දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
එක්සත් ජාතික පක්ෂය හැටියට අපි ඕනම වෙලාවක විපක්ෂයේ ගිහිල්ලා වාඩි වෙන්න ලෑස්තියි
Homeප්‍රවෘත්ති

එක්සත් ජාතික පක්ෂය හැටියට අපි ඕනම වෙලාවක විපක්ෂයේ ගිහිල්ලා වාඩි වෙන්න ලෑස්තියි

PropellerAds

“කවුරුත් කුමන්ත්‍රණය කරන්න ඕන නැහැ එක්සත් ජාතික පක්ෂය හැටියට අපි ඕනම වෙලාවක විපක්ෂයේ ගිහිල්ලා වාඩි වෙන්න ලෑස්තියි" යැයි අධිකරණ හා බන්...

අද රෑ සිට නැවතත් පොලිස් ඇඳිරි නීතිය
පිපිරවීම් වලට සම්බන්ධ දෙදෙනක් දඹුල්ලේදී සැක පිට අල්ලයි
"ඊයේ සිදු වූ ඛේදවාචකය පිළිබඳ වගකීම රජය විසින් භාර ගත යුතුයි"
එක්සත් ජාතික පක්ෂය හැටියට අපි ඕනම වෙලාවක විපක්ෂයේ ගිහිල්ලා වාඩි වෙන්න ලෑස්තියි

“කවුරුත් කුමන්ත්‍රණය කරන්න ඕන නැහැ එක්සත් ජාතික පක්ෂය හැටියට අපි ඕනම වෙලාවක විපක්ෂයේ ගිහිල්ලා වාඩි වෙන්න ලෑස්තියි" යැයි අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍ය තලතා අතුකෝරළ මහත්මිය පවසයි.

ඊයේ (27) රද්දැල්ල නුගමුන්න මාර්ගය ජනතා අයිතියට පත් කිරීමේ අවස්ථාවට එක්වෙමිනි.

එහිදී ඒ මහත්මිය මෙසේ අදහස් දැක්විය.

"මේ සියලු සංවර්ධන යෝජනා ක්‍රම අපි කරන්නේ අපේ අගමැතිතුමාගේ නායකත්වයෙන්.අපේ මුදල් ඇමතිතුමා මුදල් දීලා තියෙනවා.මේ සංවර්ධන යෝජනා සදහා එන්න තිබුණු ඊළග මුදල් කොටස එන්න තිබුණේ නොවැම්බර් 21 වැනිදා.දේශපාලන කුමන්ත්‍රණය නිසා සමහර අය අගමැතිවරු පත් කරන්න බලය පැහැර ගන්න උත්සාහ කලා බලය පැහැර ගන්න උත්සාහ කළ නිසා මේවා ඔක්කොම ඇණ හිටියා. ගම්වල ඉන්න සමහර උදවියට මේවා තේරෙන්නේ නැහැ.පාරේ වැඩ පටන් ගත්තා වැඩේ කලේ නැහැ කියලා කියනවා.මට මුදල් අනුමත වෙලා තිබුණා රුපියල් ලක්ෂ 930 ක් ඒවා ආපසු ගියා.ඒකට හේතු වුනේ බලයේ රැදී සිටීමේ අවශ්‍යතාවය නිසා එක කණ්ඩායමකුත් තමන්ට තියෙන වංචා දූෂණ නඩු ඉවර කර ගන්න තවත් කණඩායමකුත් එකතු වුනු නිසා කුමණ්ත්‍රණකාරීව අවුරුදු පහකට පත් කර ගත්ත රජය උදුර ගන්න උත්සාහ කළා.මම කියන්නේ ඕනම කෙනෙකුට අපි ප්‍රජාතන්ත්‍රවාදී විදිහට මුහුණ දෙන්න සුදානම්.මේ රද්දැල්ලේ අය දන්නවා අපේ නිමලරත්න මහත්තයලා දන්නවා .මගේ අයියා වසර 17 ක් මේ මැතිවරණ කොට්ඨාශයට වැඩ කළා. රත්නපුර දිස්ත්‍රික්කයටම වැඩ කලා .නමුත් අපි 94 විපක්ෂයට ගියා අවුරුදු 20 ක් විපක්ෂයේ හිටියා. අපිට වැඩිය ඡන්දයකින් බලය අර ගෙන අපිට වැඩිය හොදට කරන්න පුළුවන් නම් අපි සන්තෝෂ වෙනවා මොකද බලය කියන එක සදාකාලීක නැහැ.1994 ඉදලා 2014 වසර 20 ක් තුළ පක්ෂ පාට බලලා තමයි හැම දෙයක්ම කළේ.සමෘද්ධිය දෙන්නත් බැලුවේ මොකක්ද  දේශපාලනය කියලා.සමෘද්ධි නිලධාරීනුත් පක්ෂය පාට බලලා තමයි සහනාධාර ලිවුවේ.එදා ප්‍රේමදාස ජනාධිපතිතුමා ජන සවිය පටන් ගන්න කොට ඒවා හෙවුවේ නැහැ.දෙන්න තියෙන කෙනාට දුන්නා.94 න් පස්සේ 95 සමෘද්ධිය කියලා හදලා දුප්පත්කම පවත්වා ගෙන යන්න කටයුතු කළා.සමෘද්ධිය දෙන්න අවශ්‍යතාවය සුදුසුකම් දේශපාලනය නෙවෙයි අපි එය දිය යුතු කෙනාට දෙන්න ඕන.අපි එක්සත් ජාතික පක්ෂය හැටියට ඕනම වෙලාවක කවුරුත් කුමන්ත්‍රණය කරන්න ඕන නැහැ ඕනම අවස්ථාවක විපක්ෂයේ ගිහිල්ලා වාඩි වෙන්න ලෑස්තියි.විපක්ෂය දෙන්නෙත් නැති නම් ගෙදර ගිහිල්ලත් ඉන්න ලෑස්තියි .හැබැයි අපිට බරපතල ප්‍රශ්නයක් තියෙනවා අපිට අපේ රටට හැම සම්පතක්ම තියෙනවා දේශගුණය හොදයි නිදහස් අධ්‍යාපනය තියෙනවා නිදහස් සෞඛ්‍ය තියෙනවා නම් ඇයි තවත් පවුල් ලක්ෂ 14 ක් සහනාධාර මත ජීවත් වෙනවා.ඇයි අපි දුප්පත්කම පවත්වා ගෙන යන්න කටයුතු කරන්නේ.ඇයි මේකට හේතුව.වැරැද්ද තියෙන්නේ කා ගාවද  කියන එක අවබෝධ කර ගන්න ඕන .සමහර අය බලය ලබා ගන්න උත්සාහ කරන්නේ තමන්ගේ අවශ්‍යතාවය වෙනුවෙන් .මට මේ රත්නපුරේ වැදගත් මහත්තයෙක් කිවුවා ඔබතුමියලා වැඩ කරනවා පෙන්වන්නේ නැහැ කියලා ඔව් මම කිවුවා කළු මාධ්‍ය හරහා නම් මේවා පෙන්වන්නේ නැහැ කියලා."

"අපේ පක්ෂය තුළ ඉදිරි වසර පනහට සියයට වැඩ පිළිවෙළක් තියෙනවා.එදා රණසිංහ ප්‍රේමදාස ජනාධිපතිතුමා 1989 සබරගමුව විශ්ව විද්‍යාලය හදන කොට රත්නපුර නව නගරයේ ඉඩමක් වෙන් කළා එම විශ්ව විද්‍යාලයට අවශ්‍ය වෛද්‍ය පීඨයට වෙන් කළා .අවුරුදු 30 ක් ගියා කාටවත් ඒක කරන්න බැරි වුණා .උවමනාවක් තිබුනේත් නැහැ.අපිට පුළුවන් වුණා. රත්නපුර මහ රෝහල ශික්ෂණ රෝහලක් බවට පත් කරලා වෛද්‍ය පීඨය පටන් ගත්තා.2005 සිට 2015 දක්වා මේ රටේ තිබුනේ බෝඩ් සංස්කෘතියක් .වැඩේ වුණත් නැතත් බෝඩ් එක ගහනවා.අපි ඒ ක්‍රමය වෙනස් කරලා තියෙනවා.මේ හැම දේකටම යොදවන්නේ රටේ මිනිස්සු බදු මුදල් ගෙවන සල්ලි. පුළුවන් හැම ආකාරයටම අපි සංවර්ධනය කරනවා.අවාසානාවන්ත විදිහට කුමන්ත්‍රණයේ ප්‍රතිඵල විදිහට සංවර්ධන කටයුතු වලට ආව සල්ලි ආපහු ගියා.ප්‍රාදේශීය සභා ඡන්දය වෙලාවේ අපි කිවුවා ආණ්ඩුවත් එක්ක වැඩ කරන්න පුළුවන් අයට ඡන්දය දෙන්න කියලා .නැහැ වෙනත් අයට දුන්නා අද එයාලට සංවර්ධනය කරන්න බැහැ. පළාත් සභාවේ කටයුතු වුණත් ඉදිරියට ගෙන යන්න මේ සංවර්ධන වැඩ කරන්න පළාත් සභා අපිට තියෙන්න ඕන.කවුරු මොනවා කිවුවත් 2020 වෙනකල් අපි යනවා.1994 න් පස්සේ එක්සත් ජාතික පක්ෂයේ කෙනෙක්ට රක්ෂාවක් දුන්නේ නැහැ.රජයක් ලෙස රටේ ඇති කරපු නිදහස අධිකරණයේ ස්වාධීනත්වය අධිකරණය රජ්ජුරුවන්ට ඕන විදිහට ක්‍රියාත්මක කරන්න තිබුණ විදිහ.පොලිස් දෙපාර්තමේන්තුව මහ රජාගේ අවශ්‍යතාවය වෙනුවෙන් ක්‍රියාත්මක කරලා තිබුණ යුගය අපි අවසන් කරලා තියෙනවා.මේ සම්බන්ධයෙන් ජනාධිපතිතුමාට විශාල කාර්ය භාරයක් තියෙනවා.එතුමා යටතේ අද පොලිස් දෙපාර්තමේන්තුව තියෙනවා.අපක්ෂපාතීව සාධාරණව නීතිය ක්‍රියාත්මක වෙනවා කියන එක සොයා බැලීම එතුමාගේ වගකීමක්. අපි යහපාලනය ඇති කරන්න ක්‍රියා කළේ එක්සත් ජාතික පක්ෂයේ  අය වෙනුවෙන් නෙවෙයි.රට වෙනුවෙන් .මට සමහර අය කියනවා පසුගිය ප්‍රාදේශීය සභා ඡන්දය වෙලාවේ හොද හොද දේවල් දැක්කා කියලා.ඊටත් වඩා හොද දේවල් දැක්කා ඔක්තෝම්බර් 26 වෙනිදා අපි හොදට දැක්කා සමහර අය වෙනස් වුනු විදිහ. අපි පත් කළ ජනාධිපතිතුමා වෙනස් වෙන කොට අනිත් අය වෙනස් වෙන එක පුදුම දෙයක් නෙමෙයි.පසුගිය දා සිදු වුනු කුමන්ත්‍රණය නිසා අවුරුදු තුනක් ගොඩ නගපු දේවල් ආපස්සට ගියා."යැයි ද අමාත්‍යවරිය වැඩිදුරටත් සදහන් කළාය.

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29286,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: එක්සත් ජාතික පක්ෂය හැටියට අපි ඕනම වෙලාවක විපක්ෂයේ ගිහිල්ලා වාඩි වෙන්න ලෑස්තියි
එක්සත් ජාතික පක්ෂය හැටියට අපි ඕනම වෙලාවක විපක්ෂයේ ගිහිල්ලා වාඩි වෙන්න ලෑස්තියි
http://am.lk/media/k2/items/cache/c6794a6182317bac790eb4feee130959_S.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2019/01/blog-post_743.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2019/01/blog-post_743.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy