දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
"මා බිහි කළ සුජාත දරුවා අද අපචාරයට ලක්වෙලා" - ජනපති
Homeප්‍රවෘත්ති

"මා බිහි කළ සුජාත දරුවා අද අපචාරයට ලක්වෙලා" - ජනපති

PropellerAds

2015 ජනවාරි 08 වනදා සිය මැතිවරණ ප්‍රකාශය තුළින් මේ රටේ ජනතාවට ලබාදුන් පොරොන්දුව අනුව ඉතාමත් පිරිසිදු හා පාරිශූද්ධ චේතනාවෙන් මෙන්ම බලාපොරොත...

භයානක කටයුත්තකට ආණ්ඩුව අරඅඳිමින් ඉන්නවා - විපක්ෂ නායක (video)
කාර් මිල වැඩිකිරීම මාෆියාවක්… මේ මිලට වැඩියෙන් වාහන ගන්න එපා - (video)
ගාල්ල කැළඹයි! හිස කපා වෙන් කළ නිරුවත් සිරුරක් මුහුදේ පාවෙයි

2015 ජනවාරි 08 වනදා සිය මැතිවරණ ප්‍රකාශය තුළින් මේ රටේ ජනතාවට ලබාදුන් පොරොන්දුව අනුව ඉතාමත් පිරිසිදු හා පාරිශූද්ධ චේතනාවෙන් මෙන්ම බලාපොරොත්තු රැසක් සමඟ ,පාර්ලිමේන්තුවේ 225 න් 215 දෙනෙකුගේම කැමැත්ත අනුව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 19 වන සංශෝධනය නම් සුජාත දරුවා තමා විසින් බිහි කරන ලද බව ජනාධිපතිවරයා සිහිපත් කළේය.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මේ බව ප්‍රකාශ කළේ ව්‍යවස්ථා සභාව පිළිබඳ විවාදයට ඊයේ (21) පාර්ලිමේන්තුවේ දී එක් වෙමිනි.

19 වන සංශෝධනයට අනුව ව්‍යවස්ථා සභාව සහ ස්වාධීන කොමිෂන් සභා පත්කිරීමට කටයුතු කළ අතර එහි වගකිම්, ප්‍රතිපත්ති සහ මගපෙන්වීම පිළිබඳ 19 වන ව්‍යවස්ථා සංශෝධනයේ පැහැදිළිව සඳහන්ව තිබුණ ද එම කිසියම්ම කරුණක් මෙතෙක් ඉටු වී නොමැති බව ජනාධිපතිවරයා මෙහි දී පෙන්වා දුන්නේ ය.

එමෙන්ම ජනාධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේ ස්වාධීන කොමිෂන් සභා පිළිබඳ තමා පසුගියදා පාර්ලිමේන්තුවේ දි කළ ප්‍රකාශය පිළිබඳ ඉතා වැරදි අර්ථ කථනයක් ලබාදෙමින් සිදුකරන දැඩි විවේචන තරයේ ප්‍රතික්ෂේප කරන බවයි.

ශ්‍රේෂ්ඨාධිකරණයට සහ අභියාචනාධිකරණයට පත්කර ඇති විනිසුරුවරුන් පිළිබඳ තමාගේ කිසිදු විරුද්ධත්වයක් නොමැති අතර තමාගේ ගැටලුව වන්නේ තමා විසින් ව්‍යවස්ථා සභාවට ඉදිරිපත් කරන විනිසුරුවරුන්ගේ නම් ප්‍රතික්ෂේප වීම පිළිබඳව බව ජනාධිපතිවරයා කියා සිටියේ ය.

යම් විනිසුරුවරයෙකුගේ නමක් ව්‍යවස්ථා සභාවෙන් ප්‍රතික්ෂේප වන්නේ නම් එය එසේ වන්නේ ඇයි ද යන්න දැන ගැනීමට එම විනිසුරුවරුන්ට අයිතියක් ඇති බව පැවසූ ජනාධිපතිවරයා තමන්ගේ උසස්වීමක් අහිමිවන අවස්ථාවේ එසේ ප්‍රශ්න කිරීමට කම්කරුවෙකුට පවා ශුද්ධ වූ අයිතියක් ඇති බව සඳහන් කළේය.

මේ හේතුවෙන් එම විනිසුරුවරුන් තුළ ඇතිව ඇති අපේක්ෂා භංගත්වය සහ උසස්වීම් අපේක්ෂාවෙන් සිටින ඉදිරි පිරිස වෙනුවෙන් සාධාරණත්වයෙන් අපක්ෂපාතිත්වයෙන් යුත් ක්‍රමවේදයක් උදෙසා තමා එම මැදිහත්වීම සිදුකළ බව ප්‍රකාශ කළ ජනාධිපතිවරයා ප්‍රශ්නය කණපිට හරවා තමා පිළිබඳ වැරදි චිත්‍රයක් මවා පෑමට ඇතැම් පිරිසක් උත්සහ කරන බව කියා සිටියේ ය.

ශ්‍රේෂ්ඨාධිකරණයට සහ අභියාචනාධිකරණයට විනිසුරුවරුන් පත් කිරීම සාධාරණත්වයෙන් සහ විනිවිදභාවයෙන් යුතුව සිදු වන්නේ නම් ඒ සඳහා නම් ඉදිරිපත් කරන ජනාධිපතිවරයාට ද ඒ පිළිබඳ දැන ගැනීමට අයිතියක් තිබෙන නමුත් මේ වන තෙක් එම නම් ප්‍රතික්ෂේප වීම පිළීබඳව කිසිදු අවස්ථාවක තමා දැනුවත් කර නොමැති බව ජනාධිපතිවරයා පැවසීය. එසේම ව්‍යවස්ථා සභාවෙන් මාස 03 කට වරක් තමා වෙත වාර්තාවක් ලැබෙන නමුත් එම කරුණ පිළිබඳ කිසිවක් එහි පැහැදිළිව සඳහන්ව නොමැති බව ජනාධිපතිවරයා සඳහන් කළේය.

ව්‍යවස්ථාදායකය, විධායකය සහ අධිකරණය යන තුනම ව්‍යවස්ථා සභාවෙන් පාලනය වන තත්ත්වයක් අද දක්නට ලැබෙන බව ද මෙහිදී ප්‍රකාශ කළ ජනාධිපතිවරයා ව්‍යවස්ථා සභාවක් ක්‍රියාත්මකවීමේ දී කිසිදු අවස්ථාවක එය විධායක ජනාධිපතිවරයාගේ බලතල අභිබවා ක්‍රියාත්මකවීමක් සිදු නොවිය යුතු බව ද ප්‍රකාශ කළේය.

19 වන සංශෝධනය හරහා බිහි වූ අනෙකුත් සුජාත දරුවන් වන්නේ ස්වාධීන කොමිෂන් සභා බව පැවසූ ජනාධිපතිවරයා එය වැරදි පාරේ යන්නේ නම් යහපාලනය සහ ප්‍රජාතන්ත්‍රවාදය අපේක්ෂා කරන සමාජය බලාපොරොත්තු වන අරමුණු ඉටු නොවන බව ද කියා සිටියේය.

ලොව කිසිදු නායකයෙකු සිදු නොකළ අන්දමින් බලයට පත් වූ පසුව තම බලය දන් දුන් මෑත යුගයේ එකම නායකයා තමා බව පැවසූ ජනාධිපතිතුමා තමා එසේ සිදු කළේ යහපත් රාජ්‍ය පාලනයක් පිලිබඳ අරමුණු ඉටුකර ගැනීමේ ඉතා පවිත්‍ර චේතනාවෙන් බවත්, ජනාධිපති ධූරය අහෝසි කිරීම පිළිබඳ උත්තරීතර පාර්ලිමේන්තුවේ තීරණය කුමක් වුව ද එදා මෙන්ම අද දවසේ ද තමා ඊට එකඟ බවත් ජනාධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29286,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: "මා බිහි කළ සුජාත දරුවා අද අපචාරයට ලක්වෙලා" - ජනපති
"මා බිහි කළ සුජාත දරුවා අද අපචාරයට ලක්වෙලා" - ජනපති
http://am.lk/media/k2/items/cache/85a5ef53a59572626f464a6805b5bffa_S.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2019/02/blog-post_966.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2019/02/blog-post_966.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy