දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
රාජපක්ෂ පවුලේ ආශිර්වාදය මැද ගෝඨා තම ඉදිරි සැලසුම් හෙළිකරයි
Homeප්‍රවෘත්ති

රාජපක්ෂ පවුලේ ආශිර්වාදය මැද ගෝඨා තම ඉදිරි සැලසුම් හෙළිකරයි

PropellerAds

"අපි එදා 2005 දී බාරගත්තේ මීට වඩා අභියෝගාත්මක රටක්, එදා මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ නිවැරදි නායකත්වය, තීරණ ගැනීමේ හැකියාව නිසා ඒ අභියෝග...

ජනාධිපතිවරණයෙන් ජය ගන්න හැටි ලිඛිතව පෙන්වන්නැයි අගමැති සජිත්ට කියයි
එළුග තමිල් (පිබිදෙවු දෙමළුනි) උතුරේ ජයටම
ඇල්පිටිය ජය ගැනීම නොවේ මට වැදගත් ජනාධිපති අපේක්‍ෂකත්වයයි - සජිත් කියයි
රාජපක්ෂ පවුලේ ආශිර්වාදය මැද ගෝඨා තම ඉදිරි සැලසුම් හෙළිකරයි

"අපි එදා 2005 දී බාරගත්තේ මීට වඩා අභියෝගාත්මක රටක්, එදා මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ නිවැරදි නායකත්වය, තීරණ ගැනීමේ හැකියාව නිසා ඒ අභියෝග වලට මුහුණ දීලා ඒවා සාර්ථක ලෙස ජයගත්තා. ඒ අනුව තමයි අවුරුදු 30 ක් තිබුණු යුද්ධය අවුරුදු 3 ක් වැනි කෙටි කාලයක දී අවසාන හැකි වුණේ" යැයි හිටපු ආරක්ෂක  ගෝඨාභය රාජපක්ෂ මහතා පැවසීය.

ඒ මහතා බදුල්ල තැපැල් ශ්‍රවණාගාරයේ දී පැවති එළිය වැඩසටහනට එක් වෙමින් මෙසේ අදහස් දැක්වීය.

එහිදී ඒ මහතා මෙසේ අදහස් දැක්විය.

"අද වන විට කඩා වැටී ඇති ආර්ථිකය ඉදිරියේ දී ගොඩගන්නේ කොහොමද කියන එක තමයි අපට තියෙන අභියෝගය. ඒ වගේම කියන්න අවශ්‍යයි අපි එදා 2005 දී බාරගත්තේ මීට වඩා අභියෝගාත්මක රටක්, එදා මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ නිවැරදි නායකත්වය, තීරණ ගැනීමේ හැකියාව නිසා ඒ අභියෝග වලට මුහුණ දීලා ඒවා සාර්ථක ලෙස ජයගත්තා. ඒ අනුව තමයි අවුරුදු 30 ක් තිබුණු යුද්ධය අවුරුදු 3 ක් වැනි කෙටි කාලයක දී අවසාන හැකි වුණේ. ඒ වගේම අභියෝගයක් තමයි අපි ඉදිරිපිට අදත් තියෙන්නෙ. කොහොම නමුත් නිසි නායකත්වයක්, නිවැරදි තීරණ ගැනීමේ හැකියාවක්, සැලසුම් ක්‍රියාත්මක කිරීමේ හැකියාවක් තියෙනවා නම් අපිට ඕනෑම අභියෝගයකට මුහුණ දෙන්න පුළුවන්. අද අපේ හැම දෙනාගේම අවශ්‍යතාව ජීවත්වීමේ අයිතිය. මේ රටේ සිටින සිංහල, දෙමළ, මුස්ලිම් සියලු දෙනාටම ගෞරවණීය ලෙස ජීවත්වීමට හැකියාවක් තිබෙන්නට අවශ්‍යයි. ඒකට නිසි ආදායමක් තියෙන්නත් අවශ්‍යයි. බස්නාහිර පළාතෙන් බැහැරව ගත්විට සෑම පළාතකම පාහේ බහුතර ජනතාවක් දරිද්‍රතාවයෙන් පෙළෙනවා. එදා අපි රටේ සෑම පෙදෙසකම යටිතල පහසුකම් දියුණු කළේ මෙන්න මේ ජනකොටසේ ජීවන මට්ටම ඉහළ ගන්න. ඔවුන්ගේ ජීවන මට්ටම ඉහළ ගන්න නම් ඔවුන්ව බලවත් කළ යුතුයි. ඔවුන් බොහෝ දෙනෙක් මේ මට්ටමට වැටිලා තියෙන්නේ ඔවුන්ට රැකියාවක් කරගන්නට, ව්‍යාපාරයක් කරගන්නට නිසි නිපුණතාවක් නැති නිසා බවයි මට හැගෙන්නේ. අපේ රජයක යුතුකම වන්නේ ඔවුන්ට සුදුසු රැකියාවක් ලබාදෙනවා වගේම ඔවුන්ට නිසි අධ්‍යාපනයක්, නිපුණතාවක් ලබාදීමයි."

