දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
බැඳුම්කර ගනුදෙනුවට වඩා විශාල වංචාවක් ගැන විජයදාසගෙන් හෙළිදරව්වක්
Homeප්‍රවෘත්ති

බැඳුම්කර ගනුදෙනුවට වඩා විශාල වංචාවක් ගැන විජයදාසගෙන් හෙළිදරව්වක්

PropellerAds

වත්මන් ආණ්ඩුව යටතේ මහපොළ භාරකාර අරමුදලට රුපියල් බිලියන 23කට අධික පාඩුවක් සිදුව ඇතැයි හිටපු උසස් අධ්‍යාපන අමාත්‍ය, පාර්ලිමේන්තු මන්ත්‍රී වි...

පොලීසිය වැඩ අරඹයි.. රූපවාහිනියේ සේවයේ යෙදී සිටි නිලධාරීන් ගෙන් ප‍්‍රශ්න කරයි
ranjan ramanayake
iguruwaththe sumangala thero
බැඳුම්කර ගනුදෙනුවට වඩා විශාල වංචාවක් ගැන විජයදාසගෙන් හෙළිදරව්වක්

වත්මන් ආණ්ඩුව යටතේ මහපොළ භාරකාර අරමුදලට රුපියල් බිලියන 23කට අධික පාඩුවක් සිදුව ඇතැයි හිටපු උසස් අධ්‍යාපන අමාත්‍ය, පාර්ලිමේන්තු මන්ත්‍රී විජයදාස රාජපක්ෂ මහතා පැවැසීය.

ඒ අනුව මතභේදයට තුඩු දී ඇති බැඳුම්කර ගනුදෙනුවටත් වඩා එම වංචාව විශාල බව ඔහු සඳහන් කළේය.

රජයේ පුවත්පතකට ප්‍රකාශයක් කරමින් ඔහු සඳහන් කළේ මහපොළ අරමුදල යටතේ පැවැති මාලඹේ ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ ආයතනය ඉන් ඉවත් කිරීමේදී (භාරකාර සමාගමට පැවරීමේදී) රුපියල් මිලියන 20,000කට අධික අලාභයක් සිදුව ඇති බවයි.

එම ආයතනයේ පැවැති සමස්ත වත්කම්වල වටිනාකම රුපියල් මිලියන 20,000කට වැඩි අගයක් තිබුණද, භාරකාර සමාගමට පැවරීමේදී මහපොළට ලැබුණේ රුපියල් මිලියන 408ක් පමණක් බවද ඔහු කීය.

මීට අමතරව විගණන වාර්තා අනුව ආයතනය පවරාදීමෙන් රුපියල් මිලියන 1645ක පාඩුවක්, සමාගම් දෙකක සුරැකුම්පත් නිසි ලෙස ආයෝජනය නොකිරීම නිසා රුපියල් මිලියන 1206ක්, ලොතරැයිකරුවෙකු සොයාගැනීමට රුපියල් මිලියන 688ක මුදල් වියදම් කිරීමක් සහ සුරැකුම්පත්වල ආයෝජනය නොකර මුදල් ළඟ තබාගැනීම හේතුවෙන් රුපියල් මිලියන 455ක අලාභ සිදුව ඇතැයිද ඔහු පැවැසීය.

එහිදී ඒ මහතා මෙසේ අදහස් දැක්විය.

“මහ බැංකු බැඳුම්කර ගනුදෙනුවට වඩා දින 100 ඊට වඩා ලොකු වංචාවක් වුණා මහපොළ භාරකාර අරමුදලට. මහපොළ ලලිත් ඇතුළත්මුදලි මහතා හැඳුවේ දුප්පත් ළමයින්ට පහසුකම් දෙන්නයි. එතුමා මේකට ආරක්ෂණ වැඩපිළිවෙලක් ලෙස අගවිනිසුරු මේකේ සභාපති කරන්න පනතක් ගෙනවා. මහපොළ සම්බන්ධව චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග ජනපතිනියගේ කාලේ ඉතාමත්ම හොඳ පියවරක් ගත්තා මාලඹේ අක්කර 20ක් මහපොළට දීලා හැදුවා විශ්වවිදලායක් (මාලඹේ තොරතුරු තාක්ෂණ විශ්වවිද්‍යාලය)ඒකෙන් ලැබන ආදායම මහපොළ අරමුදලට ගෙනල්ලා ළමයින්ට දෙන පහසුකම් වැඩිකරන්නයි බලාපොරෙත්තුවුණේ. ඒහි පාලන අධිකාරියේ සිටියේ රජයේ නිලධාරීන්. විශ්වවිද්‍යාලය සාර්ථකව කරගෙන ගියා. ඒයින් රජයේ නිලධාරීන් ශුක්ෂම ලෙස ඉවත් කළා. දැන් ඒකේ භාරකාර සමාගමක් තිබෙනවා ඒකේ ඉන්නේ ඒම ආයතනයේ කටයුතු කරපු දෙශකයන් කිහිප දෙනෙක් තමයි එහි අධ්‍යක්ෂවරු කරලා තියෙන්නේ. මේ ආණ්ඩුව ජනවාරි මාසයේදී ආවට පස්සේ මැයි මාසේ 12 දා මාලඹේ විශ්වවිද්‍යාල සම්පූර්ණයෙන්මපවරනවා මහපොලේ අයිතිය අතහැරලා. අපි හෙව්වා මහපොළ භාරකාර මණ්ඩලය කොහෙද මේ වගේ තීරණයක් අරගෙන තිබෙන්නේ කියලා. එහෙම යෝජනාවක් සම්මත කරලා තිබුණේ නෑ.  සියලු නිලධාරීන් ගෙන්නලා ඇහුවා එහෙම එකක් නෑ."

"පවරන්නේ රුපියල් මිලියන 408කට. ඊට අමතරව ඉඩම තබාගෙන කුලිය ලබාගැනීමේ අයිතිය පමණක් තබා ගත්තා. ඒකට අවුරුද්දටම මහපොළට ලැබෙන්නේ රුපියල් මිලියන 20යි. ප්‍රශ්ණය තිබෙන්නේ මේ විකුණපු වත්කම් වල වටිනාකමයි. මම එවක කැබිනට් මණ්ඩලයට වාර්තාවක් ඉදිරිපත් කළා එහි වටිනාකම මිලියන 20000කට වැඩියි. ඒ කියන්නේ බිලියන 20ක්. මහ බැංකු බැඳුම්කරයෙ වංචාව බිලියන 10ක් කියලනේ කියන්නේ. ස්ලිට් එකේ බිලියන 20යි. මහපොළට මේ මුදල් නැතිව ගියා. මහපොළට දැන් තිබේනේ බිලියන 20යි. කිසිය ආදායමක් නෑ පොලිය විතරයි. මහපොළට එන්න තිබුණ ආදායමයි නැති කළේ. මිලියන 20000ක් මිලියන 408කට විකුණුවා. මේ ගැන විගණන වාර්තාවක් තිබෙනවා. විගණකාධිපති දෙපාර්තමේන්තුවේ වාරතාවෙන් කියනවා මහපොල භාර අරමුදලට ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ ආයතනයේ තිබුණ අධිකාරිය හා රුපියල් මිලියන 1645 ප්‍රතිලාභ අහිමිවීම ගැන භාරකරුවන් වැරදිකරුවන් බව නිගයමනය කරමි. මේ රුපියල් මිලියන 1645 කියන්නේ ඒ ආයතනය නිර්මාණය කිරීමේදී පොතේ තිබුණ වටිනාකමයි. දැන් මෙහි වටිනාකම රුපියල් මිලියන 20000කට වැඩියි. ඒවට සාක්ෂි තිබෙනවා. මම මේ ගැන අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසමට පැමිණිල්ලක් කළා. ”යැයිද ඒ මහතා වැඩිදුරටත් පැවැසීය.

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29308,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: බැඳුම්කර ගනුදෙනුවට වඩා විශාල වංචාවක් ගැන විජයදාසගෙන් හෙළිදරව්වක්
බැඳුම්කර ගනුදෙනුවට වඩා විශාල වංචාවක් ගැන විජයදාසගෙන් හෙළිදරව්වක්
http://am.lk/media/k2/items/cache/87bfcfbcc3595fc6b0fd53bbc0569f5d_S.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2019/02/blog-post_748.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2019/02/blog-post_748.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy