දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
"විදුලි බලය අඩුවීමක්, නැතිවීමක්, හිගවීමක් ගැන පවසන මේ සියලුමදේ මුසාවක්" - රවී
Homeප්‍රවෘත්ති

"විදුලි බලය අඩුවීමක්, නැතිවීමක්, හිගවීමක් ගැන පවසන මේ සියලුමදේ මුසාවක්" - රවී

PropellerAds

"අපට බාරදී ඇති විෂය අපි නිසි පරිදි මමත්, රාජ්‍ය ඇමතිතුමත්, ලංවිම ඉංජිනේරුවනුත් ගැටළු ඇති නොවන පරිදි ඉටුකරනවා. මට තේරෙන්නේ නැත්තේ ඇයි ...

කුරුණෑගල නගරාධිපති ධුරයෙන් අස්වෙන්න සූදානම්..
ඡන්ද කොල්ලකන්න ආවොත් 10ට ගැනලා වෙඩි තියන්නෙ. තැන අහලා කියන්න වෙන්නෙ - මැ.කො.
CIDය ඉදිරිපිට නවතා තිබූ ලොරියක රෝද දෙකක් පොලිස් රියදුරෙක්ම උස්සලා !

"අපට බාරදී ඇති විෂය අපි නිසි පරිදි මමත්, රාජ්‍ය ඇමතිතුමත්, ලංවිම ඉංජිනේරුවනුත් ගැටළු ඇති නොවන පරිදි ඉටුකරනවා. මට තේරෙන්නේ නැත්තේ ඇයි මේ භාහිර පාර්ශවයන්ට අපේ කාර්යය ගැන මේ තරම් ගැටළු ඇයි කියලා. වසර ගණනාවක් පුරාවට මේ ක්ෂේත්‍රයේ ප්‍රශ්න තිබෙනවා. නමුත් ඒ ප්‍රශ්න ක්‍රමානුකූලව නිරාකරණය කරගෙන ගොස්, ඒ ප්‍රශ්න වලට වෘත්තිමය පදනමක් තුළින පිළිතුරු සපයන බව අපට වගකීමෙන් කියන්න පුළුවන්. විදුලි බලය අඩුවීමක්, නැතිවීමක් හිගවීමක් මේ සියල්ලක්ම මුසාවක්. ප්‍රශ්න තිබෙනවා. නමුත් අපි ඒ අභියෝග බාරගෙන, නිර්භීතව කටයුතු කරනවා. මට තේරෙන්නේ නැත්තේ ඇයි මේ භාහිර පාර්ශවයන්ට අපේ කාර්යය ගැන මේ තරම් ගැටළු ඇයි කියලා" යැයි විදුලිබල,බලශක්ති සහ ව්‍යාපාර සංවර්ධන අමාත්‍ය රවී කරුණානායක මහතා අවධාරණය කරයි.

ඒ මහතා මෙම අදහස් පළකළේ, හබරණ ඉදිකෙරෙන ලංකා විදුලිබල මණ්ඩලයට අයත් විදුලි උපපොල ඉදිකිරීම් කටයුතු නිරීක්ෂණය කිරීම සදහා පැවති නිරීක්ෂණ චාරිකාවකට සහභාගි වෙමිනි.

සාම්පූර් ඉදිකිරීමට යෝජිත මෙගාවොට් 200 ක ගල් අගුරු බලාගාර ව්‍යාපෘතිය මූලික කරගනිමින් මෙම විදුලි හබරණ විදුලි උපපොල ස්ථාපිත කිරිමට සැලසුම් කර තිබේ. දැනට නොරොච්චෝල සිට නව අනුරාධපුරට සහ වේයන්ගොඩට ගමන්ගන්නා සම්ප්‍රේෂණ මාර්ගයන්හි යම් ගැටළුකාරි තත්ත්වයක් ඇතිවූ අවස්ථාවකදී පද්ධතිය තුළ ඇතිවන්නාවූ තත්ත්වය පාලනය කරගැනීම සදහාද මෙම විදුලි උපපොල උපයෝගී කරගත හැකිවේ. 2020 පෙබරවාරි මස වනවිට මෙම ව්‍යාපෘතිය අවසන් කිරීමට බලාපොරොත්තු වේ. මෙම හබරන විදුලි උපපොළ ඉදිකිරීම් කටයුතු අවසන් වනවිට,සාම්පූර් බාලාගාරයේද කටයුතු නිමවුවහොත්, එය විදුලිබල ක්ෂේත්‍රයට මෙන්ම සමස්ත රටටම සුවිශාල ආර්ථික වාසියක් සලසා දෙනු ඇතැයි බලාපොරොත්තු වේ. දේශීය සමාගමක් වන ඩිමෝ ආයතනය විසින් ඉදිකිරීම් කටයුතු සිදුකරන මෙම උපපොල ඉදිකිරීම සදහා යන වියදම  රු. බිලියන 3.5 ක් පමණ වෙතැයි ඇස්තමේන්තු කර තිබේ. ජයිකා ණය ආධාර මත ඉදිකෙරෙන මෙම විදුලි උපපොළ, අක්කර 16ක රජයේ ඉඩමක ඉදිකිරීම් සිදු කෙරේ. 

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍ය කරුණානායක මහතා,

"කෝටි 150ක ව්‍යාපෘතියක්. 2020 දී අවසන් කරනවා. මෙම විදුලි උපපොල ව්‍යාපෘතිය ජන ජීවිතයට උදව් වෙන, ඒ වගේම ආයෝජකයන්ට හොද අවස්ථාවක් ලබාදෙන ව්‍යාපෘතියක්.  ලංකාවේ ඉදිරි අනාගතය රැදී තිබෙන්නේ මෙවැනි ව්‍යාපෘති මතයි. මේ නිහඩව රටේ සිදුවන සංවර්ධනයක්. ඕනම කෙනෙක්ට මගේ අමාත්‍යාංශය සම්බන්ධ ඕනෑම ගැටළුවක් ගැන විමසන්න, කරුණු දැනගන්න මමත්, මගේ අමාත්‍යාංශයත් සෑම මොහොතකම විවෘතයි.  මාධ්‍ය ඉදිරියේ බොරු රගපෑම් නොකර, අවස්ථාව සලසා දුන්නම ඒ අවස්ථාවෙන් ප්‍රයෝජන අරගෙන තමන්ගේ ගැටළු විසගත්තා නම් වැදගත් නේද . දේශපාලඥයෙක් වුණාම උදේ ඉදලා රෑ වෙනකල් චරිත ඝාතන වලට ලක්වෙන්න තමයි වෙන්නේ "

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29284,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: "විදුලි බලය අඩුවීමක්, නැතිවීමක්, හිගවීමක් ගැන පවසන මේ සියලුමදේ මුසාවක්" - රවී
"විදුලි බලය අඩුවීමක්, නැතිවීමක්, හිගවීමක් ගැන පවසන මේ සියලුමදේ මුසාවක්" - රවී
http://am.lk/media/k2/items/cache/cc378ce9fd76aa7b4aa61d9724a47e00_S.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2019/03/blog-post_39.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2019/03/blog-post_39.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy