අය-වැයට සහාය දැක්වීම සඳහා දෙමළ ජාතික සන්ධානය කිසිඳු කොන්දේසියක් ඉදිරිපත්කර නොමැති බව විදුලිබල, බලශක්ති සහ ව්‍යාපාර සංවර්ධන අමාත්‍ය රවී කරු...
අය-වැයට සහාය දැක්වීම සඳහා දෙමළ ජාතික සන්ධානය කිසිඳු කොන්දේසියක් ඉදිරිපත්කර නොමැති බව විදුලිබල, බලශක්ති සහ ව්‍යාපාර සංවර්ධන අමාත්‍ය රවී කරුණානායක මහතා පවසයි.
වව්නියාවේදී මාධ්‍ය අමතමින් ඔහු මේ බව ප්‍රකාශ කළේය.
ආණ්ඩුවේ එකම කොන්දේසිය වන්නේ රටේ සිංහල දෙමළ මුස්ලිම්, බර්ග, මැලේ යන සියලුම ජාතීන් එකට ජීවත් වන වැඩපිළිවෙලක් බව අමාත්‍යවරයා පෙන්වා දෙයි.
කොන්දේසිය ඉදිරිපත් කරනු ලබන්නේ අන්තවාදීන් බවත් රටේ සංවර්ධනයට බදා කරන සහ රට සුභවාදීව ගමන් කිරීම ඇණහිටවන පුද්ගලයින් බව අමාත්‍ය රවී කරුණානායක මහතා වැඩිදුරටත් පැවසීය.
COMMENTS