දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
බුද්ධික පතිරණගෙන් තවත් හෙළිදරව්වක්
Homeප්‍රවෘත්ති

බුද්ධික පතිරණගෙන් තවත් හෙළිදරව්වක්

PropellerAds

මෙච්චරකල් ගිතෙල් නැත්නම් එළඟිතෙල් කියා විකුණා ඇත්තේ කෘතිමව බෝවයින් සහ ෆාම් ඔයිල් එකතු කර සෑදු එකක් බව කර්මාන්ත හා වාණිජ කටයුතු න...

මෙරටට ඩොලර් ලැබීම ගැන කිසිම සහතිකයක් නෑ.. සංචිත තවත් වැටෙනවා - අගමැති මහින්ද කැබිනෙට්ටුවට කියයි
තමන් මියගිය විට සිදුවිය යුතු දේ ගැන චන්ද්‍රිකාගෙන් ප්‍රකාශයක්
හමුදා ලොක්කෙකුගේ බිරිදට SMS යැවුවා කියා සුදු වෑන් එකකින් ඇවිත් පැහැරගෙන ගිහින් !
බුද්ධික පතිරණගෙන් තවත් හෙළිදරව්වක්
මෙච්චරකල් ගිතෙල් නැත්නම් එළඟිතෙල් කියා විකුණා ඇත්තේ කෘතිමව බෝවයින් සහ ෆාම් ඔයිල් එකතු කර සෑදු එකක් බව කර්මාන්ත හා වාණිජ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය බුද්ධික පතිරණ මහතා පවසයි.
ඒ මහතා මෙම අදහස් පළ කළේ පාර්ලිමේන්තුවේදීය.
 
එහිදී ඒ මහතා මෙසේ අදහස් දැක්විය.
"දැන් ඊයේ පෙරේදා අහු වුණා බෝවයින්, පාරිභෝගික අධිකාරියට. මොනවද බෝවයින් කියන්නේ? බෝවයිනුයි ෆාම් ඔයිලුයි එකතු කරලා තමයි මෙච්චරකල් ගිතෙල් කියලා බොරුවට හැදුවේ, අර කිරිපිටි කියලා විකුණන්නේ මොකක්දෝ බොරු කුඩක් කිව්වා වගේ මෙච්චරකල් ගිතෙල් නැත්නම් එළඟිතෙල් කියලා විකුණලා තියෙන්නේ කෘතිමව බෝවයින් සහ ෆාම් ඔයිල් එකතු කරලා හදපු එකක්. විකුණලා තියෙන්නේ මොන නමින් ද ක්‍රිෂ්ණගී. ක්‍රිෂ්ණා කියන්නේ කවුද? ක්‍රිෂ්ණ දෙයිහාමුදරුවන්ගේ පුංචි කාලේ. ක්‍රිෂ්ණා දෙයිහාමුදුරුවන්ගේ පුංචි කාලේ පින්තූරයකුත් දාලා ක්‍රිෂ්ණාගී කියලා විකුණනවා අහු වුණා. මිනිහා කියනවා 2012 ඉඳන් අපි විකුණනවාලු. රුපියල් 10,000යි දඩේ. දැන් අපි ඒ අවශ්‍ය සංශෝධන කරන්න කියලා අපේ ඒ් ඇමතිතුමා කිව්වා. දැන් බෝවයින් හදන්නේ කොහොමද? බෝවයින් හදන්නේ කුර තියෙන සත්තුන්ගේ හම යට තියෙන මේදය අරගෙන. ඒ කියන්නේ හරක්ගේ, ඌරන්ගේ, එළුවන්ගේ, බැටලුවන්ගේ, ඔටුවන්ගේ හම යට මේදය, අං, කුර, වල්ග, හොම්බවල් ඔය ඔක්කොම පේස් කරලා තමයි මේ බෝවයින් හදන්නේ."

"මේ හදන බෝවයිනුයි, ෆාම් ඔයිලුයි කලවම් කරලා හැදුවා කෘතිම ගිතෙල්. කෝවිලට ගියාම දෙනවා මුරුගන් පූජාව, අපිටත් කන්න කියලා දෙනවා දෙයියන්ගේ බත්. මෙච්චරකල් කාලා තියෙන්නේ දැන්, හින්දු ජනතාව හරක් මස් කන්නේ නැහැ. ඉස්ලාම් භක්තික ජනතාව ඌරු මස් කන්නේ නැහැ ඌරු මස් නොකෑවට බෝවයින් කලවම් කරපු ගිතෙල්වලින් හදපු ෆ්‍රයිඩ් රයිස් කාලා. දුන්තෙල් බත් කාලා, බිරියානි කාලා. ඇයි ඔය ගිතෙල් දාලා ඔය බිරියානි හදන්නේ. එතකොට ඒ මිනිහා කියනවා කොළඹ හතේ ඒ වගේ ම කොළඹ ජනාධිපති ලේකම් කාර්යාලය තියෙන තරු පහේ හෝටල්වල ලංකාවේ තරු හතේ හෝටල්වලටත් එයා දුන්නාලු බෝවයින් කලවම් කරපු මේ කෘතිම ගිතෙල් වර්ගය ෆ්‍රයිඩ් රයිස් හදා ගන්න කියලා, බිරියානි හදා ගන්න කියලා ගිතෙල් තල හදා ගන්න කියලා. කාලා වරෙන්කෝ. මේවා තමයි කාලා තියෙන්නේ එතකොට බෞද්ධ ජනතාව හරක් මස් කන්නෙත් නැහැ පෙළක් අය ඌරු මස් කන්නෙත් නැහැ. හැබැයි අපිට ඒ දෙකම කැවිලා."යැයිද ඒ මහතා වැඩිදුරටත් පැවසිය.
Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29313,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: බුද්ධික පතිරණගෙන් තවත් හෙළිදරව්වක්
බුද්ධික පතිරණගෙන් තවත් හෙළිදරව්වක්
http://am.lk/media/k2/items/cache/532401ca9f93bb04deed7a695634d38e_S.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2019/03/blog-post_297.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2019/03/blog-post_297.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy