දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
කංජිපානි ඉම්රාන්ගේ අපරාධ ලැයිස්තුව පොලිස් මාධ්‍ය ප්‍රකාශක හෙළිකරයි
Homeප්‍රවෘත්ති

කංජිපානි ඉම්රාන්ගේ අපරාධ ලැයිස්තුව පොලිස් මාධ්‍ය ප්‍රකාශක හෙළිකරයි

PropellerAds

මාකඳුරේ මධුෂ් සමඟ ඩුබායිහි පැවති සාදයක දී අත්අඩංගුවට පත්ව එරටින් පිටුවහල් කිරීමෙන් අනතුරුව රහස් පොලිසියේ කටුනායක ගුවන් තොටුපල ඒකකය විසින් ...

19 හදපු මම 20ට නුසුදුස්සෙක් වෙලා – විජේදාස රාජපක්ෂ
තවත් 29කට කොරෝනා.. මිනුවන්ගොඩ පොකුර තවත් ඉහලට !
ආණ්ඩුව ගේන්න දරදිය ඇද්ද අපි අද කලකිරිලා ඉන්නේ - (video)
කංජිපානි ඉම්රාන්ගේ අපරාධ ලැයිස්තුව පොලිස් මාධ්‍ය ප්‍රකාශක හෙළිකරයි

මාකඳුරේ මධුෂ් සමඟ ඩුබායිහි පැවති සාදයක දී අත්අඩංගුවට පත්ව එරටින් පිටුවහල් කිරීමෙන් අනතුරුව රහස් පොලිසියේ කටුනායක ගුවන් තොටුපල ඒකකය විසින් අත්අඩංගුවට ගනු ලැබූ කංජිපානි ඉම්රාන් ඇතුළු සිව් දෙනාගෙන් තිදෙනෙක්ම පොලිසිය විසින් අත්අඩංගුවට ගැනීමට සොයමින් සිටි අය බව පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක, පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පැවසීය.

මොහොමඞ් නජීබ් මොහොමඞ් ඉම්රාන් හෙවත් කංජිපානි ඉම්රාන් සමඟ තුඹේදුරහේවා අනුෂ්ක කෞෂාල් හෙවත් ජංගා , අමිල සම්පත් සේපාල රත්නායක  සහ ඇන්ඩර්සන් ෆර්නැන්ඩස් යන අය එසේ අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප‍්‍රකාශකවරයා සඳහන් කළේය.

මේ අතරින් කංජිපානී ඉම්රාන් සහ අමිල සම්පත් යන අය කටුනායක ගුවන් තොටුපලට පැමිණීමෙන් පසු යූ.එල් 101 නැමති ගුවන් යානයෙන් මාලදිවයිනට පලා යාමට සැලසුම් කර තිබී ඇති බව ද පොලිස් මාධ්‍ය ප‍්‍රකාශකවරයා කීවේය.

ඔවුන් අත්අඩංගුවට පත්ව ඇත්තේ එලෙස පලායාමට සූදානමින් සිටියදී බව ද හෙතෙම ප‍්‍රකාශ කළේය.

කටුනායක ගුවන් තොටුපලට පෙරවරු 6.15ට පමණ පැමිණි එෆ්.ඉසෙඞ් 547 දරණ ෆ්ලයි ඩුබායි ගුවන් යානයෙන් මෙම සිව් දෙනා මෙරටට පැමිණ ඇති අතර ගුවන් යානයේ මගීන්ගේ නම් ලැයිස්තුව පරීක්‍ෂා කර මෙම පිරිස අත්අඩංගුවට ගැනීමට ගුවන් තොටුපල රහස් පොලිස් ඒකකය කටයුතු කර තිබෙන බව ද පොලිස් මාධ්‍ය ප‍්‍රකාශකවරයා කීවේය.

පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක රුවන් ගුණසේකර මහතා මේ බව පැවසුවේ පොලිස් මූලස්ථානයේදී පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

මෙලෙස අත්අඩංගුවට පත්වූවන් අතුරින් මොහොමඞ් නජීබ් මොහොමඞ් ඉම්රාන් හෙවත් කංජිපානි ඉම්රාන් නැමති අය කොළඹ 08, ශ්‍රී සුධර්ම මාවත, අංක 99/8 ලිපිනයේ පදිංචිකරුවකු වන අතර ඔහු ඩුබායි බලා පිටව ගොස් ඇත්තේ 2015 මාර්තු 28 වැනිදා ව්‍යාජ ගමන් බලපත‍්‍රයකින් බව ද පොලිස් මාධ්‍ය ප‍්‍රකාශකවරයා සඳහන් කළේය.

ඔහු 2016 ජනවාරි මස 26 වැනිදා එරට නේවාසික වීසා ලබාගෙන ඇති අතර එහි ජංගම දුරකථන ව්‍යාපාරිකයෙකු ලෙස සේවය කර ඇති බව ප‍්‍රශ්න කිරීම්වලදී ප‍්‍රකාශ කර ඇතැයි ද පොලිස් මාධ්‍ය ප‍්‍රකාශකවරයා පැවසීය.

ඩුබායිහි සැඟවී සිටිමින් මත්ද්‍රව්‍ය ජාවාරම, කප්පම් ගැනීම්, මිනී මැරුම් ඇතුළු සංවිධානාත්මක අපරාධ ගණනාවක් ඔහු විසින් මෙහෙයවා ඇති අතර ඒ හේතුවෙන් ඔහු පොලිසිය විසින් අත්අඩංගුවට ගැනීමට සොයමින් සිටි අපරාධකරුවකු බව ද රුවන් ගුණසේකර මහතා කීවේය.

පසුගිය කාලයේ කොළඹ නගරයේ සිදුවූ වෙඩි තැබීම් ගණනාවකට ඔහු සම්බන්ධ බව කී පොලිස් මාධ්‍ය ප‍්‍රකාශකවරයා සිය අනියම් බිරිඳ වූ ආශා ෆාරික් ඉකුත් පෙබරවාරි 14 වැනිදින කොටහේන මෛත‍්‍රී බෝධිරාජ මාවතේදී වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියද ඩුබායි සිට මෙහෙයවා ඇත්තේ ඔහු විසින්ම බවට හෙළි වී ඇතැයි කියා සිටියේය.

බොරැල්ල කොටාපාරේදී 2018 පෙබරවාරි 20 වැනිදා ප‍්‍රසාද් කුමාර නොහොත් අසිත යන අය වෙඩි තබා ඝාතනයට තැත්කිරීම, මාළිගාවත්ත, අලාම් ඉක්බාල් මාවතේදී 2018 මාර්තු 27 වැනිදා තාවුල් හමීඞ් මොහොමඞ් නිප‍්‍රාස් නැමැත්තා වෙඩි තබා ඝාතනය කිරීම, කොටහේන, ආමර් වීදිය, මැසෙන්ජර් මාවතේදී 2018 මාර්තු 19 වැනි දින ඇන්ටනී රාජ් නැමැත්තා වෙඩි තබා ඝාතනය කර තවත් කාන්තාවකට තුවාල සිදුකිරීම, වෙරළබඩ, ජම්පටාර් වීදියේදී 2018 පූලි 8 වැනිදා සෙල්ලයියා සෙල්වරාජ් සහ එළිසබෙත් පෙරේරා යන දෙදෙනා වෙඩි තබා ඝාතනය, මාළිගාවත්ත ජුම්මා හන්දියේදී 2018 අගෝස්තු 30 වැනිදා මොහොමඞ් හමීඞ් අබ්දුල් රවුෆ් නැමැත්තා වෙඩි තබා ඝාතනයට තැත් කිරීම, එම වසරේම සැප්තැම්බර් 12 වැනිදා මාළිගාවත්ත ලක්සෙත මහල් නිවාස අසලදී අජ්මීර් නැමැත්තෙකු වෙඩි තබා ඝාතනයට තැත් කිරීම, ඔක්තෝබර් 20 වැනිදා මාළිගාවත්ත ජුම්මා මස්ජීඞ් පාරේදී මොහොමඞ් නිශාම්ඞීන් මොහොමඞ් අජ්මීන් නැමැත්තා වෙඩි තබා ඝාතනයට උත්සාහ කිරීම, නොවැම්බර් 7 වැනිදා ග‍්‍රෑන්ඞ්පාස් පරාක‍්‍රම පාරේදී එම්තඒ නිප‍්‍රාස් නැමැත්තා වෙඩි තබා ඝාතනයට තැත් කිරීම, දෙසැම්බර් 10 වැනිදා මෝදරදී පුද්ගලයින් පිරිසකට වෙඩි තබා 6 දෙනෙකුට තුවාල සිදුකර ඝාතනයට තැත් කිරීම, 2019 ජනවාරි 1 වැනිදා වෙරළබඩ ජම්පටාර් වීදියේදී කන්දන ආරච්චිගේ මැල්කම් පෙරේරා වෙඩි තබා ඝාතනයට තැත් කිරීම, ජනවාරි 20 වැනිදා ජින්තුපිටිය ප‍්‍රදේශයේදී ඇන්ටන් මයිකල් යන අය වෙඩි තබා ඝාතනයට තැත් කිරීම යන අපරාධ ගණනාවකට මොහු ඩුබායිහි සැ`ගවී සිටිමින් මෙහෙයවූ බවට විමර්ශනවලදී අනාවරණය වී ඇතැයි රුවන් ගුණසේකර මහතා කීවේය.

ඔහුට එරෙහිව විෂ මත්ද්‍රව්‍ය චෝදනා සම්බන්ධයෙන් නඩු කිහිපයකටම අධිකරණ මගින් වරෙන්තු නිකුත් කර තිබෙන බව පොලිස් මාධ්‍ය ප‍්‍රකාශකවරයා පැවසීය.

තුඹේදුර හේවා අනුෂ්ක කෞෂාල් හෙවත් ජංගා නැමැත්තා ගන්දර, තලල්ල දකුණ, වෙලේගෙදර ප‍්‍රදේශයේ පදිංචිකරුවකු වන අතර ඔහු ඩුබායි බලා පිටත්ව ගොස් ඇත්තේ 2019 පෙබරවාරි මස 03 වැනිදා වුවත් 2017 වසරේ නොවැම්බර් මාසයේ එරට නේවාසික වීසා ලබාගෙන තිබීමෙන් වරින් වර එහි ගොස් ඇති බව පෙනීයන්නේ යයි පොලිස් අධිකාරීවරයා සඳහන් කළේය.

ඔහු මාතර, ගන්දර, තලල්ල ප‍්‍රදේශයේ අවන්හලක හිමිකරුවකු වන අතර පසුගිය පෙබරවාරි 8 වැනිදා ගන්දර පොලීසියේ නිලධාරීන් පිරිසක් විසින් ඔහුගේ නිවස පරීක්‍ෂා කිරීමේදී එහි තිබී යුද හමුදා ඇඳුම් කට්ටල, ටී 56 පතරොම්, පුහුණුවීම් සඳහා භාවිතා කරන පතරොම්, යතුරු පැදි දෙකක් සහ කිණිස්සක් සොයාගත් බව ද හෙතෙම කීවේය.

මේ සම්බන්ධයෙන් එම නිවසේ සිටි ඔහුගේ ඥාති සොහොයුරෙකු සහ පියාගේ සොහොයුරෙකු අත්අඩංගුවට ගෙන අප්‍රේල් 2 වැනිදා දක්වා රක්‍ෂිත බන්ධනාගාර ගත කර සිටින බව ද පොලිස් මාධ්‍ය ප‍්‍රකාශකවරයා පැවසීය.

ඒ සම්බන්ධයෙන් ජංගා නැමති මොහුද පොලීසියට අවශ්‍යව සිටි අයෙකු බව ඔහු සඳහන් කළේය.

අමිල සම්පත් නැමැත්තා රොටුඹ, දෙල්කඳලිය ප‍්‍රදේශයේ පදිංචිකරුවකු වන අතර, 2017 වසරේ අගෝස්තු මස 7 වැනිදා ඩුබායි බලා ගොස් ඇති අතර ඔහු 2017 ඔක්තෝබර් මස 11 වැනිදා එරට නේවාසික වීසා ලබාගනිමින් එහි ඉන්ධන පිරවුම්හලක සේවය කර ඇත.

ඔහුද 2005 අගෝස්තු 27 වැනිදා ඌරුබොක්ක පොලිස් වසමේදී වෙඩි තබා පුද්ගලයෙකු ඝාතනය කිරීමේ චෝදනාව මත අත්අඩංගුවට ගැනීමට සොයමින් සිටි අයෙකු බව පොලිස් මාධ්‍ය ප‍්‍රකාශකවරයා පැවසීය.

ඇන්ඩර්සන් ෆර්නැන්ඩස් නැමැත්තා කොළඹ 13, මහා විද්‍යාල මාවතේ පදිංචිව සිටි අයෙකු වන අතර ඔහු ඩුබායි ගොස් ඇත්තේ 2019 ජනවාරි 30 වැනිදා වන අතර එහි වාහන කොටස් අලෙවි කරන්නෙකු ලෙස සේවය කර ඇත.

මෙම අත්අඩංගුවට ගත් සිව්දෙනා අතරින් කංජිපානී ඉම්රාන් වැඩිදුර විමර්ශන සඳහා කොළඹ අපරාධ විමර්ශන කොට්ඨාසයට භාරදීමට නියමිත අතර අනුෂ්ක කෞෂාල් හෙවත් ජංගා නැමැත්තා සහ අමිල සම්පත් නැමැත්තා මාතර පොලිස් කොට්ඨාශයට භාරදීමට නියමිත බව ද පොලිස් මාධ්‍ය ප‍්‍රකාශකවරයා කීවේය.

ඔවුන් සම්බන්ධයෙන් නඩු පවතින්නේ මාතර දිස්ත‍්‍රික්කයේ පොලීසි හා අධිකරණ ආශ‍්‍රිතව බැවින් ඔවුන් සම්බන්ධයෙන් ඉදිරි පියවර ගැනීමට කණ්ඩායමක් එවන ලෙස මේ වන විට මාතර කොට්ඨාශ භාර නිලධාරීන්ට දැනුම් දී තිබෙන බව ද රුවන් ගුණසේකර මහතා පැවසීය.

ඇන්ඩර්සන් ෆර්නැන්ඩස් නැමැත්තා තව දුරටත් රහස් පොලීසියේ කටුනායක ඒකකයේ රඳවා තබාගෙන ප‍්‍රශ්න කිරීමට නියමිත බවද පොලිස් අධිකාරීවරයා ප‍්‍රකාශ කළේය.

මේ අතර ඩුබායි සිට පිටුවහල් කිරීමෙන් අනතුරුව පෙරේදා දිනයේ ලංකාවට පැමිණි අවස්ථාවේ අත්අඩංගුවට ගත් බන්ධනාගාර නිලධාරියෙකු වන ලලිත් කුමාර නැමැත්තා කොළඹ අපරාධ කොට්ඨාශයේ නිලධාරීන් විසින් කළුතර මහේස්ත‍්‍රාත් අධිකරණය වෙත අද (28) පස්වරුවේ ඉදිරිපත් කර පැය 48ක රැඳවුම් නියෝග යටතේ ප‍්‍රශ්න කිරීම සඳහා අවසර ලබාගැනීමට නියමිතව තිබූ බව ද ඔහු කීවේය.

ලලිත් කුමාර නැමති මෙම බන්ධනාගාර නිලධාරියා කළුතර උතුර, එතනමඩල ප‍්‍රදේශයේ දී බන්ධනාගාර බස් රථයකට වෙඩි තබා රැඳවියන් 5 දෙනෙකු සහ බන්ධනාගාර නිලධාරීන් දෙදෙනෙකු ඝාතනය කිරීමේ සිද්ධියේදී මාකඳුරේ මධුෂ්ට තොරතුරු ලබාදී ඇති බවට තොරතුරු ඇති බැවින් මෙසේ ඔහු රඳවා තබාගෙන ප‍්‍රශ්න කිරීමට නියමිත බව ද පොලිස් මාධ්‍ය ප‍්‍රකාශකවරයා පැවසීය.

මෙම බන්ධනාගාර නිලධාරියා මාකඳුරේ මධුෂ්ගේ කුඩා කල සිට මිතුරකු වන අතර මධුෂ් උපදින අවස්ථාවේ ඔහුගේ මවට අවශ්‍ය සත්කාර කර ඇත්තේ පවුල් සෞඛ්‍ය සේවිකාවක වූ මෙම බන්ධනාගාර නිලධාරියාගේ මව බවද හෙළිවී ඇතැයි රුවන් ගුණසේකර මහතා ප‍්‍රකාශ කළේය.

මෙම පැමිණි අයට මෙරටට පැමිණීම සඳහා ගුවන් ටිකට් පත් ලබාදුන්නේ එරට රජය ද නැතිනම් වෙනත් කිසිවෙකු විසින් ඒවා ලබාගත්තේද යන්න ගැන පරීක්‍ෂණ පවත්වාගෙන යන බව ද හෙතෙම කියා සිටියේය.

ඩුබායි අත්අඩංගුවේ සිටින මාකඳුරේ මධුෂ් ඇතුළු සෙසු පිරිස මෙසේ පිටුවහල් කරන්නේද යන්න ගැන මෙතෙක් දැනුම් දීමක් ලැබී නැතැයි කී මාධ්‍ය ප‍්‍රකාශකවරයා ආරක්‍ෂක අංශ ඒ ගැන විමසිල්ලෙන් පසුවන බව ද කීවේය.

මෙම අත්අඩංගුවට ගත් පුද්ගලයින්ගෙන් කටුනායක ගුවන් තොටුපල රහස් පොලීස් ඒකකයේ නිලධාරීන් මෙන්ම, කොළඹ අපරාධ කොට්ඨාශයේ නිලධාරීන්, පොලිස් විශේෂ කාර්ය බලකාය, පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය ආදී විශේෂිත අංශ ගණනාවක් මගින් ප‍්‍රශ්න කරනු ලැබූ බව ද පොලිස් මාධ්‍ය ප‍්‍රකාශකවරයා සඳහන් කළේය.

(ලංකාදීප)

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29294,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: කංජිපානි ඉම්රාන්ගේ අපරාධ ලැයිස්තුව පොලිස් මාධ්‍ය ප්‍රකාශක හෙළිකරයි
කංජිපානි ඉම්රාන්ගේ අපරාධ ලැයිස්තුව පොලිස් මාධ්‍ය ප්‍රකාශක හෙළිකරයි
http://am.lk/media/k2/items/cache/814e83990187861dfd5e3c67c5a9e90b_S.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2019/03/blog-post_248.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2019/03/blog-post_248.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy