දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

පැනඩෝරාහි ධනය සැගවූ ලාංකිකයන් අල්ලයි..

අයථා ලෙස ඩොලර් බිලියන ගණනක වත්කම් ඉපැයූ බව කියන පැන්ඩෝරා ලියවිලි වල නම් සඳහන් ශ්‍රී ලාංකිකයන් සම්බන්ධයෙන් දේශීය ආදායම් බදු දෙපාර්තමේන්තුව ...

අයථා ලෙස ඩොලර් බිලියන ගණනක වත්කම් ඉපැයූ බව කියන පැන්ඩෝරා ලියවිලි වල නම් සඳහන් ශ්‍රී ලාංකිකයන් සම්බන්ධයෙන් දේශීය ආදායම් බදු දෙපාර්තමේන්තුව පරීක්ෂණ කටයුතු අඛණ්ඩව සිදුකරන බව මහජන ආරක්ෂක අමාත්‍ය විජිත හේරත් පැවැසීය.

පැන්ඩෝරා පත්‍රිකාවල සඳහන් කරුණු සම්බන්ධයෙන් හා එම ලේඛනය තුළ චෝදනා එල්ල කර ඇති මෙරට පුරවැසියන් හා දේශපාලනඥයන් සම්බන්ධයෙන් එහිදී විමර්ශන සිදු කරන බවද ඔහු සඳහන් කළේය.

නව රජය යටතේ අනිවාර්යයෙන්ම මෙම පරීක්ෂණ කටයුතු ශක්තිමත්ව ක්‍රියාත්මක කරන්නට කටයුතු කරන බවද ඔහු පැවැසීය.

මේ අතර පැන්ඩෝරා පත්‍රිකාවල නම් සඳහන් බදු පැහැර හරින ලද ශ්‍රී ලාංකේය සමාගම් සහ පුද්ගලයන් සම්බන්ධව විශේෂ විමර්ශනයක් කිරීමට රජය අණ ලබාදී ඇති බව දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ කොමසාරිස් ජනරාල් සේපාලිකා චන්ද්‍රසේකර මහත්මිය මේ පිළිබඳ  සිදුකළ විමසීමකදී පැවැසීය.

එම විමර්ශනය මේ වන විට ආරම්භ කර ඇති බවත් එය තවමත් පර්යේෂණ මට්ටමේ ඇති බවත් ඇය කීවාය.

ජාත්‍යන්තර ගවේෂණාත්මක ජනමාධ්‍යවේදීන්ගේ එකමුතු (ICIJ) සිදු කළ විශේෂ අනාවරණයට අනුව බදු පැහැර හැරීම් හා වංචා මූල්‍ය වාර්තා මිලියන 11.9ක් එම පැන්ඩෝරා ලේඛන තුළ අඩංගු වන බවට හෙළිදරවු කර තිබේ.

බදු පැහැර හැරීමේ සහ මූල්‍ය වංචා සිදුකළ පුද්ගලයන් අතර ශ්‍රී ලාංකිකයන්ගේ නම්ද ඇතුළත් විය.

පසුගිය 2021 ඔක්තෝබර් 3දා ජාත්‍යන්තර ගවේෂණාත්මක ජනමාධ්‍යවේදීන්ගේ එකමුතුව මෙම ‘ පැන්ඩෝරා පත්‍රිකා’ හෙළිදරවු කිරීම සිදු කළහ.

රටවල් 117ක මාධ්‍යවේදීන් 600ක් එම විමර්ශනය සඳහා එකතු වී තිබිණි.

ගවේෂණාත්මක මාධ්‍යවේදීන්ගේ ජාත්‍යන්තර සම්මේලනය ප්‍රකාශයට පත්කරන ලද පැන්ඩෝරා ලියවිලිවල සඳහන් ශ්‍රී ලාංකිකයන් සම්බන්ධයෙන් දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට පැවැරී ඇති බලතල අනුව විශේෂ විමර්ශනයක් ආරම්භ කළ බව එහි ජ්‍යෙෂ්ඨ නිලධාරීනීයක් 2021 ඔක්තෝබර් 13 වැනිදා මාධ්‍ය වෙත ප්‍රකාශ කර තිබිණි.

ඒ අනුව පැන්ඩෝරා ලියවිලිවල අන්තර්ගත ශ්‍රී ලාංකිකයන්ගේ බදු ගෙවීම් වලට අදාළ ලිපිගොනු පරීක්ෂා කිරීමක් හා බදු පැහැරහැරීම් වී තිබේදැයි මෙහිදී විමර්ශනයට ලක්වන බව දේශීය ආදායම් දෙපාර්තමේන්තුව සඳහන් කර තිබිණි.

අධිකරණයෙන් ඊට අදාළ වාර්තා කැඳවීමක් වුවහොත් ඒවා ලබාදීමට දේශීය ආදායම් බදු දෙපාර්තමේන්තුව බැදී සිටින්නේ යැයිද දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීනීයක වැඩිදුරටත් සඳහන් කර තිබිණි.

– මිතුන් ජයවර්ධන, සචිත‍්‍ර පෙරේරා

COMMENTS

PropellerAds
Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,28964,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: පැනඩෝරාහි ධනය සැගවූ ලාංකිකයන් අල්ලයි..
පැනඩෝරාහි ධනය සැගවූ ලාංකිකයන් අල්ලයි..
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEguw_-Ma_PK_FUyBIoVYJUlxwKAc5vJgeyxbfgHIXIDL37WCGmrc_D5yJ60qbCzx4j9QxyqqcFFU1zLWtYWSqTin1PgY1LbkIwfpjV_71qae6RnRZBk10_Vcxn-BHhsn0r1dZafRKezjKHCxX4lUkLCphBTJhE24jtyllLtC_QLlVJae2VTAXUIsphakCOc/s320/viji.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEguw_-Ma_PK_FUyBIoVYJUlxwKAc5vJgeyxbfgHIXIDL37WCGmrc_D5yJ60qbCzx4j9QxyqqcFFU1zLWtYWSqTin1PgY1LbkIwfpjV_71qae6RnRZBk10_Vcxn-BHhsn0r1dZafRKezjKHCxX4lUkLCphBTJhE24jtyllLtC_QLlVJae2VTAXUIsphakCOc/s72-c/viji.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2024/10/blog-post_40.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2024/10/blog-post_40.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy