දේශපාලනයෙහි දී පිල් මාරු කිරීම සම්බන්ධයෙන් රිෂාඩ් බදූර්දීන්ට ද ඇත්තේ කුප්‍රකට ඉතිහාසයකි. තම දේශපාලනයෙහි තේමා පාඨය ලෙස "වාසි පැත්තට හෝ...
දේශපාලනයෙහි දී පිල් මාරු කිරීම සම්බන්ධයෙන් රිෂාඩ් බදූර්දීන්ට ද ඇත්තේ කුප්‍රකට ඉතිහාසයකි. තම දේශපාලනයෙහි තේමා පාඨය ලෙස "වාසි පැත්තට හෝයියා" යන්න අදහන ඔහු මෙවරත් පිල් මාරුවක් සඳහා සැලසුම් කර ඇති බව වාර්තා වේ.
දැනට කර්මාන්ත හා වාණිජ කටයුතු ඇමති ධුරය දරණ රිෂාඩ් බදූර්දීන් පසුගිය දිනක බැසිල් රාජපක්ෂ සමඟ රහසිගත සාකච්චාවක නිරත වී ඇත. එහිදී රිෂාඩ් බදූර්දීන් පවසා ඇත්තේ තමන්ට ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන් 12 දෙනෙකු සමඟ ඒකාබද්ධ විපක්ෂයට එක් වීමේ හැකියාව ඇති බවය. එසේ පැමිණීමට නම් එක් මන්ත්‍රීවරයකු සඳහා රුපියල් කෝටි 25 බැගින් මුදල් ලැබිය යුතු බවට රිෂාඩ් විසින් කොන්දේසි ඉදිරිපත් කර ඇති අතර බැසිල් රාජපක්ෂ ද ඊට එකඟ වී ඇත.
මෙහි පළමු පියවර ලෙසින් පසුගිය දා පාර්ලිමේන්තුවේ සම්මත කෙරුණු පළාත් සභා මැතිවරණ සංශෝධිත පනතට අවශ්‍ය 2/3 බලය ලබා ගැනීම වැළැක්වීමට දෙපාර්ශ්වය එකඟ වී ඇත. එනම් එදින රිෂාඩ් ඇතුළු පිරිස පනතට ඡන්දය ලබා නොදීමට බැසිල් රාජපක්ෂට පොරොන්දු වී ඇත. එහෙත් කෙසේ හෝ එදින උදෑසන වන විට මෙම කුමන්ත්‍රණය සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්නට ආරංචි වී තිබේ. ඒ මොහොතේ වහාම ක්‍රියාත්මක වූ රාජිත අමාත්‍යවරයා විදෙස්ගත ව සිටි ජනාධිපතිවරයාව ද දුරකථනයෙන් සම්බන්ධ කරගෙන, රිෂාඩ් බදූර්දීන්ව කැඳවා වෙනම සාකච්චා කර ඇත.
එහිදී රාජිත අමාත්‍යවරයා තමන්ගේ මූලිකත්වයෙන් බිහි කෙරුණු මෙම රජය බිඳහෙළීමට කිසිවෙකුට ඉඩ නොදෙන බවත්, රිෂාඩ්ලා තම මුස්ලිම් අනන්‍යතාව මෙසේ මුදලට විකිණීමට උත්සාහ කිරීම නින්දිත බවත් ප්‍රකාශ කර ඇති අතර තමන් තරම් මුස්ලිම් ජනතාවට වැඩ කළ වෙනත් ඇමතිවරයෙක් ඇතිදැයි විමසා ඇත. එසේම මෛත්‍රීපාල සිරිසේන මහතා ජනපති කරවීම සඳහා වූ සටනට රිෂාඩ් බදූර්දීන්ටැක් වූයේ අවසාන ම මොහොතේ බව ද සිහිපත් කර ඇති රාජිත අමාත්‍යවරයා රිෂාඩ් බැසිල් සමඟ එක්වී ගහන්නට ගිය ගේම් තමා දන්නා බව ද ප්‍රකාශ කර ඇත. කෙසේ වෙතත් අවසානයේ රාජිත අමාත්‍යවරයාගේ කටේ බලයෙන් බැසිල් - රිෂාඩ් කුමන්ත්‍රණය ඒ මොහොතේ යටපත්ව තිබේ.
මේ අතර, 12 දෙනෙකු පැමිණෙන බව බැසිල්ට කීව ද රිෂාඩ් බදූර්දීන් ඇමතිවරයා ඒ වන විටත් සිට ඇත්තේ මුස්ලිම් සහ අනෙත් මන්ත්‍රීවරුන් එකතු කරමින් බවත් ඉහත සිදුවීමෙන් පසුව දැන් බැසිල් රාජපක්ෂගේ දුරකථන ඇමතුම් වලටත් රිෂාඩ් පිළිතුරු නොදෙන බවත් වාර්තා වේ. එහෙත් දෙපාර්ශ්වය අවසන් වරට සාකච්චා කරගෙන ඇත්තේ තාවකාලිකව මෙම පිල් මාරුව යටපත් කිරීමට බවත් අවස්ථාවක් ලැබුණු සැණින් යළි ක්‍රියාත්මක වීමට ඔවුන් බලාපොරොත්තුවෙන් සිටින බවත් මේ දෙපාර්ශ්වය අතර තොරතුරු හුවමාරු කරන පුද්ගලයින්ගේ ආරංචි මාර්ග සඳහන් කරයි. මේ හේතුවෙන් රාජ්‍ය බුද්ධි අංශය ද මේ පිළිබඳව දැඩි අවධානයෙන් පසුවන බව වැඩි දුරටත් වාර්තාවේ.
(ලංකා නිව්ස් වෙබ්)
COMMENTS