සිව් වසරකට පෙර තමා මෙරට රාජ්‍ය නායකයා ලෙස පත්කර ගනිමින් ජනතාව තැබූ අපේක්ෂා ඉටුකිරීමට ගෙන ගිය වැඩපිළිවෙලේ සාර්ථක මෙන්ම අසාරථක වූ අවස්ථා ද ත...
සිව් වසරකට පෙර තමා මෙරට රාජ්‍ය නායකයා ලෙස පත්කර ගනිමින් ජනතාව තැබූ අපේක්ෂා ඉටුකිරීමට ගෙන ගිය වැඩපිළිවෙලේ සාර්ථක මෙන්ම අසාරථක වූ අවස්ථා ද තිබු බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.
ලැබු ජයග්‍රහණ තවදුරටත් තහවුරු කිරීමට කටයුතු කරනවා සේම ලැබු පරාජයන් ජයග්‍රහණය කරා මෙහෙයවීමට ඉදිරි කාලසිමාව තුළ දී කැපවන බව ජනාධිපතිවරයා අවධාරණය කරයි.
ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා මේ බව අවධාරණය කළේ ලග්ගල නව හරිත නගරය ඊයේ (08) පෙරවරුවේ ජනතා අයිතියට පවරාදීමෙන් අනතුරුව පැවති ජන හමුව අමතමිනි.
ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදය, නිදහස තහවුරු කරමින් සියලූ ජාතින් බියෙන් සැකෙන් තොරව ජීවත්වන සමාජයක් ගොඩනැගීම මෙන්ම නිදහස් මාධ්‍යයක්, ස්වාධීන අධිකරණයක්, අපක්ෂපාති රාජ්‍ය සේවයක් ගොඩනැගීමට සහ ජාතික ආර්ථීකය ශක්තිමත් කිරීමට ඉකුත් සිව් වසර තුළ වැදගත් පියවර රාශියක් ගත් බව ජනාධිපතිවරයා මෙහි දී සිහිපත් කළේය.
රට ගොඩනැගීමට ප්‍රබලතම අභියෝගයක්ව පවතින වංචාව, දූෂණය සහ අක්‍රමිකතාවය පිටුදැකීමට පසුගිය සිව් වසර තුළ සුවිශේෂී කැපකිරීමක් සිදු කළ අතර ඉකුත් අත්දැකීම් ආශිර්වාදයක් කර ගනිමින් දූෂණය සහ වංචාව පිටුදැකීමට ශක්තිමත් වැඩපිළිවෙළක් ඔස්සේ අත්වැල් බැඳ ගැනීමට එක් වන ලෙස ජනාධිපතිවරයා මෙහිදී සියලූදෙනාට ආරාධනා කළේය.
එමෙන්ම මෙහි දී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපතිවරයා කියා සිටියේ වර්තමානයේ රටට අවශ්‍ය වන්නේ පක්ෂ පාටවලට ඛෙදී බලය ගැන පමණක් සිතා පෞද්ගලික න්‍යාය පත්‍රවලට අනුව කටයුතු කරන පිරිසක් නොව පොදු න්‍යාය පත්‍රයක් අනුව රට ගැන සිතා කටයුතු කරන පිරිසක් බවත්, අලූතින් සිතා, අලූතින් සැලසුම් කර අලූත් ගමනක් යාමට ලැබු නව වසරේ අත්වැල් බැඳගන්නා ලෙස තමා සියලූදෙනාට ආරාධනා කරන බවත් ය.
COMMENTS