ජනාධිපතිවරණයට පෙර පළාත් සභා මැතිවරණය ලබාගැනීමට සටන් කරන බව මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප‍්‍රිය මහතා පැවසීය. ඉදිරියේදී මුලින්ම පැව...
ජනාධිපතිවරණයට පෙර පළාත් සභා මැතිවරණය ලබාගැනීමට සටන් කරන බව මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප‍්‍රිය මහතා පැවසීය.
ඉදිරියේදී මුලින්ම පැවැත්විය යුත්තේ පළාත් සභා මැතිවරණය බවද ඒ මහතා කියා සිටියේය.
පැෆරල් සංවිධානයේ 30 වැනි සංවත්සරය නිමිත්තෙන් කොළඹ පැවැති උත්සවයක් අමතමින් දේශප‍්‍රිය මහතා මේ බව කියා සිටියේය.
එහිදී වැඩි දුරටත් අදහස් දැක්වූ ඒ මහතා මෙසේද කීය.
‘‘ඡන්ද විමසීම් නිසි කලට පවත්වා ගැනීම ගැන අද ප‍්‍රශ්නයක් වෙලා. මොකටද පළාත් සභා කියලත් සමහරු අහනවා. පළාත් සභා එපානම් කරුණාකර ව්‍යවස්ථාවෙන් ඉවත් කරන්න. ඉදිරියේදී මුලින්ම තැබිය යුත්තේ පළාත් සභා ඡන්දයයි. නොවැම්බර් මස 10 වැනිදා ජනාධිපතිවරණය පැවැත්වීමට පෙර පළාත් සභා ඡුන්දය ලබා ගැනීමට අපි සටන් කරනවා. එදාට කලින් අපි අස්වෙන්නේ නෑ. එතෙක් අපි බලා සිටිනවා.’’
COMMENTS