අන්තර්ජාතික මුල්‍ය අරමුදල (IMF) මඟින් ශ්‍රී ලංකාවට ලබා දෙන ණය වාරික යලි ලබා ගැනීම සඳහා මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා අනිද්දා (11) ඇමෙරිකා...
අන්තර්ජාතික මුල්‍ය අරමුදල (IMF) මඟින් ශ්‍රී ලංකාවට ලබා දෙන ණය වාරික යලි ලබා ගැනීම සඳහා මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා අනිද්දා (11) ඇමෙරිකාවේ වොෂින්ටන් නුවර බලා පිටත්ව යාමට නියමිතය.
අමාත්‍යංශය නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ එහිදී අන්තර්ජාතික මුල්‍ය අරමුදලේ කලමණාකාර මුල්‍ය අධ්‍යක්ෂ ඇතුළු නියෝජිත කණ්ඩායමක් හමු වී ශ්‍රී ලංකාවට යලි ණය ලබා ගැනීමට සාකච්ජා පවත්වන බවය.
අන්තර්ජාතික මුල්‍ය අරමුදලේ ආර්ථික ප්‍රතිසංස්කරණ අඛණ්ඩව ක්‍රියාත්මක කරන බවට එහිදී මුදල් අමාත්‍යවරයා එම නියෝජිතයන්ට දැන්වීමට සූදානම් බවද නිවේදනයේ සඳහන් වේ.
පසුගිය වසරේ අග භාගයේ ඇති වූ දේශපාලන අර්බුධයත් සමඟ අන්තර්ජාතික මුල්‍ය අරමුදල(IMF) මඟින් ශ්‍රී ලංකාවට ලබා දෙන ණය වාරික තාවකාලිකව අත්තිටුවා තිබිණි.
COMMENTS