දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
රත්තරන් දේශපාලනයෙන් සමු ගන්න තීරණය කරයි
Homeප්‍රවෘත්ති

රත්තරන් දේශපාලනයෙන් සමු ගන්න තීරණය කරයි

PropellerAds

සිය මන්ත්‍රී ධුරයෙන් හා සියලුම දේශපාලන ක්‍රියාකාරකම්වලින් තමා ඉවත්වන බව දකුණු පළාත් සභා මන්ත්‍රී ක්‍රිෂාන්ත පුෂ්පකුමාර මහතා පවසයි. අද (18...

යාපනය සිසු මරණ ගැන විධිමත් පරීක්ෂණයකට ජනපති උපදෙස්
'මගේ එකවුන්ට් එක හොයාගත්තා නම් ඉවරයිනේ' - මහින්ද (VIDEO)
මෙවර අයවැය අසාර්ථකයි - ප්‍රසන්න රණතුංග (VIDEO)
රත්තරන් දේශපාලනයෙන් සමු ගන්න තීරණය කරයි

සිය මන්ත්‍රී ධුරයෙන් හා සියලුම දේශපාලන ක්‍රියාකාරකම්වලින් තමා ඉවත්වන බව දකුණු පළාත් සභා මන්ත්‍රී ක්‍රිෂාන්ත පුෂ්පකුමාර මහතා පවසයි.

අද (18) උදෑසන ගාල්ලේ පැවැත් වු මාධ්‍ය හමුවකට එක්වෙමින් ක්‍රිෂාන්ත පුෂ්පකුමාර හෙවත් රත්තරන් මේ බව පවසා තිබේ.

පසුගිය දිනවල තමා කෙරෙහි එල්ල වු අභූත චෝදනා සම්බන්ධයෙන් කල්පනා කරමින්, මෙම තීරණය ගනු ලැබූ බව ද ඒ මහතා පැවසීය.

දේශපාලනඥයෙකුට ජනතාව ඡන්දය ලබා දෙන්නේ ඔහුට තිබෙන ගරුත්වයට හා ප්‍රතිරූපයට වන බවත්, තමාට එවැනි හැඟීමකින් ගාල්ල දිස්ත්‍රික් ජනතාව ඡන්දය ලබා දුන්න ද අද දවසේ එල්ල වී ඇති චෝදනා දිහා බලන විට එය ජනතාවට කරන අගෞරවයක් බව ද පුෂ්පකුමාර මහතා මෙහිදී වැඩිදුරටත් පැවසීය.

තමා නියෝජනය කරන සියලු දෙනාට මේ තුළින් අගෞරවයක් වන බවත්, ඒ හේතුවෙන් මෙවැනි තීරණයක් ගත් බව ද පැවසු පුෂ්පකුමාර මහතා, තමා එල්ල වී ඇති චෝදනාවලින් නිවැරදිකරු වෙන තුරු මෙවැනි තීරණයක් මත පිහිටා කටයුතු කරන බව ද පැවසීය.

තමා දේශපාලනයෙන් ඉවත් වීම තුළින් අධිකරණයට නිදහසේ අධිකරණ කටයුතු කර ගෙන යෑමේ හැකියාව ලැබෙන බවත්, මෙම තීරණය ඕනෑම අයෙකුට වැරදි සහත ලෙස විවේචනය කිරීමේ හැකියාව පවතින බව ද ඔහු සඳහන් කළේය.

කිසිසේත්ම “රත්තරන් මේ අභියෝගයට බිය නොමැති බව “ ද මෙහිදී පුෂ්පකුමාර මහතා තරයේ ප්‍රකාශ කළේය.

තමාට වැරදි සහගත චෝදනාවක් නොකරපු චෝදනාවක් එල්ල වී ඇති නිසාවෙන් එම අභියෝගයට සාමාන්‍ය සිවිල් පුරවැසියෙක් ලෙස මුහුණ දීමට අවශ්‍ය බැවින් මෙම තීරණය ගත් බව ද ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.

ළමා අපයෝජන චෝදනා මත අත්අඩංගුවට ගත් දකුණු පළාත් සභා එක්සත් ජනතා නිදහස් සන්ධාන මන්ත්‍රී ක්‍රිෂාන්ත පුෂ්පකුමාර මහතා පසුගිය පෙබරවාරී මස 28 වන දින ඇප මත මුදාහැරීමට ගාල්ල මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කළේය.

අධිකරණය ඉදිරිපත් කළ මන්ත්‍රීවරයා රුපියල් ලක්ෂ 5 බැගින් වූ ශරීර ඇප දෙකක් සහ රුපියල් 25,000ක මුදල් ඇපයක් මත මුදාහැරීමට නියෝග කෙරුණි.

පසුගිය 23 වැනිදා බටදූව ප්‍රදේශයේ දේවාලයක දී 16 හැවිරිදි ගැහැණු ළමයෙකු ලිංගික අපයෝජනයට ලක් කළ බවට සන්ධාන පළාත් සභා මන්ත්‍රී ක්‍රිෂාන්ත පුෂ්පකුමාර නොහොත් රත්තරන් යන අයට එරෙහිව අක්මීමන පොලිසියට පැමිණිල්ලක් ලැබී තිබුණි.

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29286,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: රත්තරන් දේශපාලනයෙන් සමු ගන්න තීරණය කරයි
රත්තරන් දේශපාලනයෙන් සමු ගන්න තීරණය කරයි
http://am.lk/media/k2/items/cache/60358fbd1daaf12b93c5b48bd99ac86f_S.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2019/03/blog-post_378.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2019/03/blog-post_378.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy