රූපවාහිනියේ ජනප්‍රිය ගී තරු තරගයකින් තේරුණු කෑගල්ල දිස්ත්‍රික්කයේ දරුවකු විදේශ රටක ගීත ප්‍රසංගයකට සහභාගි කරවා ගන්නා බවට දුරකථනයෙන් කතා කොට ...
ගණනාවකදී බැංකු ගිණුමකට
ඒ අනුව පියා වාර ගණනාවකදී විදේශගත යැයි කියූ පුද්ගලයා දුන් බැංකු ගිණුමට රුපියල් ලක්ෂයකට වැඩි මුදලක් තැන්පත් කළ අතර දරුවා එම රටට ගෙන්වා ගැනීම ප්‍රමාද කරන නිසා සැක සිතූ පියා බැංකු ගිණුම පරීක්ෂා කිරීමේදී ගිණුම් හිමියා ලංකාවේ සිටින්නකු බව තේරුම් ගෙන ඇත. මේ පිළිබඳ පොලිසියට කළ පැමිණිල්ලක් මත බැංකු ගිණුම් හිමියා අත්අඩංගුවට ගත් අතර ලබන 10දා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර ඇත. නඩු මෙහෙයුම් අංශයේ ස්ථානාධිපති උ.පො.ප. ජයතිස මහතා සැකකරු රුවන්වැල්ල මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
-තරින්ද රත්නායක-
COMMENTS