හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධාන ජ්‍යොතිෂ්‍ය උපදේශකයා වූ සුමනදාස අබේගුණවර්ධන මහතාට මෝටර් රථයක් ලබාදීම වෙනුවෙන් මිහින් ලංකා ආයත...
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධාන ජ්‍යොතිෂ්‍ය උපදේශකයා වූ සුමනදාස අබේගුණවර්ධන මහතාට මෝටර් රථයක් ලබාදීම වෙනුවෙන් මිහින් ලංකා ආයතනයට අයත් මහජන මුදල් රුපියල් මිලියන 8.2ක් අවභාවිතා කර ඇති බව වාර්තා වේ.
සුමනදාස අබේගුණවර්ධන මහතා ශ්‍රීලංකන්, මිහින් ලංකා, ශ්‍රීලංකාන් කේටරින් යන ආයතනවල වංචා දූෂණ විමර්ශනය සඳහා පත්කළ ජනාධිපති කොමිසම ඉදිරියේ පෙනී සිටිමින් මේ බව පිළිගෙන තිබේ.
සුමනදාස අබේගුණවර්ධන මහතා කොමිසම ඉදිරියේ සිදුකළ අනාවරණයට අනුව 2007 වසරේදී Nissan-N16 වර්ගයේ මෝටර් රථයක් මිලදී ගැනීම සඳහා එවකට ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ දැනුම්දීම අනුව මෙම මුදල් නිදහස් කර තිබේ.
සුමනදාස මහතා කොමිසම ඉදිරියේදී පවසා ඇත්තේ හිටපු ජනාධිපතිවරයාගේ ප්‍රධාන ආරක්ෂක නිළධාරියා වූ මේජර් නෙවිල් වික්‍රමාරච්චි මහතා තමන්ට රාජගිරියේ පිහිටි ලීසිං ආයතනයක් වෙත පැමිණෙන්නැයි දැනුම් දුන් බවයි.
ඒ අනුව තමා එහි ගිය බවත් එහිදී මෝටර් රථයක යතුරක් තමන් වෙත ලබාදුන් බවත් ඔහු කොමිසම ඉදිරියේ වැඩිදුරටත් පවසා ඇත.
නීතිපති දෙපාර්තමේන්තුව වෙනුවෙන් කොමිසම ඉදිරියේ පෙනී සිටි රජයේ අධි නීතිඥ චතුර ගුණතිලක මහතා, එවැනි වාහනයක් හිටපු ජනාධිපතිවරයා ලබා දුන්නේ මන්දැයි ප්‍රශ්න කළවිට සුමනදාස මහතා පවසා ඇත්තේ තමන් හිටපු ජනාධිපතිවරයා සමීපව ඇසුරු කළ පුද්ගලයෙකු බවයි.
අදාල මෝටර් රථයේ පෙර හිමිකරු කවරෙක්ද යන්න තමා නොදන්නා බවද ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කර තිබේ.
මෙම මෝටර් රථය 2014 වසර අවසානය දක්වා තමා භාවිතා කළ බවත් 2015 පැවති ආණ්ඩුව බිඳවැටීමෙන් පසු අදාල ලීසිං ආයතනය මෝටර් රථය නැවත තමාගෙන් ලබාගත් බවත් සුමනදාස අබේගුණවර්ධන මහතා පවසා ඇත.
මෙවැනි මෝටර් රථ 26ක් පමණ ශ්‍රී ලංකන් සහ මිහින් ලංකා ආයතනවල භාවිතය සඳහා ලබාගෙන ඇති බව මේ වනවිට කොමිසම හමුවේ අනාවරණය වී ඇති අතර එම මෝටර් රථ සැබෑවටම එකී ආයතනවල භාවිතය සඳහා යොදා ගත්තේද එසේ නැතහොත් එකී ආයතනවලින් පරිබාහිර පුද්ගලයන්ට ලබා දුන්නේද යන්න පිළිබඳ විමර්ශන සිදු කරමින් සිටී.
COMMENTS