බෝම්බ පිපිරවීම් සිද්ධියට සම්බන්ධ බවට දඹුල්ල නගරයේ ලැගුම් හලක් අසල රැඳී සිටි පුද්ගලයන් දෙදෙනකු සැකපිට 21 දින රාත්‍රියේ අත්අඩංගුවට ගත් බව දඹ...
බෝම්බ පිපිරවීම් සිද්ධියට සම්බන්ධ බවට දඹුල්ල නගරයේ ලැගුම් හලක් අසල රැඳී සිටි පුද්ගලයන් දෙදෙනකු සැකපිට 21 දින රාත්‍රියේ අත්අඩංගුවට ගත් බව දඹුල්ල පොලිසිය කියයි.
මෙසේ අත්අඩංගුවට ගත් පුද්ගලයන් දෙදෙනා මාවනැල්ල ප්‍රදේශයේ සහ කටුපොත ප්‍රදේශයේ පදිංචිකරුවන් බවත් පොලිසිය කියයි.
අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කිරීම්වලදී හෙළිවී ඇත්තේ එක්තරා සංවිධානාත්මක අපරාධ කණ්ඩායමක ක්‍රියාශීලී ප්‍රබල සාමාජිකයන් බව හෙළිවී තිබේ.
දඹුල්ල මුලස්ථාන පොලිස් පරීක්ෂක සම්පත් වික්‍රමරත්න මහතාගේ පෞද්ගලික ඔත්තුකරුවෙකු මඟින් මෙම තොරතුරු ලැබීමත් සමඟ දඹුල්ල පොලිස් කණ්ඩායමක් දඹුල්ල නගර මධ්‍යයේ පිහිටි ලැගුම් හල ආසන්නයේදී මෙම පුද්ගලයන් දෙදෙනා අත්අඩංගුවට ගෙන තිබේ.
මාවනැල්ල ප්‍රදේශයේ පසුගියදා සිදුවූ ආගමික ගැටුමක ප්‍රධාන සැකකරුවෙකු බවද පොලිසිය මෙන් එක් අයෙකු හදුනාගෙන තිබේ.
එමෙන්ම සංවිධානාත්මක අපරාධ කණ්ඩායමක නායකයෙකු ලෙස හඳුනාගත් අයෙකුගේ ළඟම ඥාතියෙකු අනිත් පුද්ගලයා බව හෙළි වී තිබෙන අතර ඔවුන්ගෙන් එකිනෙකාට පරස්පර ප්‍රකාශ ලබා දීම සිදුවන බව පොලිසිය කියයි.
සැකකරුවන් දෙදෙනා දඹුල්ල පොලිසියේ රඳවාගෙන ප්‍රශ්න කිරීමෙන් අනතුරුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට දැනුම් දී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් දඹුල්ලට පැමිණ සැකකරුවන් දෙදෙනා කොළඹට රැගෙන යෑමට පියවර ගත්තේය,
මේ අතර දඹුල්ල නගරාධිපති ජාලිය ඕපාත මහතා දඹුල්ල පොලිසියට උදෑසන පැමිණ මෙම සිද්ධිය සම්බන්ධයෙන් දඹුල්ලේ ආරක්ෂාව තර කරන ලෙස පොලිසියෙන් ඉල්ලීමක් කිරීම ද විශේෂත්වයකි .
දඹුල්ල ශ්‍රී ලංකාවේ ආර්ථික මර්මස්ථාන බවත් පූජනීය අතින් ඉතා වැදගත් ස්ථානයක් බවත් ආගමික මඩුවක් සහිත ප්‍රශ්නයක් ඇති වූ ස්ථානයක් නිසා අපරාධ කණ්ඩායමක ප්‍රධානීන් මෙසේ ලැගුම් ගෙන සිටීම නිසා ආරක්ෂාව තර කරන ලෙස ඔහු පොලීසියට දැනුම් දීම සිදු කිරීම ද විශේෂත්වයකි.
සැකකරුවන් දෙදෙනා මාවනැල්ල ප්‍රදේශයේ ආගමික ගැටලුවත් සමග මාස තුනක පමණ කාලයක් සැඟවී සිටි පුද්ගලයන් බවද ඔවුන් සිදුවූ පිපිරීම් සිද්දියත් සමග එම සැගවී සිටි ප්‍රදේශයෙන් කාතන්කුඩි ප්‍රදේශයට යන අතරදී පොලිස් ඇදිරිනීතිය පැනවීමත් සමග දඹුල්ලේ නැවතී පසුදින ගමන් කිරීමට සැලසුම් කර ඇති බව පොලිස් පරීක්ෂණවලදී අනාවරණය වී තිබේ.
මේ දෙන්නාගේ ජංගම දුරකථන දෙකම ඉතා ප්‍රබල මෘදුකාංගයක් උපයෝගී කරගෙන ලබාගන්නා ඇමතුම් හා ලැබෙන ඇමතුම් කෙටි පණිවිඩ කිසිදු ස්ථානයක පටිගත කිරීමක් නොවනසේ පවතින බව පොලිසිය කියයි.
මේ සැකකරුවන් දෙන්නාම ආගමික අපරාධ සදහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අත්අඩංගුවට ගැනීමට සොයමින් සිටි බව පොලිසිය කියයි.
දඹුල්ල මුලස්ඨාන පොලිස් පරීක්ෂක සම්පත් වික්‍රමරත්න මහතා කිවේ තමන්ගේ පුද්ගලික ඔත්තු කරුවා ලබාදුන් තොරතුර නිසා රටේ ජාතික ආරක්ෂාවට ප්‍රබල තර්ජන එල්ල කිරීමට හැකි ප්‍රබල අපරාධ කරුවන් දෙදෙනා අත්අඩංගුවට ගැනීමට සුදුවූ බවය.
(දඹුල්ල කාංචන කුමාර ආරියදාස)
COMMENTS