මන්නාරම් සමූහ මිණිවලේ කැනීම් කටයුතු වහාම ක්‍රියාත්මක වන පරිදි නැවත දිනයක් දැනුම් දෙන තුරු අද (08) දිනයේ සිට නැවත්වීමට මන්නාරම් මහේස්ත්‍රාත...
මන්නාරම් සමූහ මිණිවලේ කැනීම් කටයුතු වහාම ක්‍රියාත්මක වන පරිදි නැවත දිනයක් දැනුම් දෙන තුරු අද (08) දිනයේ සිට නැවත්වීමට මන්නාරම් මහේස්ත්‍රාත් ටී.සර්වනරාජා මහතා නියෝග කොට සිටි බවට මන්නාරම් සමූහ මිණීවලේ කැනීම් කටයුතු භාර විශේෂඥ අධිකරණ වෛද්‍ය ශමින්ද රාජපක්ෂ මහතා කියා සිටියේය.
මන්නාරම් සමූහ මිණීවලේ ඇටසැකිළි පිළිබඳ වූ කාල නිරණ වාර්ථාව ඊයේ (07) දිනයේදී මන්නාරම් අධිකරණයෙන් ප්‍රසිද්ධියට පත් කිරීමෙන් පසුව අද (08) දිනයේදී මන්නාරම් මහෙස්ත්‍රාත් වරයා විසින් කැනීම් සිදු කරන ලද විශේෂඥ වෛද්‍ය කණ්ඩායමට මෙම නියෝගය ලබා දී ඇත.
ඒ පිළිබඳව අදහස් දක්වමින් අධිකරණ විශේෂඥ වෛද්‍ය ශමින්ද රාජපක්ෂ මහතා කියා සිටියේ,
‘‘අද දිනයේදී මන්නාරම් සමූහ මිණිවලේ කැනීම් කටයුතු සිදු කරමින් සිටි විශේෂඥ වෛද්‍ය වරුන් ඇතුලු කැනීම් අංශ නිලධාරීන් සියලු දෙනා එම ස්ථානයෙන් ඉවත් වන අතරම නැවත මේ මස 20 වනදාගෙන් පසු දිනක මන්නාරම් මහෙස්ත්‍රාත් ටී.සර්වනරාජ් මහතාගේ ප්‍රධානත්වයෙන් හා කැනීම් සිදු කල වෛද්‍යවරුන් මෙන්ම මහජන නියෝජිතයින්ගේද සහභාගීත්වයෙන් විශේෂ සාකච්ඡාවක් සිදු කරනවා මෙම සමූහ මිණිවලේ ඉදිරි කැනීම් කටයුතු සිදු කරනවාද නැද්ද යන්න පිළිබඳව අවසන් තීරණයක් ගැනීම සඳහා යනුවෙනි.
එමෙන්ම මේ වන විට මන්නාරම් සමූහ මිණිවලේ මෙතෙක් සිදු කරන ලද කැනීම් වලදී මිනිස් සිරුරු කොටස් 342 ක් හමු වී ඇති අතරම ඉන් සම්පූරණ මිනිස් සිරුරු කොටස් 330 ක් ඉවත් කොට මන්නාරම් අධිකරණයේ තැන්පත් කොට ඇති අතරම එම සිරුරු අතර කුඩා ළමුන්ගේ සිරුරු කොටස් 30 ක් ඇති බවටද වෛද්‍ය සමින්ද රාජපක්ෂ වැඩි දුරටත් කියා සිටියේය.
(වන්නි රොමේෂ් මධුෂංඛ)
COMMENTS