පවතින රජයට පක්ෂග්‍රාහී ලෙස කටයුතු කිරීම ඇතුළු කරුණු කිහිපයකට එරෙහිව මාධ්‍යවේදීන් හා සිවිල් සංවිධානවල නියෝජිතයන් පිරිසක් අද(10) ශ්‍රී ලංකාව...
පවතින රජයට පක්ෂග්‍රාහී ලෙස කටයුතු කිරීම ඇතුළු කරුණු කිහිපයකට එරෙහිව මාධ්‍යවේදීන් හා සිවිල් සංවිධානවල නියෝජිතයන් පිරිසක් අද(10) ශ්‍රී ලංකාවේ ප්‍රධාන ධාරාවේ මාධ්‍ය ආයතන කිහිපයකට පැමිණ විරෝධය පළ කළේය.
පක්ෂග්‍රාහී ප්‍රවෘත්ති වාර්තාකරණය, ජාතිවාදය සහ මිත්‍යාව නවත්වන ලෙසට බලකරමින් සංදේශයක් ඔවුන් අදාළ මාධ්‍ය වෙත ලබා දුන්නේය.
ඔවුන් වැඩිදුරටත් සඳහන් කළේ ජනතාවට අයත් සංඛ්‍යාත භාවිතා කරන මාධ්‍ය ආයතන ලෙස වගකීමකින් සිය මාධ්‍ය හැසිරවිය යුතු බවය.
කොළඹ නගරය කේන්ද්‍ර කරගත් ජාතික රුපවාහිනීය, ස්වාධින රුපවාහිනී සේවය, සිරස, දෙරණ, හිරු, ස්වර්ණවාහිනී සහ සියත ඇතුළු රුපවාහිනි නාලිකා මෙන්ම ගුවන් විදුලි සහ පුවත්පත් ආයතන වෙතද මෙම පිරිස පැමිණියේය.
ඇතැම් අවස්ථාවල උණුසුම් තත්ත්වයක් ඇති වූ අතර ඊට අදාළ වීඩියෝව පහතින් දැක්වේ.
COMMENTS