දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
කර්මාන්ත ශාලා සේවකයන්ට එලව එලවා පහර දෙයි - ක්‍රියාමාර්ගයක් නොගන්නේ සංහිදියාවට හානියක් සිදුවන නිසාලු
Homeප්‍රවෘත්ති

කර්මාන්ත ශාලා සේවකයන්ට එලව එලවා පහර දෙයි - ක්‍රියාමාර්ගයක් නොගන්නේ සංහිදියාවට හානියක් සිදුවන නිසාලු

PropellerAds

ලංකා ඛනිජ වැලි සංස්ථාව පුල්මුඩේ කර්මාන්ත ශාලාව ආසන්නයේ වැලි ගොඩවල් ආරක්ෂා කිරීම සඳහා ගිය ඛනිජවැලි සංස්ථාවේ සේවකයන් පිරිසකට  ප්‍රරදේශවාසීන්...

දෙවියෙක් වගේ මිනිහෙක් ලැබුණත් කුලේ නිසා පව්කරා වෑඩක් කරපු ගෑහෑනියක්
සෞඛ්‍ය අමාත්‍යාංශයට කඩා වැදුණු සරසවි සිසුන්ට පොලිස්‌ ප්‍රහාර
කේන්දරයට හොරෙන් දුරකථනයෙන් අනූෂාට පෙම්වතා හම්බුන හෑට්
කර්මාන්ත ශාලා සේවකයන්ට එලව එලවා පහර දෙයි - ක්‍රියාමාර්ගයක් නොගන්නේ සංහිදියාවට හානියක් සිදුවන නිසාලු

ලංකා ඛනිජ වැලි සංස්ථාව පුල්මුඩේ කර්මාන්ත ශාලාව ආසන්නයේ වැලි ගොඩවල් ආරක්ෂා කිරීම සඳහා ගිය ඛනිජවැලි සංස්ථාවේ සේවකයන් පිරිසකට  ප්‍රරදේශවාසීන් පිරිසක්  පොලු මුගුරු වලින් අතින් පයින් එළව එළවා පහර දී සේවකයන්ට බරපතළ තුවාල සිදු කොට ඇතිබව  ඛනිජ වැලි සංස්ථාව සේවකයෝ පොලීසියට පැමිණිලි කොට තිබේ.

මේ වන විට තුවාල ලැබූ එක් සේවකයකු රෝහල්ගත කොට තිබෙන බවත්  ප්‍රදේශයේ දේශපාලන බලපෑම් මත ඛනිජ වැලි සංස්ථා සේවකයන්ට නිරන්තරයෙන් මේ ආකාරයෙන් පහරදීම් සිදුකරන බව කියති. එහෙත් මෙතෙක් බලධාරීන් හෝ නීතිය ක්‍රියාත්මක නොවීම නිසා ලංකා ඛනිජ වැලි සංස්ථාවට අයත්  පුල්මුඩේ  කර්මාන්ත ශාලාවේ සේවකයෝ දැඩි අසීරුතාවකට පත්ව සිටින බව එහි සේවකයෝ පවසති. ලංකා  ඛනිජ වැලි සංස්ථාව කර්මාන්ත අමාත්‍යාංශයට අයත් ආයතනයකි.

අමාත්‍ය රිෂාඩ් බදුර්දීන් මහතාගේ සහ අමාත්‍ය රවුෆ් හකීම් මහතාගේ කණ්ඩායම් දෙකක් අතර ඇති අර්බුදකාරී තත්වය නිසා මෙම සේවකයන්ට පහර කෑමට ලක්වන බවත් එහි සේවකයෝ පවසති. පසුගියදා ලංකා ඛනිජ වැලි සංස්ථාවේ සභාපතිනි නීතිඥ ඉන්දිකා රණතුංග  මහත්මිය ඇතුළු කණ්ඩායමක්  පුල්මුඩේ කර්මාන්තශාලාව ප්‍රදේශයේ නිරීක්ෂණයට එක් වූ බවද විශාල වශයෙන් අවට ජනතාව දිවා රාත්‍රී සිය බලය  දේශපාලන බලය පෙන්වමින් ඛනිජ වැලි සංස්ථාවට අයත් වටිනා වැලි රැගෙන යාම සිදු කෙරෙන බව එම වැලි නිධි ආරක්ෂා කිරීම සහ එම භූමිය වටකොට   වැට ගැසීම සඳහා යා බැලීමට ගිය අවස්ථාවේදී පොලු මුගුරු රැගෙන පරුෂවචන පවසමින් නිලධාරීන්ට සභාපතිවරිය ඉදිරියේම ගම්මුන් පහරදුන් බව නියෝජ්‍ය සාමාන්‍ය අධිකාරි ටී .එම් .පී. කේ .මුණසිංහ මහතා පැවසීය.

මෙම ගැටුම සහ පහරදෙන අවස්ථාවේ ඒ අසල සිටි පුද්ගලයකු තම සිය ජංගම දුරකතනයෙන් සිද්දිය  පටිගත කොට තිබිණි. මෙම ගැටුම පිළිබඳව මෙතෙක් නිසි පරීක්ෂණයක් සිදු නොවන බවත්   මෙවැනි සිද්ධීන් ජනමාධ්‍ය පවා පළ වීමට ඇති අවස්ථාවන් පවා එම ප්‍රදේශවාසින් විසින් අසුරා තිබෙන බවත් දේශපාලන බලය පදනම් කරගෙන ලංකා ඛනිජ වැලි සංස්ථාවට අයත් ඉතා වටිනා වැලි සම්පත් දිවා රාත්‍රියෙහි ටිපර් රථ බැකෝ යන්ත්‍ර යොදා ගෙන රැගෙන යෑම සිදු කරන බවද එහි සේවකයෝ පවසති .

එම අවස්ථාව නවතා  දැමීම සඳහා නිලධාරීන් උත්සාහ ගනිද්දී දේශපාලන බලධාරීන්ගේ මැර කණ්ඩායම් යොදා රාජ්‍ය ආයතනයට පැමිණ පොලු මුගුරුවලින් පහරදීම් සිදු කරන බවද ඔවුහු පවසති.  මේ පිළිබඳව ඉහළ බලධාරීන්ට දැනුම් දුන්න ද කිසිදු ක්‍රියාමාර්ගයක් නොගන්නේ සංහිදියාවට හානියක් සිදුවන බව පවසමින් බව    ලංකා ඛනිජ වැලි සංස්ථා සේවකයෝ කියා සිටිති.

(දඹුල්ල කාංචන කුමාර ආරියදාස)

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29330,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: කර්මාන්ත ශාලා සේවකයන්ට එලව එලවා පහර දෙයි - ක්‍රියාමාර්ගයක් නොගන්නේ සංහිදියාවට හානියක් සිදුවන නිසාලු
කර්මාන්ත ශාලා සේවකයන්ට එලව එලවා පහර දෙයි - ක්‍රියාමාර්ගයක් නොගන්නේ සංහිදියාවට හානියක් සිදුවන නිසාලු
http://am.lk/media/k2/items/cache/825289972d95fd00dbcc3ddadaf1ed05_S.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2019/02/blog-post_379.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2019/02/blog-post_379.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy