දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
මෙවර ජාතික දින උළෙලේ විශේෂ ආරාධිත අමුත්තා මාලදිවයින් ජනපති
Homeගොසිප්

මෙවර ජාතික දින උළෙලේ විශේෂ ආරාධිත අමුත්තා මාලදිවයින් ජනපති

PropellerAds

 ශ්‍රී ලංකාවේ 31 වැනි ජාතික  දින උත්සවයේ විශේෂ ආරාධිත අමුත්තා ලෙස මාලදිවයින් ජනාධිපති ඉබුහිම් මොහොමඩ් මුසොලීන් මහතා සහභාගි වන බව අභ්‍යන්තර ...

වසර 20 කට පසු තිලංග ක්‍රිකට් සභාපති තරගය අතහරී
ඉදිරි මැතිවරණයේදී එජාපය වෙනුවට ජාප්‍රපෙ නමින් සන්ධානයකින් එනවා - රනිල්
අම්බානි දියණියගේ විවාහ මංගල්‍යයේ නර්තන අධ්‍යක්ෂණය චන්දනගෙන්
 ශ්‍රී ලංකාවේ 31 වැනි ජාතික  දින උත්සවයේ විශේෂ ආරාධිත අමුත්තා ලෙස මාලදිවයින් ජනාධිපති ඉබුහිම් මොහොමඩ් මුසොලීන් මහතා සහභාගි වන බව අභ්‍යන්තර හා ස්වදේශ කචයුතු සහ පළාත් පාලන හා පළාත් සභා අමාත්‍ය වජිර අබේවර්ධන මහතා පැවසීය.

ජාතික දින උත්සවය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ සහභාගිත්වයෙන් පෙබරවාරි මස 4 වැනි දින පෙරවරු 8.00 ට කොළඹ, ගාලුමුවදොර පිටියේදී අභිමානවත් අයුරින් පැවැත්වෙන බවද ඇමැතිවරයා සඳහන් කළේය.

71වැනි ඡාතික නිදහස් දින සැමරුම් වෙනුවෙන් පෙබරවාරි 01 වැනි දා සිට 07 වැනිදා දක්වා සෑම රජයේ ගොඩනැගිල්ලකම ජාතික කොඩිය එසවීමට සහ පෙබරවාරි 03 සහ 04 දිනවලදී එම ගෙඩනැහිලි විදුලි ආලෝකයෙන් අලංකාර කිරීමටත් රජය උපදෙස් දී ඇත.

පෙබරවාරි 01 වැනිදා සිට 07 වැනිදා දක්වා වූ සතිය තුළ සෑම රජයේ, ව්‍යාපාර ස්ථානයකම ඡාතික ධජය ඔසවන ලෙස මහජනතාව ගෙන් ඉල්ලා සිටින බව අමාත්‍යවරයා පැවසීය. මෙවර ජාතික නිදහස් දින උළෙල නර්තන හා වාදන ශිල්පීන් 856 දෙනකු සහභාගී වන සංස්කෘතික පෙරහරකින්ද ත්‍රිවිධ හමුදාවේත් පොලීසියෙන් සිවිල් ආරක්ෂික බළකායේ සහ ඡාතික ශිෂ්‍යභට බළකායේ ආචාර පෙළපාළියකින්ද විචිත්‍රවනු ඇත. ප්‍රධාන ඡාතික දින උළල කොළඹ පැවැත්වෙන බැවින් ගම්පහ සහ කළුතර දිස්ත්‍රික්කවල හැර දිවයිනේ අනෙකුත් සෑම දිස්ත්‍රික්කයකම ප්‍රධාන නගරවල දිස්ත්‍රික්ලේකම්වරුන්ගේ මෙහෙයවීමෙන් ජාතික දින උළෙල පැවැත්වීමට කටයුතු යොදා ඇති බවද ඇමතිවරයා සදහන් කළේය.

කොළඹ  නිදහස් චතුරස්‍රයේ පිහිටි නිදහස් ශ්‍රී ලංකාවේ ප්‍රථම අග්‍රාමාත්‍ය  ඩී.එස්. සේනානායක මහතාගේ පිළිරුවට පුෂ්පෝපහාර දැක්වීම 4 වැනිදා උදෑසන සිදු කෙරේ. ජාතික නිදහස් දිනය වෙනුවෙන්, පෙබරවාරි 02 වැනිදා රාත්‍රී 9.30 සිට කොළඹ නිදහස් චතුරස්‍රයේදී සර්ව රාත්‍රික පරිත්‍රාණ ධර්ම දේශනයක් පැවැත්වෙන අතර 03 වැනිදා උදෑසන 7.00ට ශ්‍රී සම්බෝධි විහාරස්ථානයේදී මහ සඟරුවනට හීල් දානය පිරිනැමේ.

 හින්දු ආගමික වතාවක් 04 වැනිදා උදෑසන 6.30ට කොළඹ 04, මානික්කපිලෙයාර් කෝවිලේදී පැවැත්වෙන අතර ඉස්ලාම් ආගමික වතාවත් එදින පෙරවරු 6.00ට ඡාවත්ත ජුම්මා මස්ජිදයේදී පැවැත්වේ.

රෝමානු කතෝලික  මෙහෙය 04 වැනිදා උදෑසන 6.15ට කොම්පඤ්ඤවිදිය ශුද්ධ වු ජපමාල මාතා ස්ථානයේදීත්, ක්‍රිස්තියානි මෙහෙය එදිනම උදෑසන 6.15 සිට කොළඹ 06. මායා විදියෙහි පිහිටි ප්‍රෙස්බිවේරියන් දේවස්ථානයේදීත් පැවැත්මට නියමිතයි.

-නිමල කොඩිතුවක්කු-
Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29318,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: මෙවර ජාතික දින උළෙලේ විශේෂ ආරාධිත අමුත්තා මාලදිවයින් ජනපති
මෙවර ජාතික දින උළෙලේ විශේෂ ආරාධිත අමුත්තා මාලදිවයින් ජනපති
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEiYdJdXOrew4QbLT30o28xUrezGgLGpmYZslXnQctEF8ACxSTErsQq9sp-l_0LTQTtxyhmh9oXNCSUHqflIc4pP6mihl9SQAl5WtRL0FqH2n9q9cMMm3_bdOelVDl4da1ThIjmlU7_RSnA/s1600/FFF.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEiYdJdXOrew4QbLT30o28xUrezGgLGpmYZslXnQctEF8ACxSTErsQq9sp-l_0LTQTtxyhmh9oXNCSUHqflIc4pP6mihl9SQAl5WtRL0FqH2n9q9cMMm3_bdOelVDl4da1ThIjmlU7_RSnA/s72-c/FFF.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2019/01/blog-post_486.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2019/01/blog-post_486.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy