දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
රත්ගම අතුරුදන් දෙදෙනා පොලිසියෙන් මරා පිළිස්සූ බවට නිර්නාමික ලිපියක්
Homeගොසිප්

රත්ගම අතුරුදන් දෙදෙනා පොලිසියෙන් මරා පිළිස්සූ බවට නිර්නාමික ලිපියක්

PropellerAds

බූ ස්ස රත්න උදාගම ප‍්‍රදේශයේදී පුද්ගලයන් දෙදෙනකු  අතුරුදන් වීම අඟුලානේදී පොලිස් නිලධාරීන් විසින්  තරුණයන් දෙදෙනකු ඝාතනය කිරීම හා සමාන සිද්ධ...

පේරාදෙණිය-මොරටුව සරසවි ශාඛා මාලදිවයිනේ
දියණිය අපයෝජනය කළ පියා තමන්ගේ 70 මවටත් අතවර කරන්න හදලා
ළමා උත්සවයකට කේට් කුමරිය ඇන්ද ඇඳුම විවේචනයට ලක්වේ
බූස්ස රත්න උදාගම ප‍්‍රදේශයේදී පුද්ගලයන් දෙදෙනකු  අතුරුදන් වීම අඟුලානේදී පොලිස් නිලධාරීන් විසින්  තරුණයන් දෙදෙනකු ඝාතනය කිරීම හා සමාන සිද්ධියක් වේදැයි සැකකරන බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් ඊයේ ප‍්‍රකාශ කළේය.
තිදරු පියෙකු හා එක් දරු පියෙකු බුස්සේදී පසුගිය ජනවාරි මාසයේ
අතුරුදන් වීමේ සිද්ධිය පිළිබඳව රත්ගම හා ගාල්ල පොලිස් ස්ථාන මගින් සිදුකරන විමර්ශන කටයුතු කෙරෙහි සෑහීමකට පත් නොවන නිසා පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා විසින් විමර්ශන කටයුතු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අභිරහස් මිනීමැරුම් සෙවීමේ අංශයට භාර කර ඇත.

ජනවාරි 23 වැනිදා දහවල් 10.15 ට පමණ රත්ගම උදාගමට පැමිණ පැහැරගෙන ගොස්

තිබුණේ 33 හැවිරිදි තිදරු පියෙකු වන  මංජුල අසේල කුමාර හා 31 හැවිරිදි එක්දරු පියෙකු වන කේ. රසින් චින්තක යන දෙදෙනායි.
රසින් ධීවර වරායෙන් මාළු මිලට ගෙන මීගමුවට ප‍්‍රවාහනය කළ තොග ව්‍යාපාරිකයෙකි. මංජුල රත්ගම නගරය ආසන්නයේ කුකුළු මස් ව්‍යාපාරයක් පවත්වාගෙන ගිය අයෙකි. මෙම සිද්ධිය පිළිබඳ විමර්ශන කටයුතු කිරීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අභිරහස් මිනීමැරුම් සෙවීමේ අංශයේ නිලධාරීන් කණ්ඩායමක් ඊයේ  බූස්ස රත්ගම ප‍්‍රදේශයට ගොස් ඇත.

මෙම පුද්ගලයන් දෙදෙනා සම්බන්ධයෙන් මෙතෙක් තොරතුරක් සොයා ගැනීමට නොහැකි වී ඇත.

මේ දෙදෙනා අතුරුදන් වීමේ සිද්ධිය සම්බන්ධයෙන් රත්ගම පොලිසිය විමර්ශන සිදු කළත් ඒ සම්බන්ධයෙන් කිසිදු හෝඩුවාවක් සොයා ගැනීමට නොහැකි වී ඇතැයි උසස් පොලිස් නිලධාරියෙක්  පැවසීය. මෙහිදී අතුරුදන් වී සිටින්නේ තිදරු පියෙකු වූ 33 හැවිරිදි මංජුල අසේල කුමාර සහ 31 හැවිරිදි එක් දරු පියෙකු වන රසින් චින්තක නමැත්තන්ය. එක් අයෙක් මත්ස්‍ය ව්‍යාපාරයෙත්, අනෙක් පුද්ගලයා කුකුළු මස් ව්‍යාපාරයෙත් නිරතව සිටියේය.

පොලිස් නිල ඇඳුමට සමාන ඇඳුම්වලින් සැරසුණු පුද්ගලයන් 13 දෙනකු පමණ ගිනිඅවි ද රැුගෙන වෑන් රථ දෙකකින් පැමිණ මේ දෙදෙනා පැහැර ගෙන ගිය බවට රත්ගම පොලිසියට පැමිණිලි ලැබී ඇත. ඔවුන් දෙදෙනා සොයා ගැනීම සඳහා නිවැසියන් රත්ගම සහ ගාල්ල පොලිස් ස්ථාන වෙත ගොස් ඇතත් කිසිදු තොරතුරක් නොලැබීම නිසා පසුගිය 26 වැනිදා ගාල්ල - කොළඹ මාර්ගය හරස් කරමින් විරෝධතාවක් ද දක්වා තිබිණි.

මේ අතර පසුගිය 06 වැනිදා මංජුලගේ නිවසට ඔහුගේ බිරිඳ වන සමන්තිගේ නමට ලැබුණු නිර්නාමික ලිපියක් මගින් අතුරුදන් දෙදෙනා පොලිසිය මගින් රැුගෙන ගිය බවත් ඔවුන්ට පහරදීමේදී එක් අයකු මියගිය නිසා එය දුටු අනෙක් පුද්ගලයා ද ඝාතනය කර පුළුස්සා දැමූ බවටත් හෙළි කර තිබිණි.

 අතුරුදන් මංජුල අසේල කුමාරගේ බිරිඳ වන මංජුලා සමන්ති මෙසේ කියා ඇත.

''මහත්තයා අරගෙන යනකොට මම හිටියේ කඬේ. ඒ ඉන්නකොට අම්මා ඇවිල්ලා කිව්වේ

කළු වෑන් එකකුයි සුදු කාර් එකකුයි ඇවිල්ලා මංජු අරන් ගිහිල්ලා කියලා. මේ වාහන දෙකේම ඇවිල්ලා තියෙන්නේ පොලිස් යුනිෆෝම් ඇඳපු අය. 13 දෙනෙක් විතර ආවා කියලා දැකපු අය කියන්නේ.

මම ඒ වෙලාවෙම ගෙදර ඇවිල්ලා රත්ගම පොලිසියට ගියා. පොලිසියෙන් ඒ වෙලාවේ පැමිණිල්ල ලියා ගත්තේ නැහැ. හවස් වෙලා එන්න කිව්වා. ඊට පස්සේ අපි ගාල්ලේ පොලිසියට ගියා එයාලත් ලියාගත්තේ නැහැ. එයාලත් කිව්වේ හවස් වෙනකම් බලන්න කියලා. ආපහු අපි රත්ගම පොලිසියට හවස 4 ට ගිහින් 7 වෙනකම් ඉඳලා තමයි පැමිණිල්ල ලියා ගත්තේ. ඊට පස්සේ අපි දිනපතාම පොලිසියට ගිහින් තොරතුරු සෙව්වා කිසිදු තොරතුරක් නොලැබුණු නිසා තමයි උද්ඝෝෂණය කළේ. 6 වැනිදා තමයි මේ විස්තර කියලා නිර්නාමික ලිපියක් ආවේ. අපි ඒ ලියුම අරගෙන රත්ගම පොලිසියට ගිහින් ලොකු මහත්තයට දුන්නා. ඒ ලියුම ගාල්ලේ සතිස් ගමගේ මහත්තයට භාරදීලා තියෙනවා. මේ අය ගැන තොරතුරක් දුන්නේ නැහැ. .''

රසින්ගේ බිරිඳ වන දීපානි ප‍්‍රියංකා මෙසේ කියා ඇත.

''මහත්තයා එදා ගාල්ලේ පියර් එකට ගිහින් 9.58 වෙනකොට ගෙදරට ආවා. සීසීටීවී කැමරාවේ සටහන් වෙලා තියෙනවා. එයා ආපහු සල්ලි දෙන්න ආයෙත් පියර් එකට යන්න තියෙනවා කියලා ගෙදරින් ගියා. ඒ ගිහිල්ලා විනාඩි දහයක් ගියේ නැහැ පණිවිඩයක් ආවා මෙහෙම පොලිසියෙන් ඇවිල්ලා අරගෙන ගියා කියලා.

අපි ඒ වෙලාවෙම රත්ගම පොලිසියට ගියා. ගාල්ලේ පොලිසියට ගියා. ඒ දෙකෙන්ම ඒ වෙලාවේ පැමිණිලි ලියාගත්තේ නැහැ. පස්සේ රත්ගම පොලිසියට පණිවිඩයක් ආවේ නැහැ කියලා හවස 6.30 ට විතර තමයි පැමිණිල්ල ලියා ගත්තේ. සති තුනකටත් වැඩියි අද වනතුරු කිසි තොරතුරක් නැහැ. පොලිස් අධිකාරි සතිෂ් ගමගේ මහත්තයා කිව්වේ දෙන්නා ඉන්නවා කියලා හිත හදාගෙන ගෙදර යන්න කියලා.ඒ අතරතුර තමයි සමන්ති නංගිට නිර්නාමික ලිපියක් ලැබිලා තියෙන්නේ. ඒ ලිපියත් රත්ගම පොලිසියටයි. මාතර පොලිසියට පෙන්නුවා. ඒත් අපිට පැහැදිලි උත්තරයක් ලැබුණේ නැහැ.'

පොලිසියට එල්ලවන චෝදනා සම්බන්ධයෙන් රත්ගම පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්‍ෂක ප‍්‍රසාද් විතාන  මෙසේ කියයි

අපට ඔය කියන විදිහට මිනිසුන් පැහැරගෙන යන්න කිසිම අවශ්‍යතාවයක් නැහැ. කිසියම් සිදුවීමක් වෙලා තියෙනවා. අපි ඒ පිළිබඳව විධිමත් පරීක්‍ෂණයක් සිදු කරමින් ඉන්නේ. ඒ අනුව ඉක්මණින්ම මෙය අනාවරණය කරගත හැකිවේවි
Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29300,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: රත්ගම අතුරුදන් දෙදෙනා පොලිසියෙන් මරා පිළිස්සූ බවට නිර්නාමික ලිපියක්
රත්ගම අතුරුදන් දෙදෙනා පොලිසියෙන් මරා පිළිස්සූ බවට නිර්නාමික ලිපියක්
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhVAEXfYKE-GN3EzlHh9HQMZ5JPkhLo2n_ofQfsDi3v5isUZLpDAhb9Qj1NQHQqa7eFCqZLbbTEVr4DYOCdSrUJWIwuDSBVt1-bPz4K6bU6gd359TDWrKe58Peno2drcjF46eFn7h5vmIQ/s1600/c1.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhVAEXfYKE-GN3EzlHh9HQMZ5JPkhLo2n_ofQfsDi3v5isUZLpDAhb9Qj1NQHQqa7eFCqZLbbTEVr4DYOCdSrUJWIwuDSBVt1-bPz4K6bU6gd359TDWrKe58Peno2drcjF46eFn7h5vmIQ/s72-c/c1.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2019/02/blog-post_956.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2019/02/blog-post_956.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy