ඉන්ධන මිල සූත්‍රය අනුව මේ මාසය සඳහා සංශෝධිත මිල ගණන් අද (11) දිනයේ ප්‍රකාශයට පත් කිරීමට නියමිතව තිබේ. සෑම මසකම 10 වනදාට රැස්වන ඉන්ධන මිල ...
ඉන්ධන මිල සූත්‍රය අනුව මේ මාසය සඳහා සංශෝධිත මිල ගණන් අද (11) දිනයේ ප්‍රකාශයට පත් කිරීමට නියමිතව තිබේ.
සෑම මසකම 10 වනදාට රැස්වන ඉන්ධන මිල නීර්ණය කිරීමේ කමිටුව විසින් ඊළඟ මාසය සඳහා ඉන්ධන මිල තීරණය කරනු ලැබේ.
පසුගිය මාසයේදී පෙට්‍රල් ලීටරයක මිල රුපියල් දෙකකින්, ඩීසල් ලීටරය මිල රුපියල් දෙකකින් සහ සුපිරි ඩීසල් ලීටරයක මිල රුපියල් තුනකින් වශයෙන් අඩු කෙරුණේ ලෝක වෙළඳපොලේ බොරතෙල් බැරලයක මිල ඇමරිකානු ඩොලර් 59ක්ව පැවතියදී ය.
මේ වනවිට ලෝක වෙළඳපොලේ බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලයක මිල ඇමරිකානු ඩොලර් 62කට අසන්න මට්ටමකට පැමිණ තිබේ.
කෙසේවෙතත් අද වන විට ඉන්ධන මිල පවතින්නේ ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක් රුපියල් 123, ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයක් රුපියල් 147, ඔටෝ ඩීසල් ලීටරයක් රුපියල් 99 සහ සුපිරි ඩීසල් ලීටරයක් රුපියල් 118ක් වශයෙනි.
COMMENTS