මෙරට සිදුවූ බරපතල මූල්‍ය වංචා සහ අපරාධ නඩු විභාග කිරීම සඳහා පිහිටුවන විශේෂ මහාධිකරණ පද්ධතියේ දෙවන විශේෂ මහාධිකරණය අද(14) දින කොළඹ මහාධිකරණ...
මෙරට සිදුවූ බරපතල මූල්‍ය වංචා සහ අපරාධ නඩු විභාග කිරීම සඳහා පිහිටුවන විශේෂ මහාධිකරණ පද්ධතියේ දෙවන විශේෂ මහාධිකරණය අද(14) දින කොළඹ මහාධිකරණ පරිශ්‍රයේ ස්ථාපිත කර තිබේ.
ඒ අධිකරණ සහ බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍ය නීතිඥ තලතා අතුකෝරළ මහත්මියගේ ප්‍රධානත්වයෙනි.
දෙවන විශේෂ මහාධිකරණය සඳහා විනිසුරුවරුන් සහ අවශ්‍ය අනෙකුත් සෙසු නිලධාරීන් ද, මේ වන විට පත් කර තිබේ.
පසුගිය කාල වකවානුවේ සිදුවූවේ යැයි කියන බරපතල මූල්‍ය වංචා සහ අපරාධ නඩු එක දිගට විභාග කෙරෙන විශේෂ මහාධිකරණ පද්ධතියේ පළමුවැන්න පසුගිය වසරේ අගෝස්තු 21 වන දින සිට ක්‍රියාත්මක වේ.
2018 වසරේ මැයි මස 9 වනදා පාර්ලිමේන්තුවේ සම්මත වූ අධිකරණ සංවිධාන (සංශෝධන) පනත අනුව මෙවන් විශේෂ මහාධිකරණ ත්‍රිත්වයක් පිහිටුවීම සඳහා රජය පියවර ගෙන තිබෙනවා. මූල්‍ය වංචා සහ අපරාධ සම්බන්ධ නඩු කටයුතු විභාග වීමේ දී ඇතිවන දීර්ඝ ප්‍රමාදය අවම කරවා ගැනීම මෙවැනි විශේෂ මහාධිකරණ පිහිටුවීමේ අරමුණ බවයි රජය පවසයි.
මූල්‍ය වංචාවක් සම්බන්ධව හිටපු ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී ගාමිණී සෙනරත් මහතාට එරෙහිව සහ ඞී.ඒ. රාජපක්‍ෂ ස්මාරකය ඉදිකිරීමේදී මුදල් අවභාවිත කළ බවට චෝදනා කරමින් හිටපු ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ මහතා ඇතුළු හත්දෙනෙකුට එරෙහිව පළමුවන විශේෂ මහාධිකරණය හමුවේ නඩු පවරා මේ වන විට විභාගවෙමින් පවතියි.
COMMENTS