තමන් විරුද්ධ පක්ෂයේ සිටියත් ආණ්ඩුවේ යහපත් වැඩ වෙනුවෙන් ඕනෑම මොහොතක සහාය ලබාදෙන බව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක මහින්ද අමරවීර මහතා පවසයි. ඒ ම...
තමන් විරුද්ධ පක්ෂයේ සිටියත් ආණ්ඩුවේ යහපත් වැඩ වෙනුවෙන් ඕනෑම මොහොතක සහාය ලබාදෙන බව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක මහින්ද අමරවීර මහතා පවසයි.
ඒ මහතා මේ බව පැවසුවේ දෙවන දිනට අයවැය විවාදයට එක්වෙමිනි.
මන්ත්‍රීවරයා එහිදී පැවසුවේ ආණ්ඩුවේ "එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා" සහන ණය වැඩසටහනෙන් යම් ප්‍රගතියක් අත්කර ගතහැකි බවත් එය මෙරට දියුණු කිරීමට හේතුවක් වන බවත්ය.
කෙසේවෙතත් අද වනවිට රටේ ඒක පුද්ගල ණය ප්‍රමාණය රුපියල් 417,000 ඉක්මවා ගොස් ඇති බවත් අවශ්‍ය දේවල්වලට අනවශ්‍ය දේවල් සඳහාත් ශ්‍රී ලංකාව විශාල ප්‍රමාණයෙන් ණය ගෙන ඇති බවත් ඒ මහතා පෙන්වා දුන්නේය.
එමෙන්ම වැසිකිළි නොමැති, සනීපාරක්ෂක පහසුකම් නොමැති පවුල් සඳහා එම පහසුකම් ලබාදීමට මෙවර අයවැයෙන් මුදල් වෙන්කිරීම දේශපාලන හේතූන් මත කළත් එය යහපත් දෙයක් බවත් මහින්ද අමරවීර මහතා සඳහන් කළේය.
විපක්ෂයට යාමෙන් තනතුරු නැතිවීම සම්බන්ධයෙන් තමන්ට කිසිදු ප්‍රශ්නයක් නොමැති බව පැවසූ ඒ මහතා රට ඉදිරියට ගෙනයන වැඩපිළිවෙලක් සකස් කරන ලෙස ආණ්ඩුවෙන් ඉල්ලා සිටින බවත් තමන්ගේ සම්පූර්ණ සහාය ඊට හිමිවන බවත් අවධාරණය කළේය.
මේ අනුව අයවැය සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සහාය හිමිවන ලකුණු පහළ වී තිබේ. මේ පිළිබඳ යම් ඉඟියක් පසුගියදා දුමින්ද දිසානායක මහතා විසින් ද ලබාදී තිබිණි.
COMMENTS