දේශපාලනය කියන්නේ පාපන්දු ක්‍රීඩාවක් නොවන බවත් අද අපේ රජයට වෙලා තියෙන්නේ පාපන්දු ක්‍රීඩාවේ යෙදෙනවා වගේ දෙපැත්තෙන්ම ගෝල් ගහගන්නා වැඩක් යැයිය...
දේශපාලනය කියන්නේ පාපන්දු ක්‍රීඩාවක් නොවන බවත් අද අපේ රජයට වෙලා තියෙන්නේ පාපන්දු ක්‍රීඩාවේ යෙදෙනවා වගේ දෙපැත්තෙන්ම ගෝල් ගහගන්නා වැඩක් යැයියි විශේෂ ප්‍රාදේශීය සංවර්ධන අමාත්‍ය වී. රාධාක්‍රිෂ්ණන් මහතා පැවැසීය.
ළගම පාසල හොදම පාසල වැඩ සටහන යටතේ නුවරඑළිය, මීපිළිමාන සිංහල විදුහලේ ඉදි කරන ලද පාසල් ගොඩනැගිල්ලක් විවෘත කිරීමෙන් අනතරුව පැවැති උත්සවයේදි ඒ මහතා එසේ පැවැසීය.
එහිදී ඒ මහතා මෙසේ අදහස් දැක්විය.
"දෙපැත්තට වී ගෝල් දමා ගැනීම ක්‍රීඩාව හොදයි. එහෙම ගෝල් දාගන්න ගිහිල්ලා ඒකෙන් මිනිස්සුන් අමාරුවේ වැටෙනවනම් ඒකට අපිට ඉඩ දෙන්න බැහැ.ජනතාවගේ ප්‍රශ්ණ හදුනාගෙන ජනතාවට වැඩ කරන්න ඕන මේ දෙගොල්ලම එකතු වෙන්න ඕනෑ කියලයි අපි බලාපොරොත්තු වන්නේ. මේ රටේ ජනාධිපතිතුමයි මේ රටේ අගමැතිතුමයි එකතු වෙලා මේ රටේ ජනතාව ගැන හිතලා ඉදිරියට වැඩ පිළිවෙලක් කරන්න ඕනෑ කියලා අපි බලාපොරොත්තු වෙනවා. දෙපැත්තෙන් එක් කෙනෙක් ගියොත් අපිට පාඩුවක් තමයි සිදු වන්නේ. අපිට මේ දෙන්නාම අවශ්‍යයි. අපි එකතු වු නිසා තමයි පසුගිය දවස්වල රජයේ ආර්ථිකය සංවර්ධනය වුයේ. එහෙම නැත්නම් රට දියුණු කරන්න අමාරුයි. ඒක නිසා අපි ඉල්ලා සිටින්නේ ජනතාව වෙනුවෙන් වැඩ කරන්න ජනාධිපතිතුමයි අගමැතිතුමයි එකතු විය යුතුයි."
(ක්‍රිෂාන්තන්)
COMMENTS