ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා යළි ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත් කරන බවට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කරන ප්‍රකාශය සාධාරණ එකක් බව එක්සත් ජනතා නි...
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා යළි ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත් කරන බවට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කරන ප්‍රකාශය සාධාරණ එකක් බව එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී රමේෂ් පතිරණ මහතා පවසයි.
ඒ මහතා මේ බව පැවසුවේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මාධ්‍ය හමුවක් අමතමිනි.
නැවත ජනාධිපති ධුරයට තරග වදින්නේ හෝ නොමැති බව ප්‍රකාශ කළහොත් මේ අවසන් මාස කිහිපය තුළ දේශපාලනඥයින් සහ නිලධාරීන් ජනාධිපතිවරයාට අවනත නොවන තත්වයක් උද්ගත විය හැකි බවයි ඒ මහතා පෙන්වා දුන්නේ.
එහෙයින් මෛත්‍රීපාල සිරිසේන මහතා නැවත ජනාධිපතිවරණයට ඉදිරිපත් වන ප්‍රකාශයට පත් කිරීම උපක්‍රමික වශයෙන් සාධාරණ බව ඒ මහතා අවධාරණය කළේය.
COMMENTS