ඉදිරි කැබිනට් සංශෝධනයේදී එක්‌සත් ජාතික පක්‌ෂයේ ජ්‍යෙෂ්ඨ ඇමැතිවරුන් තිදෙනකුගෙන් දෙදෙනකු විශේෂ කාර්ය භාර ඇමැතිවරු ලෙස පත් කෙරෙනු ඇතැයි ...
ඉදිරි කැබිනට් සංශෝධනයේදී එක්‌සත් ජාතික පක්‌ෂයේ ජ්‍යෙෂ්ඨ ඇමැතිවරුන් තිදෙනකුගෙන් දෙදෙනකු විශේෂ කාර්ය භාර ඇමැතිවරු ලෙස පත් කෙරෙනු ඇතැයි 'දිවයින' පුවත්පත වාර්තා කර තිබේ.
එම ඇමැතිවරුන් දැනට දරන කැබිනට් අමාත්‍ය ධුර කාර්යක්‌ෂම තරුණ ඇමැතිවරුන් දෙදෙනකුට පැවරෙන බව ද එම තිදෙනාගෙන් එක් ජ්‍යෙෂ්ඨ ඇමැතිවරයකුගේ ක්‍රියා කලාපය පිළිබඳව ජනාධිපතිවරයාගේ දැඩි විරෝධය පළ වී ඇතැයි ද එම පුවත් වාර්තාවේ සඳහන් වේ.
මේ අතර මහා මාර්ග අමාත්‍යාංශය මහින්ද අමරවීර මහතා වෙත පැවරීමට ජනාධිපතිවරයා යෝජනා කර ඇතත් අගමැතිවරයා එයට අකමැත්ත පළකර ඇතැයි වාර්තාවේ.
මෙවර කැබිනට් සංශෝධනයේ දී සුළු වෙනස්‌කම් කිහිපයක් පමණක් කිරීමට මුලදී යෝජනා වී තිබුණ ද බලගතු කැබිනට් වෙනසක් සිදු කළ යුතු බව ජනාධිපතිවරයාගේ අදහස වී ඇත.
ඒ අනුව කාර්යක්‌ෂම තරුණ ඇමැතිවරුන්ට වගකීම් පැවරීමට ආණ්‌ඩුව තීරණය කර ඇත. මේ නිසා කැබිනට් සංශෝධනය දැඩි දුෂ්කර වී ඇතැයි ද රජයේ ආරංචි මාර්ග පවසයි.
අගමැතිගේ අනුකුලතාවයක් නැති ලු !
අගමැති රනිල් වික්‍රමසිංහ මහතා විසින් ඊයේ (21) දිනයේ යොමු කර ඇති කැබිනට් සංශෝධන මඟින් ජනාධිපතිවරයා විසින් අනිවාර්යෙන්ම වෙනස් කළ යුතු බව කියූ කිසිඳු අමාත්‍යංශයක් හෝ විෂය පථයක් වෙනස් කිරීමට එකඟතාවයක් දක්වා නොමැති බව ජනාධිපති කාර්යාලයේ නිලධාරියකු විසින් පවත්වාගෙන යන වෙබ් අඩවියක සඳහන් වේ.
අනිවාර්යෙන්ම වෙනස් කළ යුතු බව සඳහන් කළ නීතිය හා සාමය, මුදල්, ආයෝජන වැනි අමාත්‍යංශ පෙර පරිදිම තබාගැනීමට අගමැතිවරයා විසින් සැලසුම් කර ඇති අතර මෙය ජනාධිපතිවරයා විසින් ප්‍රතික්ෂේප කොට හරවා යවා ඇතැයිද එම වෙබ් පුවතේසඳහන්වේ.
මේ අතර ජාතික රජය තවදුරටත් ගෙන යැමට අකැමැති ශ්‍රී ලංකා නිදහස් පක්‌ෂ ඇමැතිවරුන් දේශපාලන පිල් මාරුවක් සඳහා රහස් සාකච්ඡා පවත්වන බවට ද රාවයක් පවතී.
COMMENTS