දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
ටැරන්ට් ආයුධ මිලට ගත්තෙ අන්තර්ජාලයෙන්ලු නඩුවට නීතීඥයින් එපා කියා තමන්ම ඉදිරිපත්වේ පුතා කළ වැඩේ ගැන සමාවෙන්න - මිත්තණිය ඉල්ලයි
Homeගොසිප්

ටැරන්ට් ආයුධ මිලට ගත්තෙ අන්තර්ජාලයෙන්ලු නඩුවට නීතීඥයින් එපා කියා තමන්ම ඉදිරිපත්වේ පුතා කළ වැඩේ ගැන සමාවෙන්න - මිත්තණිය ඉල්ලයි

PropellerAds

ප සුගියදා නවසීලන්තයේ ක්‍රයිස්චර්ච්හි මුස්ලිම් ජාතිකයින් සමූල ඝාතනය කළ බ්‍රෙන්ටන් ටැරන්ට්ගේ පවුලේ අය මියගිය සියලු දෙනා වෙනුවෙන් සමාව ඉල්ලා ත...

පර්පෙචුවල් ට්‍රෙෂරීස් FM නාලිකාව ඇරඹේ
National Assembly of SLFP Youth Front
එජාප මහලේකම් පදවිය අකිලට දෙන්න යන කතාව
සුගියදා නවසීලන්තයේ ක්‍රයිස්චර්ච්හි මුස්ලිම් ජාතිකයින් සමූල ඝාතනය කළ බ්‍රෙන්ටන් ටැරන්ට්ගේ පවුලේ අය මියගිය සියලු දෙනා වෙනුවෙන් සමාව ඉල්ලා තිබෙනවා.
මේ වනවිට නවසීලන්තයේ රක්ෂිත බන්ධනාගාරයේ පසුවන තම පුත්‍රයා කළ ක්‍රියාව හෙළා දකින බව ටැරන්ට්ගේ සීයා හා ආච්චී ඕස්ට්‍රෙලියානු මාධ්‍ය වෙත අදහස් දක්වා තිබේ.
'අපට මේ ගැන අසා කරකියාගන්න දෙයක් නැතිවුනා. හිතාගන්නවත් බෑ..සමාව හැර වෙන යමක්
ඉල්ලන්න අපට හැකියාවක් නෑ.' 81 හැවිරිදි මිත්තණිය වන ෆිට්ස්ජෙරල්ඩ් මහත්මිය පැවසුවාය.
මේ වනවිට ටැරන්ට්ගේ මව හා නැගණිය ඕස්ට්‍රෙලියානු පොලිස් ආරක්සාව යටතේ නිවසක රඳවා සිටින අතර ඔවුන්ට මාධ්‍ය ඉදිරියට ඒමට අවස්ථාවක් ලබාදී නැත.

නවසීලන්තයේ නීතිය අනුව වයස 18 පිරෙන ඕනෑම අයෙකුට ආයුධ පරිහරණ බලපත්‍රයක් සීමා කොන්දේසි යටතේ ලබාගත හැකි අතර එම බලපත්‍ර ලබාදෙන්නේ පුද්ගලයෙකුට මිස ආයුධ වලට නොවන බවද වාර්තාවී තිබේ. ඊයේ අනාවරණය වූයේ මෙම ලිහිල් නීතිය උපයෝගී කරගෙන ටැරන්ට් නවසීලන්තයේදී ආයුධ ලබාගෙන තිබෙන බවත් ඔහු ඉතාම පහසුවෙන් අන්තර්ජාලය හරහා එම ආයුධ ඇනවුම් කර ඇති බවත්ය.
නවසීලන්තය තුළ පවතින ගිනිඅවි නීති ප්‍රතිසංශෝධනය කිරීම සඳහා සිය කැබිනට් මණ්ඩලය තීරණය කළ බව එරට අගමැතිනි ජසින්ඩා ආර්ඩෙන් ඊයේ (18දා) මාධ්‍ය වෙත පැවසුවාය.
 "මේ භයංකාර ත්‍රස්තවාදී ප්‍රහාරයෙන් දින 10කට පස්සේ අපිට හැකි වේවි නවසීලන්තයේ අලුත් ගිනිඅවි නීති මොනවාද කියලා ප්‍රකාශට පත් කරන්න. ඒ හරහා අපිට අපේ සමාජය වඩාත් ආරක්ෂිත  කරන්න හැකිවේවි කියලා අපි විශ්වාස කරනවා."
ඇය කියා සිටියාය.
ප්‍රධාන ප්‍රහාරය එල්ල කළ බ්‍රෙන්ටන් ටැරන්ට්  පිළිබඳව නවසීලන්ත බුද්ධි අංශ වෙත මීට පෙර කරුණු වාර්තා නොවීම සම්බන්ධයෙන් පවතින ගැටලුවටද පිළිතුරු අපේක්ෂා කරන බවද අගමැතිවරිය සඳහන් කර තිබේ.  වෙඩික්කරුවා එම ප්‍රහාරය එල්ල කිරීම සඳහා භාවිත කළ අර්ධ ස්වයංක්‍රීය ගිනිඅවි දෙක, ෂොට් ගන් දෙක සහ අනෙකුත් ගිනිඅවි සියල්ල නවසීලන්තෙයේ පවතින ගිනිඅවි නීතියට යටත්ව ඔහු ඒවා අන්තර්ජාලය හරහා මිලදී ගෙන ඇත.

