තමන්ගේ ජනාධිපතිවරණ අපේක්ෂකයා මෛත්‍රීපාල සිරිසේන මහතා බව පැවසීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ලෙස තමන්ට අයිතියක් ඇති බව එම පක්ෂයේ මහලේකම් දයාසිර...
තමන්ගේ ජනාධිපතිවරණ අපේක්ෂකයා මෛත්‍රීපාල සිරිසේන මහතා බව පැවසීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ලෙස තමන්ට අයිතියක් ඇති බව එම පක්ෂයේ මහලේකම් දයාසිරි ජයසේකර මහතා අවධාරණය කරයි.
ඉදිරි ජනාධිපතිවරණයෙන් ජයගන්නේ ඡන්ද ලක්ෂ 65ක් ලබාගැනීමට හැකි අපේක්ෂකයා බවයි ඒ මහතා පෙන්වා දුන්නේය.
එම ඡන්ද සංඛ්‍යාව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට කිසිසේත්ම තනිව ලබාගත නොහැකි බව ද ඒ මහතා ප්‍රකාශ කළේය.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ අතර සන්ධානයක් ගොඩනැංවීමේ නිල සාකච්ඡා පසුගිය සතියේදී ආරම්භ විය.
කෙසේවෙතත් එවන් සන්ධානයක් පිළිබඳ කතාබහ ඇරඹුණු මුල් යුගයේ සිටම ශ්‍රීලනිපය දැඩිව ප්‍රකාශ කළේ තම අපේක්ෂකයා මෛත්‍රීපාල සිරිසේන මහතා බවය.
COMMENTS