ආරාමයක වැඩ වාසය කළ මෙහෙණින් වහන්සේනමක් පිහි ඇනුම් කා අපවත් වී ඇති බව මුන්දලම පොලිසිය කියයි. අපවත්වී ඇත්තේ ආඬිගම - කුඩා කුඹුක්කඩවල ප්‍රදේශයේ...
60ක් පමණ වන මෙහෙණින්
සැමියාගෙන් වෙන්වී පැමිණ ඇති ඇය ආඬිගම - කුඩා කුඹුක්කඩවල භික්ෂුණි ආරාමයේදී පැවිදි වී එහිම වාසය කරමින් සිට ඇත. ගිහි කල තමා හැරගිය සැමියා බිරිය පිළිබඳව සොයා බලන විට ඇය පැවිදි දිවියට ඇතුළත් වී ඇති බව දැන ඇයව සොයා පැමිණ මෙසේ පිහියෙන් ඇන ඝාතනය කර ඇත. පසුව ඔහු වස පානය කර ජීවිතය හානි කර ගැනීමට උත්සාහ කර ඇත. නමුත් ප්‍රදේශවාසීන් විසින් ඔහුව කඩිනමින් මුන්දලම දිසා රෝහලට ඇතුළත් කිරීමට කටයුතු කර ඇත. මුන්දලම පොලිසිය වැඩිදුර විමර්ශන කටයුතු කරගෙන යයි.
-සමන්ප්‍රිය ජයශාන්ත-
COMMENTS