තමන් එක්සත් ජාතික පක්ෂයට එක්වීමට යන බවට ඇතැමුන් කරන ප්‍රචාර අමූලික අසත්‍යයක් බව හිටපු ජනාධිපතිනී චන්ද්‍රිකා බණ්ඩාරනායක මහත්මිය පවසයි. ශ්...
තමන් එක්සත් ජාතික පක්ෂයට එක්වීමට යන බවට ඇතැමුන් කරන ප්‍රචාර අමූලික අසත්‍යයක් බව හිටපු ජනාධිපතිනී චන්ද්‍රිකා බණ්ඩාරනායක මහත්මිය පවසයි.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නිර්මල ප්‍රතිපත්ති තමන්ගේ රුධිරයෙහිම තිබෙන බව පැවසූ ඒ මහත්මිය තමන්ව ශ්‍රීලනිපයෙන් ඉවත් කළ නොහැකි බව අවධාරණය කළේය.
පසුගිය මාස හතර තුළ තමන්ව ශ්‍රීලනිපයෙන් ඉවත් කිරීම සඳහා දැඩි උත්සාහයක් ගැනුනු බවත් ප්‍රධාන සාකච්ඡාවලින් තමන් ඉවත් කරමින්, දේශපාලන මණ්ඩල සාකච්ඡාවලින් තමන් ඉවත් කරමින්, තමන්ගේ දිස්ත්‍රික්කයෙන් ද තමන් ඉවත් කිරීමට උත්සාහ දරන බවත් තමන්ව එක්සත් ජාතික පක්ෂය තල්ලු කිරීම සඳහා "එයා යූඑන්පී, යූඑන්පී, යූඑන්පී" කියන බවත් ඒ මහත්මිය ප්‍රකාශ කළාය.
තමන් කිසි දිනක එක්සත් ජාතික පක්ෂට එක්වී නොමැති බව සඳහන් කළ ඒ මහත්මිය මියෙනතුරු එජාපයට නොයන බවත් ශපථ කළාය.
"දැන් මේ මගෙන් සැරින් සැරේ අහනවා 'මැඩම් යූඑන්පී යනවද' කියලා. ඒකට මං මේ පිළිතුරක් දුන්නේ. ආයෙ කවුරුහරි කිව්වොත් මිත්‍රවරුනි, අමූලික පචයක් කියලා හිතාගන්න. මට කියන්න, ආයෙමත් කිව්වොත් එහෙම නම් කන පැළෙන්න ගහනවා. ඒක මගෙ හැටි" යනුවෙනි තරමක් ආවේගශීලී ලෙස ඒ මහත්මිය සඳහන් කළේය.
COMMENTS