දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
ඩිෆෙන්ඩරයේ තරුණියකුත් ඉඳලා අලුත්ගමගේගේ පුතා ඇතුළු 5ක් රිමාන්ඩ්
Homeගොසිප්

ඩිෆෙන්ඩරයේ තරුණියකුත් ඉඳලා අලුත්ගමගේගේ පුතා ඇතුළු 5ක් රිමාන්ඩ්

PropellerAds

බො රැල්ල රථවාහන අංශයේ ස්ථානාධිපතිවරයා රිය අනතුරකට ලක් කර බරපතළ තුවාල සිදු කිරීම සම්බන්ධයෙන් ඩිෆෙන්ඩර් රිථයේ රියදුරු නවිඳු ඔමේෂ් රත්නායක යන ...

මහ පාරේ දිවි ගෙවන තරුණයාගේ සුනඛ මිතුරන් අසනීප වූ ඔහුව සොයා රෝහලටම ඇවිත්
හදිසියේ තැන් මාරුකරමින් සිටියදී රයන්ගේ මව පියා සමග නංගී ජීවත්වූ නිවස දැඩි පොලිස් පරීක්ෂාවට
මරණ දඩුවම දෙන දවස තීන්දු කරා ඒත් දැන්ම කියන් නෑ - මෛත්‍රීපාල
බොරැල්ල රථවාහන අංශයේ ස්ථානාධිපතිවරයා රිය අනතුරකට ලක් කර බරපතළ තුවාල සිදු කිරීම සම්බන්ධයෙන් ඩිෆෙන්ඩර් රිථයේ රියදුරු නවිඳු ඔමේෂ් රත්නායක යන අය මාර්තු 11වැනි දා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් ඉසුරු නෙත්තිකුමාර මහතා ඊයේ (25) නියෝග කළේය.
රාත්‍රී කාලයේ සමාජ ශාලාවක විනෝද වීමට ගොස් නැවත පැමිණෙමින් සිටි කොළඹ රාජකීය විද්‍යාලයේ සිසු මිතුරු කන්ඩායම සමග එක් අයෙකුගේ පෙම්වතියක බව පැවසෙන
වින්ද්‍යා විශ්වභාෂිනී නමැති තරුණියකද සිටීම විශේෂත්වයක් විය. අනතුර සිදුවූ අලූයම 4.35 අවස්ථාව වනතුරු ඔවුන් කොල්ලුපිටිය සමාජ ශාලාවේ විනෝදවී තිබූ අතර නැවත නිවෙස් බලා යන්නට වාහන පදවා ඇත්තේ ඉතා වේගයෙනි. ඔවුන් බීමත්ව රිය පැදවූයේද යන්න ගැන පරීක්ෂණ පැවැත්වේ.

පොලිස් ස්ථනාධිපතිවරයා ගමන් කළ යතුරු පැදිය හප්පාගෙන ඔවුන් ගොස් තිබුනේ මාර්ග සංඥා පුවරුවේ රතු පැහැය දල්වා තිබියදී එය නොතකා ධාවනය කරන්නට යාමෙනි. සිදුවන්නේ කුමක්දැයි තේරුම් ගත නොහැකිව පාර මැද නතර කරන පොලිස් නිලධාරියාගේ මෝටර් සයිකලය දිගටම යනු ඇතැයි
සිතා එය බේරිමට වමට කැපූ  ඩිෆෙන්ඩරයේ හැපී ඔහු ඇදී යන අයුරු සීසීටීවී වීඩියෝවේ දැක්වේ.

තමන් සිදු කළ අනතුර නිසා තුවාල ලබා ලේ පෙරමින් බිම වැටී සිටි තැනැත්තාට වූයේ කුමක්දැයි වාහන දෙක නතර කර බලන නමුත් කිසිදු උදව්වක් නොකර එතැනින් පළායන්නට (හිට් ඇන්ඩ් රන්) මෙම තරුණ පිරිස කටයුතු කරන ආකාරය විමතිදායකය.

රටේ වගකීමක් දරන තනතුරු වල සිටින තම  තමන්ගේ පියවරුන්ටද මේ වගකීම් විරහිත හැසිරීම් සිදු කළ තරුණයින් සිදු කලේ අවමානයකි.
මේ අය සියල්ල අත්අඩංගුවට පත්වූ පසු ඇප නියම වූ අයගෙන් සැකකරුවන් පස් දෙනකු ඇප කොන්දේසී සපුරාලීමට අපෝහොසත් වීම නිසා රිමාන්ඩ් බන්ධනාගාරය වෙත රැගෙන යනු ලැබිණි.

රාජකාරි කටයුත්තක් සඳහා පොලිස් යතුරු පැදියෙන් යමින් සිටි පොලිස් නිලධාරීයකුව ඩිෆෙන්ඩර් ජීප් රථයක් අධික වේගයෙන් අපරීක්ෂාකාරී ලෙස හා විදුලි සංඥා නොතකා ධාවනය කරමින් අනතුරුට ලක්කර පලා යෑම, බරපතළ තුවාල සිදු කිරීම, මීනී මැරීමට තැත් කිරීම යන චෝදනා සැකකරුට එරෙහිව ඉදිරිපත් කර තිබිණි.

ජනාධිපති ආරක්ෂක අංශයේ පොලිස් අධිකාරී ප්‍රදීප් රත්නායක මහතාගේ පුත්‍රයා වන නවිඳු ඔමේෂ් රත්නායක රක්ෂිත බන්ධනාගාරයට යොමු කර සෙසු සැකකරුවන්ට ලක්ෂ පහ බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හැරීමට නියම කෙරුනත් වින්ද්‍යා විශ්වභාෂිනී වීරසිංහ (27) නමැති තරුණිය ඇතුළු දෙදෙනකු හැර අනෙක් 5 දෙනා ඇප කොන්දේසි සපුරාලන්නට බැරිවී අද 26 දක්වා රක්ෂිත බන්ධනාගාරයට යොමු කෙරිණි.
උසාවියට ඉදිරිපත් කළ අන් අය වූයේ මහින්දානන්ද අලුත්ගමගේ මහතාගේ පුත්‍රයා වන රන්සික බණ්ඩාර අලුත්ගමගේ, සේසිත රන්දීප ගුණදාස, දුමින්ද සුදම්මික ආටිගල, කිරන් මැතිව්ද නීෂ්, දුලංජන චාමර දාබරේ යන සැකකරුවන්ය.

පසුගිය 23 වැනිදා අලූයම 4.35 ට පමණ සිදු වූ එම රිය අනතුරින් බරපතළ තුවාල ලැබූ පොලිස් පරීක්‍ෂක සරත්චන්ද්‍ර මහතා මේ වනවිට කොළඹ ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප‍්‍රතිකාර ලබයි. සී. සී. ටී. වී. දර්ශන ඔස්සේ පරීක්‍ෂණ පවත්වා අත්අඩංගුවට ගත් සැකකරුවන් ඊයේ පස්වරු 3.40 ට පමණ විවෘත අධිකරණයට ඉදිරිපත් කළ අතර නීතිඥවරුන් හා පොලිස් නිලධාරීන් හැර එම නඩු කටයුත්ත වාර්තා කිරීමට පැමිණ සිටි මාධ්‍යවේදීන් ඇතුළු අන් සියලූ දෙනා අධිකරණයෙන් පිටතට යැවීමට අතිරේක මහෙස්ත‍්‍රාත්වරයා අධිකරණය භාර පොලිස් නිලධාරියාට නියෝග කළේය.

එම සැකකරුවන් අතරින් බහුතරයක් රාත‍්‍රි සමාජ ශාලාවලට ගොස් මත්පැන් හා මත්ද්‍රව්‍ය භාවිත කර ඇති බවට තොරතුරු ලැබී ඇති බැවින් ප‍්‍රදේශයේ පිහිටි රාත‍්‍රි සමාජ ශාලාවල පටිගත වී ඇති සී. සී. ටී. වී. දර්ශන ලබාගෙන ඉදිරි පරීක්‍ෂණ පවත්වන බව පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නීතිඥ අජිත් රෝහණ මහතා මාධ්‍ය හමුවේදී පැවසීය.
චේතනාන්විතව රිය අනතුරක් සිදුකර පලා යෑම, රිය අනතුරක් පොලිසියට වාර්තා නොකිරීම ඇතුළු මෝටර් රථ ආඥා පනත යටතේ ගැනෙන චෝදනා මෙන්ම දණ්ඩ නීති සංග‍්‍රහය යටතේ ගැනෙන චෝදනා සැකකරුවන්ට එරෙහිව ගොනු කළ බව ද දැන්වීය.
Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29291,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: ඩිෆෙන්ඩරයේ තරුණියකුත් ඉඳලා අලුත්ගමගේගේ පුතා ඇතුළු 5ක් රිමාන්ඩ්
ඩිෆෙන්ඩරයේ තරුණියකුත් ඉඳලා අලුත්ගමගේගේ පුතා ඇතුළු 5ක් රිමාන්ඩ්
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhGnXa385OH1M36T8R0Vem7A9_KO2GeJb0L3uhVqFvbTP_64D91h0NyIyhUEmtCNIh6gJkKG4hMlon3m2vPrpY0Vg3v7CZ2cU_cYCXWCKYT3fAk2IcWr59mDuMoiJ6NC-pIXkNO4zV-64s/s1600/collage.png
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhGnXa385OH1M36T8R0Vem7A9_KO2GeJb0L3uhVqFvbTP_64D91h0NyIyhUEmtCNIh6gJkKG4hMlon3m2vPrpY0Vg3v7CZ2cU_cYCXWCKYT3fAk2IcWr59mDuMoiJ6NC-pIXkNO4zV-64s/s72-c/collage.png
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2019/02/5_26.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2019/02/5_26.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy