දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
හදිසියේ තැන් මාරුකරමින් සිටියදී රයන්ගේ මව පියා සමග නංගී ජීවත්වූ නිවස දැඩි පොලිස් පරීක්ෂාවට
Homeගොසිප්

හදිසියේ තැන් මාරුකරමින් සිටියදී රයන්ගේ මව පියා සමග නංගී ජීවත්වූ නිවස දැඩි පොලිස් පරීක්ෂාවට

PropellerAds

ම ත්ද්‍රව්‍ය භාවිතය නිසා මේ වනවිට පාතාල පිරිසක් සමග ඩුබායිහි අත්අඩංගුවේ පසුවන ටෙලි නළු රයන් වැන්රොයන්ගේ මව පියා සමග නංගී වාසය කරන පානදුරේ න...

ජයග්‍රහණයේ රහස වුනේ ක්‍රීඩකයන්ට නිදහස ලබා දීම - දිමුත්
ආයෝජන කියා නැව් එන්නේ කුඩු අරන් (අඟහ කාටූන්)
අමල් නදීමාල් ගැන නීතීඥ උදුල්-ශාබ්ධික කියන අලුත්ම විස්තර
ත්ද්‍රව්‍ය භාවිතය නිසා මේ වනවිට පාතාල පිරිසක් සමග ඩුබායිහි අත්අඩංගුවේ පසුවන ටෙලි නළු රයන් වැන්රොයන්ගේ මව පියා සමග නංගී වාසය කරන පානදුරේ නිවස විශේෂ පරීක්ෂාවකට ලක්කිරීමට
පොලිසිය ඊයේ කටයුතු කළේ ඔවුනගේ හැසිරීම් පිළිබඳ හටගත් සැකකටයුතු තත්වයක් නිසාය.
රයන්ගේ නැගණියගේ නමට ලබාගෙන ඇය ඇතුළු එම පවුලේ අය පදිංචිව සිටි පානදුර පරන්ත ‍දොළේවත්ත පාරේ පිහිටි මෙම නිවස කුලී පදනම මත ලබාගත් නිවසක් වූ අතර පසුගිය දිනවල ඇතිවූ සංසිද්ධි අතරවාරයේ 

හදිසියේ නිවස අතහැර  වෙනත් කුලී නිවසකට ඔවුන් යාමට සූදානම්වී ඇති බව පැවසේ.

අධිකරණයෙන් ලබාගත් සෝදිසි වරේන්තුවක් මත පොලිසිය එම නිවස වටළන අවස්ථාවේ එම නිවසේ අය වෙනත් නිවසකට යාමට ලොරි වලට බඩු පටවමින් සිටි බව පැවසේ.
පාතාල නායක මාකඳුරේ මධුෂ් සමඟ රයන් වැන්රෝයන් විවිධ ගනුදෙනුවලට සම්බන්ධ බවට සැක මතුව තිබූ අතර මින් ඉහත රයන් පදිංචිව සිටි දෙහිවල නිවස පරීක්ෂාවේදී  මත්කුඩු කිරන තරාදියක්ද පොලිසියට හමුවී තිබුණි.  මදුෂ්ගේ දියමන්ති සොරකමට අදාළ කෝටි 500 දියමන්තිය මෑතකදී පානදුර කෙහෙල්වත්ත ප්‍රදේශයෙන් හමුවිමට පෙරාතුව ඊට සම්බන්ධයක් ඇති බවට රයන්ගෙන් පොලිසිය කට උත්තරද ලබාගෙන තිබුණි.

මෙම සැකකටයුතු වාතාවරණය හමුවේ පොලිසිය ඊයේ රයන්ගේ නැගණියගේ නිවස පරීක්ෂා කරන්නට යද්දී නැඟණිය ඇතුළු පවුලේ අය එම නිවෙස හැර යෑම සඳහා ලොරියකට නිවෙසේ ගෘහ භාණ්ඩ පටවමින් සිටි බව පොලිසිය කියයි.
සෝදිසි වරෙන්තුව ඉදිරිපත් කර නිවෙස දැඩි පරීක්‍ෂාවට ලක් කර අනතුරුව ලොරියට දමා තිබූ බඩු බාහිරාදිය ද එකින් එක බිමට ගෙන දැඩි සෝදිසියට ලක් කිරීමට පියවර ගත් බවද පැවසේ.
එනමුත් කිසිදු සැකකටයුතු දෙයක් එම අවස්තාවේ හමුවී නැත.

ඔවුන් කුලී නිවෙසින් බැහැරව බඩු බාහිරාදිය රැගෙන යෑම සඳහා යොදාගෙන තිබුණේ වී.අයි.පී. යනුවෙන් ස්ටිකරයක් ප්‍රදර්ශනය කරන ලද ලොරියකින් බවත් එයද සැකයට තුඩු දෙන කාරණයක් බව පොලිසිය කියයි.  පොලිස් නිලධාරීන් ලොරියේ ප්‍රදර්ශනය කරන ලද ස්ටිකරය ඒ මොහොතේම ගලවා දැමීමට පියවර ගැනිණි.
 නිරතුරුවම රාත්‍රි කාලයට සුඛෝපභෝගි මෝටර් රථ මෙහි පැමිණෙන බවත් විදුලි පහන් නිවා දමා උඩු මහලේ (බැල්කනියේ) සාකච්ඡා පවත්වන අයුරු දුටු බව අසල්වාසීන් පැවැසූ බව සෝදිසි වරෙන්තුවට එක් වූ නිලධාරීන් හා එම අසල්වාසීන් පවසා තිබිණි.
නිවස හිමි තැනැත්තා විමසීමේදී  අන්තර්ජාලයේ පළකරන ලද දැන්වීමක් අනුව රයන්ගේ සහෝදරියට නිවෙස කුලී පදනම මත ලබා දුන් බව ඔහු කළ ප්‍රකාශයේ සඳහන් වේ.   ටෙලිනළු රයන් වැන්රෝයන්ගේ නැඟණිය, සැමියා, දරුවා, මව හා පියා මෙම නිවසේ පදිංචිව සිටි බව වාර්තා විය.
පානදුර පොලිසිය වැඩිදුර පරික්ෂණ සිදු කරයි.
Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29300,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: හදිසියේ තැන් මාරුකරමින් සිටියදී රයන්ගේ මව පියා සමග නංගී ජීවත්වූ නිවස දැඩි පොලිස් පරීක්ෂාවට
හදිසියේ තැන් මාරුකරමින් සිටියදී රයන්ගේ මව පියා සමග නංගී ජීවත්වූ නිවස දැඩි පොලිස් පරීක්ෂාවට
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEiKYzld4L9IKU9I7sY5p7lPPK65AtqGE4MaulWEPZP8HHWhOaURoFh-fHpA0Sc5pDyXwAZzWQdhLgzzdL0caBwvdX4RPXXJ46QseUbeIRxN_NGl_GbWy_jf1vemvPlEAZBuGjxQg-tzPtc/s1600/rayan.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEiKYzld4L9IKU9I7sY5p7lPPK65AtqGE4MaulWEPZP8HHWhOaURoFh-fHpA0Sc5pDyXwAZzWQdhLgzzdL0caBwvdX4RPXXJ46QseUbeIRxN_NGl_GbWy_jf1vemvPlEAZBuGjxQg-tzPtc/s72-c/rayan.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2019/03/blog-post_555.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2019/03/blog-post_555.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy