දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
මදුෂ් සමඟ සිටි අපරාධකරුවන් ගැන තලතාගෙන් අනාවරණයක්
Homeප්‍රවෘත්ති

මදුෂ් සමඟ සිටි අපරාධකරුවන් ගැන තලතාගෙන් අනාවරණයක්

PropellerAds

රටේ නීතිය ක්‍රියාත්මක කිරිමේ නිරත බන්ධනාගාර නිලධාරීන් සහ පොලිස් නිලධාරීන් අපරාධකරුවන් සමඟ ඩුබායි රටේ අත් අඩංගුවට පත්ව ඇති බව අධිකරණ හා බන...

දකුණේ රා උතුරේ තහනම් කෙරේ
දවුල්දෙණ මහනාහිමි 102 වැනි ජන්ම දිනය අද
කන්තලේදී සැමියා බිරිඳට ගිනි තබයි 
මදුෂ් සමඟ සිටි අපරාධකරුවන් ගැන තලතාගෙන් අනාවරණයක්

රටේ නීතිය ක්‍රියාත්මක කිරිමේ නිරත බන්ධනාගාර නිලධාරීන් සහ පොලිස් නිලධාරීන් අපරාධකරුවන් සමඟ ඩුබායි රටේ අත් අඩංගුවට පත්ව ඇති බව අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍ය තලතා අතුකෝරළ මහත්මිය පවසයි.

ශ්‍රි ලංකාව 2014 වන විට මත්ද්‍රව්‍ය කේන්ද්‍රස්ථානය බවට පත් කර තිබු බව ඇය කියා සිටියේය. රත්නපුර කහවත්ත පනාවැන්න ප්‍රදේශයේ සාම විනිසුරුවරුන් වෙත පත්වීම් ප්‍රධානය කිරිමේ අවස්ථාවට එක්වෙමින් අමාත්‍ය නීතිඥ තලතා අතුකෝරළ මහත්මිය මෙම අදහස් පළ කළේය.

සාම විනිසුරු පත්වීම් 220 ක් පිරිනැමිණ. ඉංග්‍රීසි පාලන සමයේ 1804 පෙබරවාරි 04 වැනිදා ප්‍රථමයෙන් සාම විනිසුරු පත්වීම් ලබා දී තිබේ. එ අනුව 1978 අංක 2 දරණ අධිකරණ සංවිධාන පනතේ 4 වන වගන්තිය අනුව මෙම සාම විනිසුරු පත්වීම් ලබාදිම සිදුකෙරේ.

අමාත්‍ය තලතා අතුකෝරළ මහත්මිය මෙසේ අදහස් දැක්විය.

“ඔබ අලුතෙන් ලබන මේ තනතුරේ ඉතා උවමනාවෙන් වැඩ කරයි කියලා අපි හිතනවා. මේ පත්වීම් ලබන අය කටයුතු කරන හැටි පිළිබදව සමහර අවස්ථාවල අපිට සතුටු වෙන්න බැහැ. මේ ගෞරවණිය සේවය කරන්න අවස්ථාවක් දෙන කොට ඔබ සහතික කරන ලිය කියවිලි වල විශාල වලංගු භාවයක් තියෙනවා. ඒ වලංගු භාවය රදා පවතින්නේ මේ තනතුරේ ගරුත්වය ආරක්ෂා වෙන විදිහට වැඩ කළොත් විතරයි.නීති විරෝධී මත් ද්‍රව්‍ය ව්‍යාපාරවල යෙදුනු අයටත් මේ තනතුර ලබාදීලා තියෙනවා. අපි ඒවා නවත්වලා තියෙනවා .මේකේ අවශ්‍යතාවයට හොයලා බලන්නේ දේශපාලනය නොවෙයි. සමාජයේ හොදට ඉන්න අයයි මේවාට තෝරා ගන්නේ. දැන් සමථ මණ්ඩල සදහා පන්සලේ හාමුදුරුවෝ, විදුහල්පතිතුමා වැනි අය පත් කරන්නේ. දැන් සමථ මණ්ඩලවලට රුපියල් ලක්ෂ පහක් දක්වා වටිනාකමක් තියෙන ඒවා විසදන්න පුළුවන්.

"අපි ජාත්‍යන්තරයට ඔළුව නවන්න ඕන නැහැ. අපි හොද පෞඪ ඉතිහාසයක් තියෙන ජාතියක්. සමහර වෙලාවට මේ රටේ තියෙන නීති රීති ඔය දියුණුයි කියන රටවල් වල දැන් තමයි ක්‍රියාත්මක වෙන්නේ. මේ හැම එකක්ම නැවතිලා තිබුණු යුගයක් තිබුණා. ඇත්තටම කියන්න කණගාටුයි. ඔය අපරාධකාරයෝ එක්ක බන්ධනාගාර නිලධාරීන් පොලිස් නිලධාරීන් අද ඩුබායි රටේදී අත් අඩංගුවට පත් වෙලා තියෙනවා. එතකොට මේ බන්ධනාගාර නිලධාරීන් පොලිස් නිලධාරීන් මේ රටේ නීතිය ක්‍රියාත්මක කරන්නේ. අද ඒ තත්වයට පත් වෙලා තියෙනවා. අපි දවසින් දවස ඉස්සරහට ආව රටක් ආපහු පස්සට යන්න පටන් අරන් තියෙනවා."යැයිද ඇය මෙසේද අදහස් දැක්විය.

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29294,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: මදුෂ් සමඟ සිටි අපරාධකරුවන් ගැන තලතාගෙන් අනාවරණයක්
මදුෂ් සමඟ සිටි අපරාධකරුවන් ගැන තලතාගෙන් අනාවරණයක්
http://am.lk/media/k2/items/cache/e71bd3543867bab072a8496b85cfdd14_S.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2019/02/blog-post_330.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2019/02/blog-post_330.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy