මීලග ජනාධිපතිවරණයට ඉදිරිපත් වීම සදහා රාජපක්‍ෂවරුනට අවස්ථාව ලැබුනහොත් ගෝටාභය රාජපක්‍ෂ මහතා ඉදිරිපත් කිරීමට රාජපක්‍ෂ පවුලේ සාමාජිකයන් හමුවූ ...
මීලග ජනාධිපතිවරණයට ඉදිරිපත් වීම සදහා රාජපක්‍ෂවරුනට අවස්ථාව ලැබුනහොත් ගෝටාභය රාජපක්‍ෂ මහතා ඉදිරිපත් කිරීමට රාජපක්‍ෂ පවුලේ සාමාජිකයන් හමුවූ අවස්ථාවක තීරණය කල බව හිටපු ඇමති බැසිල් රාජපක්‍ෂ මහතා පවසයි.
ගෝඨාභය රාජපක්‍ෂ මහතා ජනාධිපතිවරණයට ඉදිරිපත් වීමට කැමති වූ බවත් ඔහු සදහන් කරයි.
තමන් ජනාධිපතිවරණයට ඉදිරිපත් වීමට බලාපොරොත්තුවක් නැති බවත් ගෝටාභය රාජපක්‍ෂ මහතා ඒ සදහා තමනට වඩා සුදුස්සෙක් යයිද බැසිල් රාජපක්‍ෂ මහතා කියයි.
ඔහු මේ අදහස් පල කරන්නේ සති අන්ත ලංකාදීප පුවත්පත වෙත අදහස් පල කරමිනි.
කෙසේ වෙතත් ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්‍ෂකයා ලෙස පුද්ගලයෙකු නම් කරන්නේ පක්‍ෂයෙන් බවත් ඒකාබද්ද විපක්‍ෂයේ නායකයන් විසින් යෝජනා කර ඇත්තේ මහින්ද රාජපක්‍ෂ මහතාම බවත් සදහන් කරන ඔහු මහින්ද රාජපක්‍ෂ මහතාට නැවත ජනාධිපතිවරණවට තරග කිරීමට නොහැකි නිසා ජනාධිපතිවරණයට පුද්ගලයෙකු නම් කිරීමේ අවස්ථාව ඔහුට ලබා දී ඇති බවත් තව දුරටත් කියා තිබේ.
COMMENTS