"වර්තමානයේ මේ රටේ දේශීය කර්මාන්තකරුවා, ගොවි ජනතාව අපහසුතාවට පත්වෙලා තියෙන්නේ කිසිම පාලනයකින් තොරව විවෘත ආර්ථික ප්‍රතිිපත්ති ක්‍රියාත්මක කිරීම හේතුවෙන්. ලෝකයේ විවිධ රටවල් ඉදිරියට යන විට විවෘත ආර්ථිකය ප්‍රයෝජනයට ගත්තා. නමුත් ඔවුන් ඒවා ක්‍රියාත්මක කළේ යම් යම් පාලනයන් ඇතිව. තමන්ගේ රටට අවශ්‍ය ආකාරයට ඒවා සකස් කරගත්තා. එදා අපේ රටේ තිබුණු දේශීය කර්මාන්ත පවා විනාශ වුණේ විවෘත ආර්ථිකය පාලනයක් නොමැතිව ක්‍රියාත්මක වීමනිසා. අද වන විට වර්තමාන රජයේ ප්‍රතිපත්ති නිසා කුඩා දේශීය කර්මාන්තකරුවන් සම්පූර්ණයෙන්ම අතරමං වී තිබෙනවා. දේශීය කර්මාන්තකරුවා අපි ආරක්ෂා කළ යුතුයි. ඔවුන්ට නවීන තාක්ෂණික ක්‍රම හඳුන්වා දිය යුතුයි. ලෝක වෙළඳපොලේ තරග කරන්න පුළුවන් මට්ටමට ඔවුන්ගේ නිපැයුම් දියුණු කළයුතුයි. අද, විදේශ විනිමය විශාල ලෙස රටින් පිටට යනවා. ඒ වගේම විශාල රැකියා ප්‍රමාණයක් අපේ ජනතාවට අහිමි වී තිබෙනවා. ලක්ෂ ගණනක රැකියා ප්‍රමාණයක් අනතුරට පත්වෙලා තිබෙනවා. මේ සිල්ලමට හේතුව පාලනයකින් තොරව රටේ ආර්ථික ප්‍රතිපත්ති පවත්වාගෙන යාම. කෘෂිකර්මාන්තයේ සෑම ක්ෂේත්‍රයක්ම පාහේ අද කඩාවැටිලා. වත්මන් රජය ඒ පිළිබඳව කිසිම අවධානයක් යොමුකර නෑ. එදා යුද්ධය පැවතුණ කාලයේ දී පවා පොහොර සහනාධාරය ලබාදුන් නිසා අපට හැකි වුණා රට සහලින් ස්වයංපෝෂිත කරන්න."

