තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම පිළිබඳ කොමිෂන් සභාව විසින්, 2015 සහ 2016 වසර සඳහා අගමැති රනිල් වික්‍රමසිංහ ගේ වත්කම් සහ බැරකම් ප්‍රකාශය හෙළි...
තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම පිළිබඳ කොමිෂන් සභාව විසින්, 2015 සහ 2016 වසර සඳහා අගමැති රනිල් වික්‍රමසිංහ ගේ වත්කම් සහ බැරකම් ප්‍රකාශය හෙළිදරව්කරන ලෙස සිදු කරන ලද නියෝගය අභියෝගයට ලක් කිරීමට ජනාධිපති කාර්යාලය විසින් තීරණය කර ඇති බව ට්‍රාන්ස්පේරන්සි ඉන්ටනැෂනල් ශ්‍රී ලංකා ආයතනය සඳහන් කරයි.
නිවේදනයක් නිකුත් කරමින් ට්‍රාන්ස්පේරන්සි ඉන්ටනැෂනල් ශ්‍රී ලංකා ආයතනයේ විධායක අධ්‍යක්ෂ අසෝක ඔබේසේකර මහතා පැවසුවේ, “නව වසරේ පොරොන්දු වූ පරිදි, දූෂණයට එරෙහිව සටන් කිරීමට ජනාධිපතිවරයා විසින් කැපවී සිටින බව ප්‍රකාශ කර තිබියදී දූෂණ චෝදනා එල්ල වී ඇති අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ වත්කම් ප්‍රකාශය ජනතාව වෙත හෙළිදරව්කිරීම ජනාධිපති කාර්යාලය විසින් අවහිර කිරීමට දරන උත්සාහය විමතිසහගත බවය.
ජනාධිපතිවරයා සහ අගමැතිවරයා ගේ වත්කම් ප්‍රකාශ නිකුත් කරන ලෙස ඉල්ලමින් ට්‍රාන්ස්පේරන්සි ඉන්ටනැෂනල් ශ්‍රී ලංකා ආයතනය මූලික ඉල්ලීම කරනු ලැබුවේ 2017 වසරේ පෙබරවාරි මාසයේදීය.
එම ඉල්ලීම, ජනාධිපති කාර්යාලය විසින් ප්‍රතික්ෂේප කිරීම හේතුවෙන්, ට්‍රාන්ස්පේරන්සි ඉන්ටනැෂනල් ශ්‍රී ලංකා ආයතනය විසින්, එකී තීරණය තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම පිළිබඳ කොමිෂන් සභාව වෙත ඉදිරිපත් කරන ලදී.
ඒ අනුව ලබා දුන් තීන්දුවේදී තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම පිළිබඳ කොමිෂන් සභාව අවධාරණය කර සිටියේ,පොදු ධනය තම පෞද්ගලික භුක්තිය සඳහා එක් රැස් කිරීමට තැත් කරන තැනැත්තන් එසේ කිරීමෙන් සහ දූෂණය වළකාලීම සඳහා තොරතුරු දැනගැනීමේ පනත බලවත් මෙවලමක් ලෙස ක්‍රියා කරන බවයි.
ට්‍රාන්ස්පේරන්සි ඉන්ටනැෂනල් ශ්‍රී ලංකා ආයතනය තවදුරටත් සිය නිවේදනයේ දක්වා ඇත්තේ, පාර්ලිමේන්තු මන්ත්‍රීන් කිහිපදෙනෙකුම තම වත්කම් ප්‍රකාශ හෙළිදරව් කිරීමට සිය කැමැත්ත පළ කර ඇති බැවින්, ජනතා ඡන්දයෙන් තේරී පත්වූ සෑම මහජන නියෝජිතයන්ගෙන්ම, ස්ව කැමැත්තෙන් වත්කම් ප්‍රකාශ හෙළිදරව් කරන ලෙස ට්‍රාන්ස්පේරන්සි ඉන්ටනැෂනල් ශ්‍රී ලංකා ආයතනය ආයාචනා කරන සිටින බවය.
COMMENTS