අග්‍රාමාත්‍ය ධූරයෙන් සහ කැබිනට් අමාත්‍ය ධූරවලින් ඉවත් කිරීමට එරෙහිව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ගොනු කළ පෙත්සම අද ශ්‍රේෂ්ඨාධිකරණය ...
අග්‍රාමාත්‍ය ධූරයෙන් සහ කැබිනට් අමාත්‍ය ධූරවලින් ඉවත් කිරීමට එරෙහිව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ගොනු කළ පෙත්සම අද ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ කැඳවනු ලැබීය.
ඒ, අගවිනිසුරු නලින් පෙරේරා, ප්‍රියන්ත ජයවර්ධන සහ එල්.ටී.බී. දෙහිදෙණිය යන ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල හමුවේය.
පෙත්සම කැඳවූ අවස්ථාවේ එහි වගඋත්තකරුවන් වන අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරුන් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ කියා සිටියේ, රනිල් වික්‍රමසිංහ මහතා ඇතුළු 122 දෙනෙකු අභියාචනාධිකරණයට ගොනු කර ඇති පෙත්සම ඉවත් කර ගන්නවා ද නැද්ද යන්න සම්බන්ධයෙන් උපදෙස් ලබා ගෙන අධිකරණයට කරුණු දැක්වීම සඳහා කල් ලබා දෙන ලෙස ය.
ඒ අනුව පෙත්සම් විභාගය ලබන මස 6 වන දාට කල් තැබීමට ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කළේ ය.
COMMENTS