"අපේ අභිප්‍රාය විය යුත්තේ ගොවියා දිරිමත් කරන එක. තාක්ෂණය, නවීන ක්‍රම අපි ඔවුන්ට ලබාදිය යුතුයි. ඔවුන්ගේ නිෂ්පාදන වලට හොඳ වෙළඳපොලක් ඇතිකර දිය යුතුයි. ඒ වාගේම ඔවුන්ගේ ඉදිරි පරම්පරාවන් මේ සඳහා යොමු කරන්නට දිරිගැන්විය යුතුයි. අපි දන්නවා 21 එක්වන සියවස කියන්නේ ඥානය මුල් වූ ආර්ථිකයක් කරා ලෝකය ගෙන යන ශතවර්ෂයක් බව. විශේෂයෙන් කිවයුතුයි අද අපේ රටේ උගත් ශ්‍රම බළකායක් සිටිනවා. ඔවුන් තාක්ෂණයෙන් බලගැන්විය යුතුයි. වර්තමාන ලෝකයේ ආර්ථික කේන්ද්‍රස්ථානය ආසියාවට පැමිණෙමින් තිබෙනවා. ඒ නිසාම අපිට අවස්ථාව විවර වෙලා තිබෙනවා තාක්ෂණය මුල්කරගෙන රැකියාවන් විශාල ප්‍රමාණයක් බිහිකරන්නට. මුලින්ම අද අපේ රටේ පවතින අධ්‍යාපන ක්‍රමවේදයේ වෙනසක් ඇතිකිරීම ඉතාමත්ම වැදගත් කාරණයක් ලෙස මම දකිනවා. මෙය ඉතා කෙටි කාලයක දී කළ හැකි දෙයක්. ඒ මගින් අපේ රටට මීට වඩා ප්‍රයෝජනයක් ගන්නට පුළුවන් ශ්‍රම බළකායක් බිහිකරන්න පුළුවන්. ඒ වගේම අද අපේ රටේ පෞද්ගලික අංශයේ තාක්ෂණය මුල්වූ කර්මාන්ත කරන විශාල පිරිසක් සිටිනවා. මේ කර්මාන්ත පුළුල් කරන්නට ඔවුන්ට හැකියාව තිබුණත් ඔවුන් අද වන විට ප්‍රශ්න රාශියකට මුහුණදීලා තිබෙනවා. අපි මේවා ලිහිල්කර දී ඔවුන් දිරිගැන්විය යුතුයි. වර්තමානයේ පවතින ක්‍රමයන්ට අනුව ඔවුන් මත තව තවත් බදු පැටෙව්වොත් ඔවුන් තවත් අධෛර්යමත් වෙනවා. අපිට විදේශීය ආයෝජකයන් අවශ්‍යයි. නමුත් අපේ ව්‍යවසායකයන්ට මුල්තැන දීම අපි අනිවාර්යෙන් කළ යුතු දෙයක්. ඒවා අපි ලබාගත යුත්තේ යම් යම් සීමාවන් තුළයි."

"ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදයේ ඉහළම මට්ටමේ සිටින ඇමරිකාව ගත්තොත් ඔවුන්ගේ ව්‍යාපාරිකයා, කර්මාන්තකරුවා, ව්‍යවසායකයා ආරක්ෂා කරන්නට විදේශයන්ගෙන් ගෙන්වන නිපැයුම් වලට විශාල බද්දක් අයකරනවා. ඇයි අපිට ඒ වගේ ප්‍රතිපත්ති ක්‍රියාත්මක කරන්නට බැරි. අපේ රට බිහිකරපු දක්ෂයින් බොහෝ පිරිසක් අද ඉන්නේ පිටරට වල. එදා අපි යුද්ධය අවසාන කරලා රට සංවර්ධනය පටන් ගත් මොහොතේ අපේ රට හැර ගිය විශාල පිරිසක් නැවත ලංකාවට පැමිණුනා. ඔවුන්ට අපේ රට තුළ හොඳ පරිසරයක් පවතිනවා නම් පිටරට වලට යන්නට උනන්දු වෙන්නේ නෑ. රජයේ යුතුකම ඒ වාතාවරණය හදන එක. අපේ රාජ්‍ය ආයතන වල කාර්යක්ෂමතාව වැඩි කරනවා වගේම පෞද්ගලික අංශයත් අපි දිරිමත් කළ යුතුයි. ඒ තුළින් තමයි රටේ සෑම කෙනෙකුගේම අපේක්ෂාවන් මුදුන්පත් කරන්නට හැකිවෙන්නේ. රටක් සංවර්ධන වෙනවා කියන්නේ සමාජයේ සෑම ස්ථරයකම ජනතාවට පහසුවෙන් ජීවත්වෙන්න හැකිවෙනවා කියන එක. එයයි අපේ ඉදිරි ඉලක්කය. මේවා ජයගන්නට අපිට සෘජු නායකත්වයක් සමග ස්ථාවර රජයක් තිබිය යුතුයි. නිවැරදි ජාතික ප්‍රතිපත්තියක් තිබිය යුතුයි. දුර්වල රටක් තුළින්  සංවර්ධනයක් ගෙන එන්නට අපට පුළුවන්කමක් නෑ. මේ  සියලු අභියෝග බාරගෙන ඔබ, අප බලාපොරොත්තු වෙන සංවර්ධිත රටක් ගොඩනගන්නට අධිෂ්ඨාන කරගමු."යැයි ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා වැඩිදුරටත් අදහස් දක්වමින් පැවසුවා.

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29366,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: රාජපක්ෂ පවුලේ ආශිර්වාදය මැද ගෝඨා තම ඉදිරි සැලසුම් හෙළිකරයි
රාජපක්ෂ පවුලේ ආශිර්වාදය මැද ගෝඨා තම ඉදිරි සැලසුම් හෙළිකරයි
http://am.lk/media/k2/items/cache/00aadb83921b38884fa2491b20b3ff29_S.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2019/03/blog-post_595.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2019/03/blog-post_595.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy