දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
අනුෂා සොනාලිට නිවස දෙන අතර කලාකරුවන්ට මාධ්‍යවේදීන්ට වාහන ණය දෙන බව සජිත් කියලා
Homeගොසිප්

අනුෂා සොනාලිට නිවස දෙන අතර කලාකරුවන්ට මාධ්‍යවේදීන්ට වාහන ණය දෙන බව සජිත් කියලා

PropellerAds

පසුගිය රජය ක්‍රියාත්මක කළ මාධ්‍යවේදීන්ට හා කලාකරුවන්ට වාහනයක් මිලදී ගැනීම සඳහා පොලී රහිත රුපියල් ලක්‍ෂ 12ක ණය මුදලක් ලබාදීම සඳහා වන යෝජනාවක...

මහනුවරට මහල් නවයක රථ ගාලක්.
සාගලගේ කැපවීමෙන් පිටබැද්දරට සමාව සමඟ කෝටි 17 ට අධික වන්දි.
මිහින් ලංකා : ගෝඨාගේ දෝෂ සහිත ආකෘති පත්‍රයට අනුමැතිය.
පසුගිය රජය ක්‍රියාත්මක කළ මාධ්‍යවේදීන්ට හා කලාකරුවන්ට වාහනයක් මිලදී ගැනීම සඳහා පොලී රහිත රුපියල් ලක්‍ෂ 12ක ණය මුදලක් ලබාදීම සඳහා වන යෝජනාවක් 2019 අය-වැය යෝජනාවලට ඇතුළත් කිරීම සඳහා මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතාට භාරදෙන බව ඉදිකිරීම් හා සංස්කෘතික අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා ප්‍රකාශ කරයි.

එමෙන්ම කලාකරුවන්ට හා මාධ්‍යවේදීන්ට නිවාස ඉදිකිරීම සඳහා හෝමාගම, යහලකැලේ වත්තෙන් ඉඩම් පවරා ගැනීම පිළිබඳව ඉඩම් හා පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතා සමඟ සාකච්ඡා කිරීමටත් ඊට අදාළව සැබැවින්ම නිවාස අහිමි මාධ්‍යවේදීන් හා කලාකරුවන් තෝරා ගැනීම සඳහා
කමිටුවක් පත්කිරීමටත් අමාත්‍යවරයා තීරණය කර ඇත.

මාංශ පේශීවල ක්‍රියාකාරීත්වය දුර්වලවීමේ 'මයෝපති' නම් දුර්ලභ රෝගී තත්ත්වයකින් වසර 5කට ආසන්න කාලයක් ඇවිදීමේ අපහසුතාවකින් යුතුව රෝද පුටුවක් භාවිත කරන රංගන ශිල්පිනියක් ලෙස ජනාදරයට පත්වූ අනූෂා සොනාලි ද සිල්වා මහත්මියට මොරටුව සයුරුපුර මහල් නිවාස සංකීර්ණයෙන් රුපියල් ලක්‍ෂ 30ක් පමණ වටිනා නිවෙසක් ප්‍රදානය කිරීම නිමිත්තෙන් බත්තරමුල්ල, සෙත්සිරිපාය එම අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේදී ඊයේ (03දා) දහවල් පැවැති මාධ්‍ය හමුවේදී අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේය.

විසිදැල, හඬන කිංකිණි, භව සසර, ගිනිගත් හෝරාව, දරු උපත, සුන්දර වරද සහ මමත් ගැහැනියක් යන චිත්‍රපටවලට රංගනයෙන් දායක වූ ඇය 1995 වසරේදී 'වසරේ නැඟී එන නිළිය' ලෙස සරසවි සම්මානයෙන් පිදුම් ලැබුවද, ඇගේ රෝගී තත්ත්වය හේතුවෙන් නිසි ආදායම් මාර්ගයක් හෝ පදිංචියට නිවෙසක් හෝ නොමැතිව අසරණ තත්ත්වයට පත්ව සිටියදී රන්ජන් රාමනායක නියෝජ්‍ය ඇමැතිවරයා විසින් අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා දැනුවත් කිරීමෙන් අනතුරුව මෙම නිවෙස ලබාදීමට පියවර ගෙන තිබේ.

අනූෂා සෙනාලි මහත්මිය සුවපත් කිරීමට හැකි සෑම සහායක්ම ලබාදීමටත්, ඇයගේ යැපීම සඳහා කිසියම් ස්වයං රැකියාවක් සලසාදීමටත් පියවර ගන්නා බවට ප්‍රතිඥා දුන් අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා ඇගේ පුතුට එම අමාත්‍යාංශය යටතේ රැකියාවක් ලබාදීමටද එකඟත්වය පළ කළේය.


-උපතිස්ස පෙරේරා-
Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29314,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: අනුෂා සොනාලිට නිවස දෙන අතර කලාකරුවන්ට මාධ්‍යවේදීන්ට වාහන ණය දෙන බව සජිත් කියලා
අනුෂා සොනාලිට නිවස දෙන අතර කලාකරුවන්ට මාධ්‍යවේදීන්ට වාහන ණය දෙන බව සජිත් කියලා
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgeQ2jndhDVptZiokLvOtYtNmk-1HtOZGxdVCwJdy34P3-ZpG6Ywrph07HhJYrSBeyEyy5BKEsjDVYe8yV0W90gStrivPAK3oINHUJ-2q8ww10aku5CSaxkiZPlxZLtHifkfe9VHJ3OIc8/s1600/gossiplanka_2019-01-04-1076.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgeQ2jndhDVptZiokLvOtYtNmk-1HtOZGxdVCwJdy34P3-ZpG6Ywrph07HhJYrSBeyEyy5BKEsjDVYe8yV0W90gStrivPAK3oINHUJ-2q8ww10aku5CSaxkiZPlxZLtHifkfe9VHJ3OIc8/s72-c/gossiplanka_2019-01-04-1076.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2019/01/blog-post_86.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2019/01/blog-post_86.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy