සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයෙකු වන දෙමටගොඩ රුවන් ඇතුළු 8 දෙනෙකු පොලිස් විශේෂ කාර්ය බලකාය අත්අඩංගුවට ගෙන තිබේ. මෙම අත්අඩංගුවට ගැනීම ...
සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයෙකු වන දෙමටගොඩ රුවන් ඇතුළු 8 දෙනෙකු පොලිස් විශේෂ කාර්ය බලකාය අත්අඩංගුවට ගෙන තිබේ.
මෙම අත්අඩංගුවට ගැනීම සිදු කර ඇත්තේ, දෙමටගොඩ, වේලුවන පෙදෙසේ පිහිටි ඔහුගේ නිවස වටලා අද පස්වරුවේ කළ මෙහෙයුමකදීයි.
අත්අඩංගුවට ගත් පිරිස අතර පාකිස්ථාන යුවළක් ද වේ.
සැකකරුවන් සන්තකයේ තිබී පිස්තෝල දෙකක්, වායු රයිෆල් එකක්, උණ්ඩ 50 ක් , කඩු තුනක්, මුදල් ගණින යන්ත්‍ර දෙකක් හෙරොයින් ග්‍රෑම් 4 ක් සහ සුඛෝපබෝගී වාහන 3 ක් ද පොලිස් විශේෂ කාර්ය බලකාය භාරයට ගෙන තිබේ.
දෙමටගොඩ රුවන් නමැත්තා දෙමටගොඩ චමින්ද නැමැති සංවිධානාත්මක අපරාධකරුගේ සහෝදරයෙකු බව පොලිස් විශේෂ කාර්ය බලකාය සඳහන් කළේ ය.
COMMENTS