විෂ මත්ද්‍රව්‍ය භාවිත කරන මන්ත්‍රිවරුන් 24කගේ නම් තමන් සතුව තිබුණත් එය ප්‍රසිද්ධ කළ විට තමන්ට එරෙහිව තවත් නඩු ගණනාවක් වැටෙනු ඇති බව රාජ්‍ය...
විෂ මත්ද්‍රව්‍ය භාවිත කරන මන්ත්‍රිවරුන් 24කගේ නම් තමන් සතුව තිබුණත් එය ප්‍රසිද්ධ කළ විට තමන්ට එරෙහිව තවත් නඩු ගණනාවක් වැටෙනු ඇති බව රාජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක මහතා පැවැසීය.
සිය ට්විටර් ගිණුම හරහා මේ පිළිබඳව දීර්ඝ විස්තරයක් කරමින් ඔහු ඉහත අදහස් දැක්වා තිබේ.
“මහජනතාවට අවශ්‍ය වී තිබෙනවා මේ නම් මම විසින් හෙළිකරනවාට. පොලීසිය කියන්නේ ඔවුන්ට මේ ගැන පරීක්ෂණය කළ හැක්කේ මේ චෝදනා ලැබූවන්ට ඒ අවස්ථාවේදී කළ පරීක්ෂණයකදී හෝ එසේ නොමැති නම් මත්ද්‍රව්‍ය භාවිත කර වැරැද්දක් කළ විට කියලයි. මට දැනටමත් උසාවියේ නඩු 24ක් තිබෙනවා. මේ නඩු මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් හා දූෂිතයන් විසින් ඉහළ ගෙවීම් ලබාගන්නා නීතිඥයින් හරහා පැනවූ නඩුයි. මම නම් හෙළිකළොත් මට තවත් නඩු ගොනුවේවි. මට කරදර වීමට පවුලක් නෑ. මම බයත් නෑ. මම හිතන්නේ මගේ ඉතිරි කාලයත් උසාවි තුළ ගත කරනවද කියලයි."
"ඒ වගේම ජනපතිධුරය දරණ කාලයේදී මීගමුවේදී පොලිස් විශේෂ කාර්ය බළකාය මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙක් වැටලූ විට ඔහු බැලීමට ගිය මහින්ද රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුව තුළ මත්ද්‍රව්‍යවලට විරෝධීව කටයුතු කරන ආකාරය දකින්නට ලැබීමත් සතුටුයි. මම සදහන් කරන මන්ත්‍රීවරන්ගෙන් 90%ක්ම ඉන්නේ ඔහු සමීපයේයි. මීගමුවේ කුඩු නායකයාද සමගින්. මට මේ නම් පාර්ලිමේන්තු වරප්‍රසාදවලට මුවාවි හෙළි කළ හැකවුණත්. නමුත් මම වීරවංශ හා රාජපක්ෂ මෙන් පාර්ලිමේන්තු වරප්‍රසාදවල මුවාවී විනිසුරන් විවේචනය කිරීමට පාර්ලිමේන්තු වරප්‍රසාද භාවිත කළ ආකාරයට ලැජජාසහිතව මම කටයුතු කරන්නේ නෑ. මම යමක් කියන්නේ නම් එය කියන්නේ එළියෙයි.”
Good to see in parliament that @PresRajapaksa who when president went to safeguard a drug lord in Negombo when a STF raid happened spoke against drug. 90% MPs I am talking about are in his side including the drug leader who runs Negombo.
— Ranjan Ramanayake (@RamanayakeR) February 20, 2019
COMMENTS