝයට පෙර කසිප්පු මෙරටින් තුරන් කරන්න" - ජනපතිගෙන් රතු එළියක්
"වෙසක් පෝයට පෙර කසිප්පු මෙරටින් තුරන් කරන්න" - ජනපතිගෙන් රතු එළියක්
http://am.lk/media/k2/items/cache/14fa56b9d277f79e449c9fea58ad78b9_S.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2019/03/blog-post_886.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2019/03/blog-post_886.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy