දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
රනිල්ගේ මන්ත්‍රි ධුරයට එරෙහි පෙත්සම් විභාගයෙන් සභාපති විනිසුරුවරිය ඉවත් වෙයි
Homeගොසිප්

රනිල්ගේ මන්ත්‍රි ධුරයට එරෙහි පෙත්සම් විභාගයෙන් සභාපති විනිසුරුවරිය ඉවත් වෙයි

PropellerAds

අගමැති රනිල් වික්‍රමසිංහ නීති විරෝධී ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රි ධුරයෙහි රැඳී සිටින හෙයින් ඔහු එකී ධුරයෙන් නෙරපා හැරීමේ "ක්වෝ වොරන්ටෝ...

නත්තල් සීයාට එන අහඹු ලියුම්වලට උත්තර දෙන සමලිංගික යුවළ
අතුරුදන් සුනඛයා ගෙනත් දෙන්නැයි නත්තල් සීයාට ලිපියක් ලියූ දැරියට වුණ දේ
2016 දෙසැ. 25 සිට දෙසැ. 31 දක්වා සතියේ පලාපල
අගමැති රනිල් වික්‍රමසිංහ නීති විරෝධී ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රි ධුරයෙහි රැඳී සිටින හෙයින් ඔහු එකී ධුරයෙන් නෙරපා හැරීමේ "ක්වෝ වොරන්ටෝ" ආඥාවක් නිකුත් කරන ලෙසට ඉල්ලා ඉදිරිපත් කොට ඇති
'රිට්' පෙත්සම් විභාගයෙන් තමා ඉවත් වන බව අභියාචනාධිකරණයේ සභාපති විනිසුරුවරිය ඊයේ (31දා) දන්වා සිටීම මත එකී නඩු විභාගය අද (01දා) දිනය දක්වා කල් තැබිණි.

මෙම "ක්වෝ වොරන්ටෝ" රිට් පෙත්සම ප්‍රථම වරට ඉකුත් 22 වැනි දින කැඳවා තිබූ අතර, එදිනද එකී විනිශ්චය මණ්ඩලයේ ප්‍රධානත්වය දැරීමට නියමිතව සිටි වැඩබලන සභාපති විනිසුරු දීපාලි විජේසුන්දර විනිසුරුවරිය විනිශ්චයාසනාරූඪ නොවූයෙන් සෙසු විනිසුරුවරයා වූ අර්ජුන ඔබේසේකර මහතා පෙත්සම මෙලෙස ඊයේ (31දා) දිනයට කැඳවීමට දින නියම කරනු ලැබීය.

ඊයේ සභාපති විනිසුරුවරියගේ ප්‍රධානත්වයෙන් ද්විපුද්ගල විනිශ්චය මණ්ඩලය විනිශ්චයාසනාරූඪ වූ අතර එහිදී තමන් මෙකී පෙත්සම් විභාගයෙන් ඉවත්වන බැව් සභාපති විනිසුරුවරිය ප්‍රකාශ කර සිටියාය. ඉකුත් ජනවාරි මස 15 වැනි දින කොළඹ 7 ඇල්බට් චන්ද්‍රවංකයේ 30/02 හි පදිංචි කොළඹ මහ නගර සභාවේ නාගරික මන්ත්‍රිවරියක වන ෂාමිලා රොවිනා ජයවර්ධන ගෝනවල විසින් මෙම 'ක්වෝ වොරන්ටෝ' රිට් පෙත්සම ගොනුකරනු ලැබීය. එමඟින් අගමැති රනිල් වික්‍රමසිංහ පළමුවැනි වගඋත්තරකරු ලෙසත්, එජාප මහ ලේකම්වරයා දෙවැනි වගඋත්තරකරු ලෙසත්, පාර්ලිමේන්තු මහ ලේකම්වරයා තෙවැනි වගඋත්තරකරු ලෙසත්, ලංකා බැංකුව හා මහජන බැංකුව සිවුවැනි හා පස්වැනි වගඋත්තරකරුවන් ලෙසත් නම් කොට ඇත.

අගමැති රනිල් වික්‍රමසිංහ කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි ධුරයක් දැරීමත්, එකී මන්ත්‍රි ධුරය හරහා පාර්ලිමේන්තුවේ කටයුතුවලට සහභාගි වීමත්, අගමැති ධුරය හා තවත් අමාත්‍ය ධුරයක් දැරීම හා ඒවායෙහි කටයුතු කිරීමත් ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 90 (2) වගන්තිය ප්‍රකාරව සහමුලින්ම නීති විරෝධී මෙන්ම ව්‍යවස්ථා විරෝධී බැව් මෙම පෙත්සමෙන් පෙන්වා දී ඇති අතර, එබැවින් මෙම පෙත්සම විභාගයට ගැනීමටත් පෙර ප්‍රථම විමසුමේදීම අතුරු සහන නියෝගයක් ලෙස 'ක්වෝ වොරන්ටෝ' රිට් ආඥාවක් මඟින් ඔහු එලෙස කටයුතු කිරීම නඩු විභාගය නිමවා තීන්දුව ප්‍රකාශයට පත්කරන තුරු අත්හිටුවන ලෙස ඉල්ලා සිටී.

90 (2) වගන්තිය අනුව රජය හෝ රජයේ අනුබද්ධිත
ආයතනයක් හෝ සමඟ කුමන ආකාරයක හෝ ලාභ ලබන ව්‍යාපාර කටයුත්තක යෙදෙන හෝ එලෙස ක්‍රියා කරනු ලබන ආයතනයක යම් බලයක් හෝ නිලයක් දරන හෝ හිමිකාරිත්වයක් දරන අයකුට ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ මන්ත්‍රිවරයකු වශයෙන් තේරී පත්වීමට හෝ එම ධුරය දැරීමට හෝ නොහැකි බවත්, එහෙත් රනිල් වික්‍රමසිංහ රාජ්‍ය අනුබද්ධිත ආයතනයන් වන ලංකා බැංකුව හා මහජන බැංකුවට සේවා සැපයීමෙන් විශාල වශයෙන් ලාභ උපයන සමාගමක හිමිකාරත්වය දරන්නකු බවත් පෙත්සම්කාරිය කියා සිටී.

2002 සිට 2006 දක්වා කාලය තුළ කොළඹ මහ නගර සභාවේ එජාප නාගරික මන්ත්‍රිවරියක වශයෙන් කටයුතු කොට ඇති පෙත්සම්කාරිය, එම කාල වකවානුව තුළත් එකී මහ නගර සභාවේම ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු මන්ත්‍රිවරියක්ව මේ වනතුරුත් කටයුතු කරමින් සිටින කාලවකවානුව තුළත්, ඉතා පැහැදිලිවම දන්නා පරිදිත් සමාගම් රෙජිස්ට්‍රාර් ජනරාල්වරයාගෙන් ලබා ගන්නා ලද සහතික කළ ලේඛනයන්ට අනුවත්, ලංකා බැංකුව හා මහජන බැංකුව වෙතින් තොරතුරු දැන ගැනීමේ පනතේ විධිවිධාන ප්‍රකාරව ලබාගන්නා ලද ලිඛිත තොරතුරු අනුවත්, රනිල් වික්‍රමසිංහ කොටස් 38,964ක් හිමිකාරිත්වය දරන "සීමාසහිත ලේක්හවුස් ප්‍රින්ටර්ස් ඇන්ඩ් පබ්ලිෂර්ස්" සමාගමේ ප්‍රධාන කොටස්කරුවකු වන අතර ඔහු වාර්ෂිකව එමඟින් ලාභාංශ හිමිකරගන්නා පුද්ගලයකුද වශයෙන් තමා දැන දැනම නීති විරෝධී හා ව්‍යවස්ථා විරෝධී ලෙස මෙම මන්ත්‍රි ධුරය දරමින් සිටින බවත් ප්‍රකාශ කර සිටී. ජනාධිපති නීතිඥ උදිත ඉගලහේවා මහතා පෙත්සම්කාරිය වෙනුවෙන් අධිකරණය හමුවේ කරුණු දැක්වීය.

-කමල් මහේන්ද්‍ර වීරරත්න-
Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29330,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: රනිල්ගේ මන්ත්‍රි ධුරයට එරෙහි පෙත්සම් විභාගයෙන් සභාපති විනිසුරුවරිය ඉවත් වෙයි
රනිල්ගේ මන්ත්‍රි ධුරයට එරෙහි පෙත්සම් විභාගයෙන් සභාපති විනිසුරුවරිය ඉවත් වෙයි
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgZQY-fPsdSMiLVC6EPaTEp-aVRWQuyEjG4bZ8HgRyZzcRzD9z2pgxD1kxXpti8Jv8xl8p0Y_x23FJhpLqx-aI6hEyHYOoHbEzu_78Jsar_SlL6Q292pop0Ddhsja7Kiy2naHQaJ-5Z_4U/s1600/ranil-wickremesinghe.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgZQY-fPsdSMiLVC6EPaTEp-aVRWQuyEjG4bZ8HgRyZzcRzD9z2pgxD1kxXpti8Jv8xl8p0Y_x23FJhpLqx-aI6hEyHYOoHbEzu_78Jsar_SlL6Q292pop0Ddhsja7Kiy2naHQaJ-5Z_4U/s72-c/ranil-wickremesinghe.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2019/02/blog-post_85.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2019/02/blog-post_85.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy