දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
සිරිසේනට ගෑවුණු එකෙකුටවත් ඡන්දය දෙන්න එපා - ප්‍රසන්න රණතුංග
Homeප්‍රවෘත්ති

සිරිසේනට ගෑවුණු එකෙකුටවත් ඡන්දය දෙන්න එපා - ප්‍රසන්න රණතුංග

PropellerAds

මෛත්‍රීට ගෑවුණ කිසිවෙකුටවත් ඡන්දය දෙන්නට එපා යැයි තමන් කී විට ඊට එරෙහිව ප්‍රකාශ නිකුත් කරන්නේ කුඩු කෑ එවුන් බව කාර්මික අපනයන, ආයෝජන ප්‍රවර්...

වැලිකඩ ඝාතනයේ ප්‍රධාන සාක්ෂිකරුගේ නිවසට වෙඩි ප්‍රහාරයක්.
ඉක්මන් කරන්න බලන්න!-ඇමතිනී ස්වරාජ්, ජනපතිට කියයි.
ඇමති ලක්ෂ්මන්ගෙන් හඳුන්නෙත්තිට අභියෝගයක්
මෛත්‍රීට ගෑවුණ කිසිවෙකුටවත් ඡන්දය දෙන්නට එපා යැයි තමන් කී විට ඊට එරෙහිව ප්‍රකාශ නිකුත් කරන්නේ කුඩු කෑ එවුන් බව කාර්මික අපනයන, ආයෝජන ප්‍රවර්ධන, සංචාරක හා ගුවන් සේවා ඇමති ප්‍රසන්න රණතුංග මහතා අවධාරණය කරයි.

ඔහු පෙන්වා දෙන්නේ මහින්ද රාජපක්ෂ මහතා පාවා දී මෛත්‍රීගේ තුරුළට ගිය වීරකුමාරලාට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පිළිබද ව කථා කීරීමට අයිතියක් නොමැති බවයි.
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විරකුමාර දිසානායක මහතා ප්‍රසන්න රණතුංග ඇමතිවරයා සම්බන්ධයෙන් මාධ්‍ය හමුවේ කළ ප්‍රකාශයට ප්‍රතිචාර දක්වමින් ඔහු මේ බව සදහන් කළේය. අද මහර දී මේ සම්බනෟධයෙන් ප්‍රශ්න කළ අවස්ථාවේ දී ඇමතිවරයා කීවේ වීරකුමාරලා වැනි මෛත්‍රීෙග් ඩීල් කාරයන් පිළිබද ව ජනතාව ඉදිරි මැතිවරණයේ දී තීන්දුවක් ගනු ඇති බවයි.

ඇමති ප්‍රසන්න රණතුංග මහතා මාධ්‍ය හමුවේ මෙසේ ද කීවේය.

“වීරකුමාර මන්ත්‍රීතුමා වල්ගේ පාගගෙන. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට ගෑවුණු කිසිවෙකුට ඡන්දය දෙන්න එපා යැයි මම කීව්වේ නෑ. මම කිව්වේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විනාශ කරපු යහපාලන ආණ්ඩුවක් හදාගෙන රට විනාශ කරපු මෛත්‍රීපාල සිරිසේන හිටපු ජනාධිපතිවරයා උකුස්සා කථාව කිව්වට පස්සේ ඔහු නැවත ඒ දේ කරන්නයි සුදානම් වෙන්නේ. ඒකට ඉඩ දෙන්න බෑ. ඒ නිසා මෛත්‍රීට ගෑවිච්ච කිසිකෙනෙකුට ඡන්දය දෙන්න එපා කියලයි. 2015 දි පාර්ලිමේන්තු මැතිවරණයේ දී මහින්ද මහතත්යාගේ ඇගේ එල්ලිලා පාර්ලිමේන්කු ගිය වීරකුමාර රටට ණය වෙලා ඩීල් දාලා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ තනතුරු අරගෙන අද කටමැත දොඩවනවා. මාගේ කථාවට එයාට රිදිලා. ඩීල්කාරයන්ට මගේ කථාව රිදෙනවා. එතුමා බල්ලෙකුගේ කථාවක් කියනවා. බල්ලෝ කියන්නේ කළ ගුණ දන්න ජාතියක්. හැබැයි මෛත්‍රී වෙනුවෙන් හරියට හූ කියන්න පුළුවන් නරියෙකුවත් නෑ කියලා  වීරකුමාර ඔප්පු කළා. එතුමාගේ කථාව නරියෙක්ගේ වගේ.

මාධ්‍ය වේදියා – එතුමා කියනවා ඔබතුමාගේ මොළේ හොද නෑ කියලා.?

උත්තරය – රටේ ජනතාව ඔහොම කියන අය ගැන තීන්දුවක් ගනී. මම කොතනද ඉන්නේ කියලා මේ රටේ ජනතාව දන්නවා අපිට තිබුණේ එක ස්ථාවරයයි. අපි ඔය වීරකුමාරලා වගේ දෙපැත්තට වැනුණේ නෑ. නියම ශ්‍රී ලංකාකාරයෝ වීරකුමාරලා වගේ නෙමෙයි. ඔය කවුරුත් මට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ගැන කියලා දෙන්න අවශ්‍ය නෑ.

මාධ්‍ය වේදියා – වීරකුමාරට අයිතියක් තියෙනවාද ශ්‍රී ලංකා එක ගැන කථා කරන්න.?

උත්තරය – ඔය වගේ හාදයෝ තමයි ශ්‍රී ලංකා එක විනාශ කළේ. පක්ෂයේ තනතුරක් ගත්තාම ඒක රැකගන්න කෑ ගහන්න එපැයි. බල්ලෝ බිරුවට කදු පාත්වෙන්නේ නෑ.

මාධ්‍ය වේදියා – ඔබතුමාලා අතර මෙහෙම ප්‍රශ්න ඇතිවෙන එක මැතිවරණයට බලපානවාද?

උත්තරය – කරුණාකරලා අපි කියලා කියන්න එපා. අපි අතර ප්‍රශ්න නෑ. අපි පොහොට්ටුවේ අය. අපි තනියම තරග කරලා ජයග්‍රහණය කළේ. මේ මැතිවරණයත් අපි තනිවම ඉල්ලුවොත් දිනන්න පුළුවන්. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ රටට ආදරේ කරන අය ඉන්නේ අපිත් එක්කයි. ඩීල්කාරයෝ තමයි තොප්පිය දාගෙන දගලන්නේ.

– ප්‍රදීප් අනුර කුමාර


Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29301,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: සිරිසේනට ගෑවුණු එකෙකුටවත් ඡන්දය දෙන්න එපා - ප්‍රසන්න රණතුංග
සිරිසේනට ගෑවුණු එකෙකුටවත් ඡන්දය දෙන්න එපා - ප්‍රසන්න රණතුංග
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgpRt1qQgbXEFGSzLgxbU_L57dpP2mLjPgq6R5XCRjTZbeolSLxE0CkKBkcNqAMdvKGRfSzxLGZLJlSWY9Uz68VK_YospGIBSWhtTh-SCqfht_Zz4-5OFE7yLcAs92KCm5uglvrPsTVXie7/s320/prasanna.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgpRt1qQgbXEFGSzLgxbU_L57dpP2mLjPgq6R5XCRjTZbeolSLxE0CkKBkcNqAMdvKGRfSzxLGZLJlSWY9Uz68VK_YospGIBSWhtTh-SCqfht_Zz4-5OFE7yLcAs92KCm5uglvrPsTVXie7/s72-c/prasanna.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2020/03/blog-post_992.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2020/03/blog-post_992.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy