සමගි ජන බලවේගය පසුගිය 16 වන දින පැවැත්වූ විරෝධතා රැලිය වළක්වමින් බාධා කළ සියලු ම පොලිස් නිලධාරීන් සම්බන්ධයෙන් මානව හිමිකම් කොමිසම වෙත පැමි...
සමගි ජන බලවේගය පසුගිය 16 වන දින පැවැත්වූ විරෝධතා රැලිය වළක්වමින් බාධා කළ සියලු ම පොලිස් නිලධාරීන් සම්බන්ධයෙන් මානව හිමිකම් කොමිසම වෙත පැමිණිලි කරන බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී බුද්ධික පතිරණ මහතා පවසයි.
ඔහු සඳහන් කළේ, මේ වන විට ආසන සංවිධායකවරුන් හරහා ඒ ඒ ආසන තුළදී මෙම විරෝධතාවන්ට බාධා කළ පොලිස් නිලධාරීන් පිළිබඳ නාම ලේඛනයක් සකස් කරමින් පවතින බව ය.
අද (නොවැ.19) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ බව ප්‍රකාශ කළේ ය.
ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ සිට පහළ ම කොස්තාපල්වරයා දක්වා එම විරෝධතාව සඳහා බලපෑම් එල්ල කළ සියලු ම නිලධාරීන්ගේ තොරතුරු සජබ කාර්යාලය වෙත ලබා ගැනීමට මේ වන කටයුතු කර ඇති බව ද ඔහු සඳහන් කළේ ය.
ඒ අනුව ස්ථිරව ම පක්ෂයේ නීති ලේකම්වරයා ඇතුළු නීතීඥ කණ්ඩායම ඉදිරි කාලයේදී මේ පිළිබඳව මානව හිමිිකම් කොමිසම වෙත පැමිණිලි කරන බව ඔහු පැවසීය.
එවිට අදාළ නිලධාරීන්ගේ පත්වීම්, උසස්වීම් සඳහා ද ඉන් බලපෑම් එල්ල වනු ඇතැයි ඔහු වැඩිදුරට ත් සඳහන් කළේ ය.

COMMENTS