 ගිනිඅවි නීතියට අනුව මිලදී ගත හැකි පළමු කාණ්ඩයට අයත් ගිනිඅවි ලෙස අර්ධ - ස්වයංක්‍රීය ගිනිඅවි පවතී. එහෙත් එය එක්වරකට වෙඩි උණ්ඩ හතක් පමණක් නිකුත් කළ හැකි ලෙස සීමා වී තිබේ. කෙසේ වෙතත් මෙම වෙඩික්කරු සිය ප්‍රහාරය සම්බන්ධයෙන් නිකුත් කර ඇති විඩියෝ විශාල උණ්ඩ ප්‍රමාණයක් දැකගත හැකිවීම නිසා ඔහු කිසියම් අවිදිමත් ක්‍රමයකට මේවා ලබාගෙන ඇති බවටද සැක පහළවී ඇත.

මේ අතර නවසීලන්තයේ විශාලතම ගිනිඅවි අලෙවි සල්පිල ලෙස සැලකෙන, ඕක්ලන්ඩ්හි කුමේයු යුදහමුදා සංදර්ශනය අත්හැර දැමීමටද එහි සංවිධායකයන් පියවර ගෙන ඇත.

 එරටදී ඇතිවුණු මෙම සමූල ඝාතන සිදුවීමත් සමග ගිනිඅවි සම්බන්ධයෙන් පැන නැගී ඇති ආරක්ෂක අවදානම මේ සඳහා හේතුව වී ඇතැයි ඔවුන් පවසයි.
මෙම ප්‍රහාරයෙන් මිය ගිය සංඛ්‍යාව මේ වනවිට 50 දක්වා ඉහළ නැග ඇත. එසේම තවත් 40 ගණනක් රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටියි. ප්‍රහාරය එල්ල කළ ඔස්ට්‍රේලියානු ජාතික බ්‍රෙන්ටන් සම්බන්ධයෙන්ද ඔස්ට්‍රේලියාවේ සිදුකරන පරීක්ෂණද මේ වනවිට ආරම්භ වී ඇත. එහිදී ඔහු නවාතැන් ගත් නිවාස කිහිපයක්ද පරීක්ෂාවට ලක්කර තිබේ.

 අධිකරණයේ පැවැත්වෙන නඩු විභාගයේ මීළඟ නඩු වාරය ලබන අප්‍රේල් පස්වැනිදා දක්වා කල් තැබීමක්ද සිදුවිය. ඔහු අත්අඩංගුවට පත්ව සිටින අවස්තාවේ ඡායාරූප මාධය මගින් ලබාගනිද්දී විලංගු දැමූ අත මෑත් කර 'ඕකේ' සලකුණ පෙන්වා සිටීම ගැනද මාධ්‍ය තුළ කතාබහක් ඇති විය.
මෙහිදී ඔහු වෙනුවෙන් ඉදිරිපත්  වුණු නීතීඥයාගේ සේවයද ප්‍රතික්ෂේප කර ඇති අතර බ්‍රෙන්ටන් තමා වෙනුවෙන් තමන්ම ඉදිරිපත් වන බව අධිකරණයට පවසා ඇත.


Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29316,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: ටැරන්ට් ආයුධ මිලට ගත්තෙ අන්තර්ජාලයෙන්ලු නඩුවට නීතීඥයින් එපා කියා තමන්ම ඉදිරිපත්වේ පුතා කළ වැඩේ ගැන සමාවෙන්න - මිත්තණිය ඉල්ලයි
ටැරන්ට් ආයුධ මිලට ගත්තෙ අන්තර්ජාලයෙන්ලු නඩුවට නීතීඥයින් එපා කියා තමන්ම ඉදිරිපත්වේ පුතා කළ වැඩේ ගැන සමාවෙන්න - මිත්තණිය ඉල්ලයි
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgGM8pKNbPLrwPUoTaCEB3kUAzGtyZfFosJuYYyEow6w5x6K5JwJDFGOJWpHAXuFtRGjpLQpGpOQL1WPBxdj8dR87Zo_TjVtkEo2xjjnIqyNJvLamNF-21GpviJwwbunNoi7l27pRCF3Ws/s1600/gossiplanka_2019-03-19-2221.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgGM8pKNbPLrwPUoTaCEB3kUAzGtyZfFosJuYYyEow6w5x6K5JwJDFGOJWpHAXuFtRGjpLQpGpOQL1WPBxdj8dR87Zo_TjVtkEo2xjjnIqyNJvLamNF-21GpviJwwbunNoi7l27pRCF3Ws/s72-c/gossiplanka_2019-03-19-2221.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2019/03/blog-post_817.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2019/03/blog-post_817.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy