නුගේගොඩ අනුලා විද්‍යාලයට තමන් බලෙන් ඇතුළු වූ බවට නඟන චෝදනා ප‍්‍රතික්ෂේප කරන බව බස්නාහිර පළාත් ආණ්ඩුකාර අසාද් සාලි මහතා පවසයි. දහම් පාස...
නුගේගොඩ අනුලා විද්‍යාලයට තමන් බලෙන් ඇතුළු වූ බවට නඟන චෝදනා ප‍්‍රතික්ෂේප කරන බව බස්නාහිර පළාත් ආණ්ඩුකාර අසාද් සාලි මහතා පවසයි.
දහම් පාසල් දරුවන් මහ පාරට ඇද දමා ඇති බැවින් තමන් එහි ගොස් මැදිහත් වී දරුවන්ට දහම්පාසල විවෘත කර දුන් බවත් එය වරදකැයි තමන් නොදකින බවත් බෞද්ධාගම වෙනුවෙන් තමන් ඉදිරිපත් වීම වරදක් දැයි තමන් ප‍්‍රශ්න කරන බවත් ඔහු සඳහන් කළේය.
හරි කවුද වැරදි කවුද යන්න පසුව තීරණය කරන තුරු දරුවන්ට දහම්පාසැලේ ඉගෙන ගන්නට දෙන්නැයි තමන් උපදෙස් දුන් බවත් අදාල අංශ විසින් හරි වැරද්ද තීරණය කළ පසු කරන දෙයක් කරන්නැයි තමන් පැවසූ බවත් හෙතෙම පැවැසීය.
එකී දහම් පාසලට එන දැරියන් ගෙන් වැඩි පිරිස අනුලාවේ දැරියන් යැයි පැවසූ ආණ්ඩුකාරවරයා දහම් පාසල් වැසීමට නොව තව තවත් අරින්නට කටයුතු කළ යුතුයැයි ද යම් පුද්ගලයෙක් කළේ යැයි කියන වරදකට දහම් පාසැලේ දරුවන් වගකිව යුතු වන්නේ දැයි ප‍්‍රශ්න කළේය.
ආණ්ඩුකාර පදවිය දරන තමන්ට පක්ෂ පාට හෝ ජාතිය පිළිබඳ කිසිදු වෙනසක් නොවන්නනේ යැයි පැවසූ අසාද් සාලි මහතා ජනතාව වෙනුවෙන් කටයුතු කරන්නට ඒ කිසිවක් උවමනා නොවන්නේ යැයි ද පැවැසීය.
මේ අතර බස්නාහිර පළාත් ආණ්ඩුකාර අසාද් සාළි මහතා විසින් අනුලා විද්‍යාලයේ විදුහල්පතිවරියට තර්ජනය කළ බවට චෝදනා කරමින් නුගේගොඩ අනුලා විද්‍යාලය ඉදිරිපිට අද(14) උදෑසන විරෝධතාවයක් පැවැත්වුණි.
නුගේගොඩ අනුලා විද්‍යාලයේ ප්‍රාථමික අංශයේ පවත්වාගෙන ගිය දහම්පාසල එම විද්‍යාලයේ විදුහල්පතිවරියගේ නියෝගයක් මත ඉකුත් 6 දා සිට එම ස්ථානයේ නොපැවැත්වීමට කටයුතු කෙරුණි.
එවන් පසුබිමක ඊයේ(13) දිනයේදී එම දහම් පාසල විද්‍යාල පරිශ්‍රෙයන් පිටතදී පැවැත්වුණු අතර එම අවස්ථාවේදී එහි පැමිණි බස්නාහිර පළාත් ආණ්ඩුකාර අසාද් සාළි මහතා නැවත එම දහම් පාසල විද්‍යාල පරිශ්‍රෙය් පවත්වන ලෙසට අනුලා විද්‍යාලයේ විදුහල්පතිවරියට දුරකථන ඇමතුමක් මාර්ගයෙන් උපදෙස් දී තිබේ.
මෙම සිදුවීම හරහා අසාද් සාළි මහතා විසින් විදුහල්පතිවරියට තර්ජනයක් සිදුකළ බවට චෝදනා කරමින්එහි සිසුවියන්ගේ මව්පියන් අද පෙරවරුවේ විද්‍යාල පරිශ්‍රය ඉදිරිපිටදී විරෝධතාවයක නිරත වුණි.
COMMENTS