රජය විසින් මේ වන විට ඉදිරිපත් කර ඇති අයවැය, අසාර්ථක එකක් බවත් එමඟින් මෙරට නිදහස් අධ්‍යාපනයට දැඩි බලපෑම් එල්ල වියහැකි බවත් හිටපු අමාත්‍ය, ප...
රජය විසින් මේ වන විට ඉදිරිපත් කර ඇති අයවැය, අසාර්ථක එකක් බවත් එමඟින් මෙරට නිදහස් අධ්‍යාපනයට දැඩි බලපෑම් එල්ල වියහැකි බවත් හිටපු අමාත්‍ය, පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රසන්න රණතුංග මහතා ප්‍රකාශ කරයි.
අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ ගම්පහ ප්‍රදේශයේ පැවති උත්සවයකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.
එහිදී ඒ සම්බන්ධයෙන් අදහස් දැක්වූ අමාත්‍යවරයා," මේ අයවැය ඉතාමත් අසාර්ථක අයවැයක්. විශේෂයෙන්ම සියයට හයක් අධ්‍යාපනයට වෙන් කරනවා කිව්ව මේ ආණ්ඩුව, ගියපාර බිලියන 185ක් අධ්‍යාපනයට වෙන්කරලා තිබ්බා, ඒත් මේ පාර ඒ මුදල බිලියන 96 දක්වා අඩුකරලා තියෙනවා. මේකෙන් අසීරුතාවයට පත්වෙන්නේ අධ්‍යාපනය ලබන දරුවෝ. රටට බොරු කියලා බලයට ආපු මේ ආණ්ඩුව අද අසාර්ථක අයවැයක් ඉදිරිපත් කරලා තියෙනවා. " යනුවෙන් කියාසිටියේය.
වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා ප්‍රකාශ කළේ මහජනතාව මත අධික බදු බරක් පටවා ඇති මෙම ආණ්ඩුව, පෙහොසතුන් තවත් පොහොසතුන් බවට පත්කිරීමට මෙම අයවැය සකස් කර ඇති බවත් රවී කරුණානායක අමාත්‍යවරයා සඳහන් කර තිබුණාක් මෙන් මෙම අයවැය ජනතාවට කිසිදු සෙතක් නොලැබෙන හොල්මන් අයවැයක් බවත්ය.
වීඩියෝව පහතින්.
COMMENTS