තමන්ගේ අත්සන ව්‍යාජ යොදාගනිමින් රුපියල් ලක්ෂ 05 සිට 15 දක්වා මුදලක් අය කරගෙන මැඩිල්ලේ පඥ්ඥාලෝක භික්ෂුව විසින් වීසා ජාවාරමක් සිදුකර ඇති බවට...
තමන්ගේ අත්සන ව්‍යාජ යොදාගනිමින් රුපියල් ලක්ෂ 05 සිට 15 දක්වා මුදලක් අය කරගෙන මැඩිල්ලේ පඥ්ඥාලෝක භික්ෂුව විසින් වීසා ජාවාරමක් සිදුකර ඇති බවට මහා බ්‍රිතාන්‍යයේ උප ප්‍රධාන සංඝනායක මෙන්ම බර්මින් බෞද්ධ මහා විහාරයේ විහාරාධිපති විතාරන්දෙනියේ කස්සප හිමියෝ චෝදනා කරති.
ලන්ඩන් නුවර වෙසෙන විතාරන්දෙනියේ කස්සප හිමියන් වීඩියෝ පටයක් නිකුත් කරමින් මෙම ජාවාරම පිළිබඳව හෙළිකර තිබේ.
මැඩිල්ලේ පඥ්ඥාලෝක හිමියන් පවත්වාගෙන යන මෙම ජාවාරම පිළිබඳව පොලිස්පතිට ලිඛිතව පැමිණිල කර ඇති බවත්, ඒ අනුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් පරීක්ෂණ ආරම්භ කර තිබුණත් දැන් මාස කිහිපයක සිට කිසිදු නීතිමය ක්‍රියාමාර්ගයක් ගෙන නොමැත බව වැඩිදුරටත් උන්වහන්සේ සඳහන් කරති.
මැඩිල්ලේ හිමියන් වෙනත් හිමිවරුන්ගෙන් මුදල් ලබාගෙන වීසා ලබා දී ඇති බවත්, නිසි පරීක්ෂණ පවත්වන්නේ නම් සාක්ෂි වශයෙන් ඉදිරිපත් කිරීමට හඬපට ගණනාවක් තමන් සතුව තිබෙන බවත්, මෙම වීඩියෝ පණිවිඩයෙන් වැඩිදුරටත් දක්වා ඇත.
මේ සම්බන්ධයෙ නීතිය ක්‍රියාත්මක නොකිරීම සම්බන්ධයෙන් බලවත් ගැටළුවක් පවතින්නේ යැයි මහා බ්‍රිතාන්‍යයේ උප ප්‍රධාන සංඝනායක මෙන්ම බර්මින් බෞද්ධ මහා විහාරයේ විහාරාධිපති විතාරන්දෙනියේ කස්සප හිමියෝ වැඩිදුරටත් අවධාරණය කරති.
- ceylonwire

COMMENTS