දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)

ඇරියස් කවර් කරන්න දිනපු ශ්‍රී ලංකා ක්‍රිකට්

ප සුගිය සෙනසුරාදා ඩර්බන් නුවරදී පැවැති දකුණු අප්‍රිකාව සමග පළමු ටෙස්ට් තරගය ජයග්‍රහණය කිරීම ශ්‍රී ලාංකිකයින්ට සතුටට කාරණාවක් විය. එහිදී කුස...

https://www.gossiplankanews.com/2019/02/sri-lanka-cricket-in-tense.html#more
සුගිය සෙනසුරාදා ඩර්බන් නුවරදී පැවැති දකුණු අප්‍රිකාව සමග පළමු ටෙස්ට් තරගය ජයග්‍රහණය කිරීම ශ්‍රී ලාංකිකයින්ට සතුටට කාරණාවක් විය. එහිදී කුසල් පෙරේරා දැක්වූ විශේෂ දක්ෂතාවය කාගේත් ප්‍රශංසාවට ලක්විය. මින් සති කිහිපයකට පෙර
තිසර පෙරේරා දැක්වූ ක්‍රිඩා දක්ෂතාවයන්ද ඉහළ ඇගයීමට ලක්විය. නමුත් එදා තිසර මෙන්ම මෙදා කුසල් ක්‍රීඩා කර ඇත්තේ 'ඇරියස් කවර් කිරීමට' බවට ඔවුන් කරන ප්‍රකාශ වලින් මේ වනවිට ඒත්තු ගැන්වී තිබේ. තමා සටන් වැදුනේ මාලිංගගේ බිරියගේ අරියාදුවට බව තිසර කියද්දී තමා සටන් කළේ කෝච්ට එල්ලවූ පීඩනය නිසා බව කුසල් කියා තිබේ.

සැබෑ ක්‍රිකට් දක්ෂතාවයන් සහ කිසිවෙකුගේ පුද්ගලික ගැටලුවක් මත ඇතිවූ ආවේගයන් මත ක්‍රීඩා කර ලබන සමත්කම් අතර විශාල වෙනසක් තිබේ. ආවේගාත්මක සමත්කම් තාවකාලිය. ඒ ගැන විශ්වාසය තැබිය නොහැකිය යන්න විශේෂඥ මතයයි.


මේ අතරවාරයේ ලංකාවේ ක්‍රිකට් අයිකනයක්වූ මුරලිදරන්ද ජාත්‍යන්තර මාධ්‍ය ඉදිරියේ පවසා ඇත්තේ ලංකාවේ ක්‍රිකට් දැන් ගොඩගන්නට බැරි බවත් ඒ ක්‍රීඩකයින්ගේ වරද නිසා බවත්ය.

ඇරියස් කවර් කිරීමට ක්‍රිකට් ගැසූ බව හෙලිකරන වීඩියෝ පටයක් මේ වනවිට සමාජ මාධ්‍ය තුළද සංසරණය වෙමින් පවතී විවේකාගාරයේදී කේක් කපා ජයග‍්‍රහණය සැමරූ අවස්ථාව දැක්වෙන එහි සටහන හා වීඩියෝව පහතින්


කුසල් පෙරේරා :

අපට ප‍්‍රශ්න තිබුණාම අපව බැක් කළා (සහයෝගය දුන්නා). ප‍්‍රශ්න තිබ්බා ගොඩාක්...........
කතාකරගෙන ඇවිල්ලා කෝච් දුන්නා ෆ‍්‍රීඩම් එක (නිදහස). හැබැයි සමහර දේවල් තියෙනවා තාමත් අපට ප‍්‍රශ්න තියෙන. මේව මම හිතනවා මැනේජර් ගිහිල්ලා බෝඩ් එකට කියලා ටීම් එක වෙනුවෙන් හදයි කියලා
අද මම කියන්නේ හේතුව මේ....

(කුසල් පෙරේරා නොවන වෙනත් අයෙක් පුහුණුකරුවා සොයයි. කී‍්‍රඩකයන් වටවී සිටියද හතුරුසිංහ මහතා පෙනෙන්නට නැත.)

වෙනත් ක්‍රීඩකයෙක්

කෝ...කෝච් එන්න...ඔයා තමයි  ඕනේ...
කෝච් නිසා තමයි හැම දෙයක්ම වුණේ. මම ගැහුවේ....
එකම දේ...මට තරහක් තිබ්බා...කෝච් හින්දා මම ගැහුවේ මට කියපු කියපු ස්කෝස්....මට පුළුවන් දේ කරනවා. මම හිතනවා ටීම් එකක් විදිහට වැඬේ කරනවා...

(ක්‍රීඩකයෙක් පුහුණුකරුවාට සුබ ප‍්‍රාර්ථනා කිරීමට මූලිකත්වය ගනී. සියල්ලෝම ඊට එක්වෙති)


ක්‍රීඩකයෙක්

ත්‍රී හාර්ටි චියර්ස් ෆෝ ද කෝච්.....
හිප් හිප් හුරේ........! හිප් හිප්..හුරේ...........!! හිප් හිප්  හුරේ...............!!!

කුසල් පෙරේරා
ඔය මැසේජ්එක හැබැයි මෙතන්ට නෙමේ අතෙන්ට යන්න  ඕන ආ.....

නිරෝෂන් දික්වැල්ල
තව කවුරුවත් ඉන්නවද...හිතේ තියෙන දේවල් කියන්න මෙතන.....ආ...

සුරංග ලක්මාල්
මම ඉන්නවා......

ක්‍රීඩකයෙක්
එන්න සුරංග අයියා........එන්න සුරංග අයියා.......
කියන්න...බනින ඒවා බනින්න...කියන්න මෙතන....තියෙන ඒවා ඉවර කරන්න...

වෙනත් ක්‍රීඩකයෙක්
කෝ...කෝච් කෝ....කෝච් සර් එන්න.....
තවත් ක්‍රීඩකයෙක්
බිහන්ඞ් ද සීන්

සුරංග ලක්මාල්
මචං.. නියම එෆර්ට් එක. මං දන්නවා කෝච් ගැන...මම 2007 දී ඉස්සරවෙලාම කෝච් එක්ක ටුවර් එකක් ගියේ. අපට ගොඩාක් අකටයුතුකම් වුණා. ගොඩාක් අපතයො අපට එක එක දේවල් කිව්වා. හැබැයි අපිට හංගි‍්‍රඑක (තදබල උවමනාව) තිබුණේ දිනන්නනේ....අපට ඒක කරලා පෙන්නන්න  ඕන වුණා. අපට  ඕන  දිනන්න.
අපට ප්‍රෙෂර් එක (පීඩනය) දැම්මා. අපට වැඩිය..... මං හිතන්නේ හතුරු සර්ට ප්‍රෙෂර් එක දැම්මා. මොකද අපි වෙනුවෙන් හැම තිස්සෙම, 200% ක්ම එයා පෙනී හිටියා. එන ප‍්‍රශ්න එතනින් නැවතුණා. අපට ආවෙ නෑ.......
මම දන්නවා ගොඩක් ප‍්‍රශ්න....... හැබැයි එතනින් නැවතුණා....... එයා අපිට ඒ ප්‍රෙෂර් එක දුන්නෑ.
හැබැයි මචං, අද අපි කරල පෙන්නුවා, අපට දිනන්න පුළුවන් කියන එක. මේ යුනිටි එකයි (එකමතුකම), මේ හැමදේම තියාගෙන මචං, තව එක මැච් එකක් තියෙනවා.
එකම අභිප‍්‍රාය..........අපට ලොකු බලාපොරොත්තු  ඕන නෑ........... මේ මැච් එක ගිය විදිහටම අපි යං.........හරිද....
පර්ෆෝම් කරන්න (දස්කම් පෙන්වන්න) පුළුවන්.....නැති වෙන්න පුළුවන්.........ඒත් අපි ටීම් එකක් විදිහට ඉන්න එක තමයි මාර ඉම්පෝර්ටන්ට්..........(ඉතාම වැදගත්)...මෙතන ඉන්න හැමෝම..........ඉන්න 24 ද 25 ද....
අපි මචං සපෝර්ට් දීල ගැහුවා...........
තමන් හැමෝම දන්නවා...100% දීපු කට්ටිය...200% දීපු කට්ටිය...ඔක්කොම හිතට එකඟව දන්නවා................ඒ හින්ද මං කියන්නේ එක දෙයයි...
අපි ගහන්න  ඕන මචං.............කෝච් වෙනුවෙන්................
කෝච්ට තමයි මෙතන 150% ක් පෙෂර් එක දෙන්නේ
ක්‍රීඩකයකු හෝ දෙදෙනකු නැවත වරක් පුහුණුකරුවාට සුබ ප‍්‍රාර්ථනා කිරීමට මූලිකත්වය ගනී. සෙසු සියල්ලෝම ඊට එක්වෙති)
හිප් හිප්....හුරේ....! හිප් හිප්....හුරේ....  හිප් හිප්....හුරේ.... !!!

COMMENTS

PropellerAds
Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,28553,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: ඇරියස් කවර් කරන්න දිනපු ශ්‍රී ලංකා ක්‍රිකට්
ඇරියස් කවර් කරන්න දිනපු ශ්‍රී ලංකා ක්‍රිකට්
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjdoJxLswMKq2lz4dR4VSR2igfUQnewm-VvQKWK68-4jmn8HVlATwEoVQYKjcyHAQ7ojEXzeecngy6AA7jwIXgHzlsRzDZ_QLPg51ZPcwoxor8dl4axyN2sdZeUeRnFd6IBWcMF4G8VA7A/s1600/collage.png
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjdoJxLswMKq2lz4dR4VSR2igfUQnewm-VvQKWK68-4jmn8HVlATwEoVQYKjcyHAQ7ojEXzeecngy6AA7jwIXgHzlsRzDZ_QLPg51ZPcwoxor8dl4axyN2sdZeUeRnFd6IBWcMF4G8VA7A/s72-c/collage.png
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2019/02/blog-post_880.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2019/02/blog-post_880.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy